නිල් බලකාය ප්‍රහාරාත්මක මෙහෙයුමක!
රුහුණු සරසවියේ සිසුන් දෙපිරිසක් අතර ගැටුමකින් තුවාල ලැබූ සිසුන් නම දෙනෙක් රෝහලට ඇතුළු කළ බවත් එයින් දෙදෙනෙකුගේ තත්වය බරපතළ බවත් මාධ්‍ය වාර්ථා කළේ ය.
ඒ වුනාට ඒක පෙම් හබයක් වැනි සිල්ලර කාරණයක් නිසා තරුණ කොල්ලන් අතර වූ ගැටුමක් නොවේ. අපට හැගෙන්නට සළස්වා තිබුනේ එහෙම පුංචි කාරණයක් කියා ය.
ආරංචියේ හැටියට මීට කලින් තමන් වෙත එල්ල කරන ලද ප්‍රහාරයක් ගැන පොලීසියේ පැමිණිල්ලක් දැමූ ශිෂ්‍යයින්ට තමන්ට ප්‍රහාරය එල්ල කළ අය අදුනාදීම සදහා සරසවියේ දොරටුව අභියසට එන ලෙසට පොලීසියෙන් ආරාධනාවක් ලැබෙයි.
ඒ වුනාට ඒ ශිෂ්‍යයින් පිලිගන්නට එතැනට එන්නේ පොලීසිය නොවේ. ආයුධ ගත් මැරයින් ය. උන් අත බයිසිකල් චේන් පමණක් නොව පොලු මුගුරුද කඩු ද තිබි ඇත. මේ ප්‍රවෘත්තිය ගෙනෙන ලංකාඊනිව්ස් කියන්නේ පැමිණ ඇත්තේ නිල් බලකායෙන් බව ය.
ඒ මොන බලකායෙන් වුනත් පොලීසිය සමග එකට වැඩ කරන කල්ලියකින් බව නම් සැක හැර කිව හැකි ය.
බලකායක් හදන විටම හදන්නේ සිල් ගැනීමට නොවන බව වටහා ගැනීමට අපට නුවණක් තිබුනේ නැත. මේ පාදමින් තිබෙන්නේ අපගේ ඒ නැතිව තිබූ නුවණ විය හැකි ය.
ඒ ගැන පින් දෙනවා හැරෙන්නට පහර කෑ ශිෂ්‍යයින්ට ඔවුන්ගේ දෙමාපියන්ට හෝ රටේ ජනතාවට මේ ගැන කළ හැකි යමක් නැත.
ආණ්ඩුවට කඩේ යන උදවියට කළ හැකි එක් දෙයක් තිබේ. ලංකාඊනිව්ස් එකත් නිව්ස් එකක් දැයි ඇසීම ය. ඒ ප්‍රශ්නය ඇසුවද ඒ හරහා නිල් බලකාය නිදොස් කිරීමට හැකි වුවද පුංචි කහටක් තව දුරටත් ඉතිරි වේ.
ඒ පොලීසියේ ආරාධනාව හා ඒ සමග බැදුනු ප්‍රශ්නය යි. වදින්න ගිය දේවාලෙ ඉහේ කඩා වැටුනහම මිනිසුන්ට ඉතිරි වන්නේ විකල්ප කිහිපයක් පමණකි.
එහෙම හිතෙන විටම අපගේ ශරීරය කිලිපොලායන පරණ කාරණයක් අප ඉදිරියේ දිග හැරේ. ඒ අප කැරලි දෙකක් ද දික්ගැස්සුණු යුද්ධයක් ද අත්විදි ජාතියක් බව අපට අමතක වෙමින් තිබෙන බව ය.
මේ කියන බලකාය පොලීසියේ ද සහය ඇතිව වින්නඹු කම් කරමින් සිටින්‍නේ රතු බලකායක උත්පත්තියකට ද?
http://beyondframe.wordpress.com/2011/01/22/11jan22/