නිල් චිත්‍රපට

82558bd755d4bf64f8b1324b360ed554_XL.jpg


මැදමුලන මැර මහින්ද පාලන සමයේ ජනතා මුදල්වලින් විනෝද වූ, ජනතා මුදල් රිසිසේ තම පෞද්ගලික ලාබ ප්‍රයෝජන වෙනුවෙන් වියදම් කළ රාජපක්ෂ හෙංචයියන් අතර අංක එකේ වැජඹෙන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධනය. විදේශ කටයුතු අමාත්‍යංශයේ අධීක්ෂණ මන්ත්‍රී පදවිය දැරූ අතර
ඒ සමයෙහි අමාත්‍යංශයේ ඇමතිවරයා නාමික පුද්ගලයෙකු බවට පත්කොට සජින් වාස් ගුණවර්ධනට අවශ්‍ය පරිදි අමාත්‍යංශය පාලනය කළේය. එම කාලයෙහි තමන්ට රිසිසේ විදේශ රටවල සංචාරය කළ අතර එම සංචාරවලදී ජනතා මුදල් රිසිසේ කාබාසීනියා කළේය.

විදෙස් සංචාරවලදී ඔහු නවාතැන් ගන්නේ දියුණු රටවල රාජ්‍ය නායකයන් නවාතැන් ගන්නා සුපිරි හෝටල්වලය. කන්නේ සුපිරි කෑමය. බොන්නේ සුපිරි බීමය. මේ සියල්ලටම ජනතා මුදල් වියදම් කරන සජින් වාස් ජනතා මුදලින් නිල් චිත්‍රපටි ද බලයි.

2014 වසරේ සැප්තැම්බර් මස 20 සිට 28 දක්වා ඇමරිකානු සංචාරයේදී ඔහු නවාතැන් ගෙන සිටියේ විශේෂ රාජ්‍ය නායකයන් නවාතැන් ගන්නා නිව්යෝක් වෝග් රෝග් ඇස්ටෝරියා හෝටලයේය. මෙම හෝටලයෙන් ඔහු ලබාගත් එක් කෑමවේලක මිල සටහන් වන්නේ රුපියල් 12,125 ක් ලෙසයි. මෙම මුදල මෙරට ජීවත් වන පවුල්වලින් බහුතරයක් මාසයක් පමණ ජීවත්වීම සඳහා වියදම් කරන මුදලට සමානය. තවත් කෑමවේලක් සඳහා රුපියල් 39,119 ක් වැයකර තිබේ.

මෙරට ජනතාවට සේවය කිරීමට අත්දැකීම ලබාගැනීම සඳහා සජින් වාස් මෙම හෝටලයේ සිටින කාලය තුළ වීඩියෝ පහක් හෝටලයෙන් ලබාගෙන ඇති අතර ඒ සඳහා මෙරට ජනතාව දරා ඇති වියදම රුපියල් 17,531.59 කි. මීට අමතරව ජනතා සේවය කරන්නේ කෙසේද යන්න හැදෑරීම සඳහා රුපියල් 4684.46 ක් වියදම් කොට විශේෂ වීඩියෝවක් ලබාගෙන ඇති අතර එය නිල් චිත්‍රපටයකි.

මොහු මෙම හෝටලයේ සිටින කාලය තුළ මත්පැන් කිහිපවරක් ලබාගෙන ඇති අතර එම මත්පැන් සියල්ල ඇමරිකානු ඩොලර් 100 කට වඩා වැඩි වටිනාකමකින් යුතු ඒවාය.

මේ එක් උදාහරණයක් පමනි. සජින් වාස් ඔහුගේ සෑම සංචාරයකදීම මේ ආකාරයෙන් ජනතා මුදල් වියදම් කොට තිබේ.
 

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සල්ලි දීල බ්ලූ බලන්නෙ සජින් ටොරන්ට් ගැන දන්නෑලුද සිඞ්හලු ? :dull: :dull:
ඩිල්වාලේ උත්තර දෙන්න :yes: :yes:
ඔයාගෙ මාස්ටර් ටොරන්ට් ගැන දන්නෑලුද ? :baffled: :baffled:
 

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    සල්ලි දීල බ්ලූ බලන්නෙ සජින් ටොරන්ට් ගැන දන්නෑලුද සිඞ්හලු ? :dull: :dull:
    ඩිල්වාලේ උත්තර දෙන්න :yes: :yes:
    ඔයාගෙ මාස්ටර් ටොරන්ට් ගැන දන්නෑලුද ? :baffled: :baffled:

    ඕක ටොරන්ට් තියා ගූගල් වත් දන්නෙ නැතිව ඇති.