නිල් මල - මගේ කෙටිම කෙටි කතා - 01

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    එවන්ස්..... එවන්ස්........ ඔයා කොහෙ ද.....?

    ඉතිරි ටික කියන්නත් කලින් මම මෙරීනාගේ පැත්තට හැරුන නිසා එයා කියන්න ගිය දේ ගිල ගත්තා.

    මම ඇගේ උරහිස් වලින් අල්වා ගතිමි. ඈ වැළද ගැනීමට තරම් මගේ හිත හයියක් නැත. කොහොමටත් අප තවමත් එතරම් සමීප නැත. සිත් ඇතුළින් ප්‍රේමයක් මා වෙතින් ඈ කෙරෙහි ද එලෙසම ඈ කෙරෙන් මා වෙත ද ලියලා ආ බව රහසේම අප දෙදෙනාම දන්නා නමුත් එකිනෙකාට ඒ බව කියා සිටින්නට තරම් එකෙකුවත් එඩිතර නොවීමු. අනෙක එතරම් මිත්‍රශීලී නොවූ තරමක් සැර පරුෂ ඇගේ පියා ද ඈ පසුපස මඟක් දුර විත් නැවතී ඈතින් සිට අප දෙස බලා සිටින බව මා දුටුවෙමි.

    ඇය ද මම ද එකිනෙකාගේ දෑස දෙස බලා ග්‍රීන්වේ පාලම මැද මොහොතකට තනි වීමූ. ඒ මොහොතේ සුළඟ පවා නතර වන්නට ඇත. ග්‍රීන්වැලි නදිය පවා නතර වූවා විය යුතුය. මන්ද ඒ මොහොතේ මා හට කිසිවක් ඇසුනේ නැත. ඈ මා ඉදිරියේ සිටියෙන් අවට කිසිවක් පෙනුනේ නැත. ඉතින් ඒ මොහොතේ ඈ හා මා පමණි.

    "මේරි......"
    "මට යන්න වෙනවා....."

    හිතේ උපන් දුක සඟවා ඈ හා කතා කරන්නට පටන්ගතිමි.

    "මම ඔයාට කිව්වේ.... මතක ද? මට ඉක්මනින් යන්න වේවි කියලා."

    "අනික........මේ යුද්දේ ඉවර කරන්න තව මාස ගානකින් පුළුවන් බව ඊයේ ප්‍රධානීතුමා කිව්වා මතකයිනේ"

    ඈ බිම බලා ගත්තාය.

    "ඒත් පරෙස්සම් නැති වේවි. ඉදිරිපෙළ සටන් තවත් වැඩි වේවි එවන්ස්. ඔබ මට පොරොන්දු වුණා මම දුන්න මල යුද්දය ඉවර වුණාම ආයෙත් මට දෙන්න. ඔබ පොරොන්දු කඩන්න ද යන්නේ."

    මා නිරුත්තර වුණෙමි. ඈ වැළද ගන්නට වුවමනා වූවත් ඉවසා සිටියෙමි.

    මීට මාස කීපයකට පෙර අවතැන් කදවුරෙහි දී පළමු වතාවට ඈ හා මා මුණගැසුන ද ටික කලෙකින් අප දෙදෙනා හොඳ මිතුරන් වූ අතර දවසේ වැඩි කොටසක් අප දෙදෙනාගේ කතාවට වෙන්කර ගන්නට පුරුදු වීමු.

    ඈට පෙර දින වල සිටම වුවමනා වූයේ මා යුද්දයට සෙබලෙකු ලෙස රැගෙන යාම නවතා දැමීමට ය. අවැසි නම් මා හට එලෙස නොයා රැදී සිටින්නට හැකි බවද ඈ දනී. ඈ යුද්ධ නිසා සිදු වූ ජීවිත අහිමි වීම් හා දුක්ඛිත වෙන්වීම් ගැන ඈ අසා දැක ඇති කතා නිතර නිතර මා හා කියන්නට අමතක නොකලා ය.

    එහෙත් මට මෙසේ ග්‍රීන්වැලියේ දකුණුපස ඉවුරේ නිකමෙක් වෙන්නට හිත නොදුන්නේ උතුරෙහි යුදගිනි කෙතරම් දැයි දන්නා හෙයිනි. එහි මගේ සොහොයුරා ද ගමේ මිතුරන් ද සතුරන්ට එරෙහිව තම යුතුකම් ඉටුකරමින් සිටියදී පසෙකට වී හිදීම ම වරදකාරී හැඟීමක් උපදවන්නක් විය. ඉතින් මා යා යුතුව ඇත. අනෙක හෙට ගැන කාට නම් කිව හැකි ද? මා ඈ හා දැනට මෙහිම රැදී සිටිය ද තව ටිකකින් අනිවාර්ය සේවයට කැදවීමක් නොඑතැයි නිසැකවම කියන්නට කාටවත් බැරිය. ඊට පෙර මෙසේ වෙන්වයාම එක් අතෙකින් අස්වැසිල්ලකි. එලෙසම ඈ හට තවත් බලාපොරොත්තු දීමට මා සිටිය යුතු නැත. ඇයට නොපෙනෙන්නට ග්‍රීන්වේ පාලම මතින් යන්නට සිතුවේ ඈ දුක් වෙන හැටි බලන්නට මට නුවුවමනා වූ නිසා ය. ඒත් ඇගේ විමසුම් ඇසින් අවසාන මොහොතේ ගැලවීගත නොහැකි විය.

    "අපිව අමතක වේවි ද?"
    බිඳුණු හඩින් ඈ විමසුවාය.
    ඈ ඉතා දුකෙනි. හැඩුම් එන්නට ඉතා ළඟය.

    "නෑ..... කිසිදාක ඔයාව අමතක වෙන්නේ නෑ."

    "මම ඇහුවේ මා ගැන පමණක් නෙවෙයි, අපිව අමතක වේවි ද කියලා."
    ඈ සිනා සෙන්නට වෙර දරමින් කීවා ය.

    මම ඈ තුරුල් කර ගතිමි.
    "කවදාවත් ඔයාව අමතක වෙන්නේ නෑ."

    මා ඇයට පිටුපා උතුරු දෙස බලා මා රැගෙන යාමට පැමිනි රථය සහ සෙබලු දෙදෙනා වෙත හැරුනෙමි. ඈ මගේ දකුණතින් අල්ලාගත්වනම සිටින බව තේරුන ද මා ඉදිරිට ඇදුන හෙයින් ඇගේ අත ලිහිල් වී මගේ අත නිදහස් විය. සිහින් ඉකිගැසීමක් මට ඇසුනි. එහෙත් නැවත මා ඈ දෙස නොබැලුවෙමි. ඒ ඈ හඩනවා මට බලන්නට බැරි නිසා ය.

    සතුරු ගුවන් යානාවලට ග්‍රීන්වැලියේ දකුණු ඉවුරේ වූ අවතැන් කදවුරු නොපෙනේවා යි මම සිතින් ප්‍රාර්ථනා කළෙමි.

    ගමනට පෙර දසවතාවක් පමණ පිරික්සා බැලූයෙන් ඈ මට දී තිබූ නිල් කඩදාසි මල ගමන් මල්ලේ සුරක්ශිත බව හොදින්ම දනිමි.

    -නිමි-
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,336
    20,915
    113
    මෑ මල, ගැනත් ලියපන් ඔය ගැම්මටම
    ඒවා ගැන මේකෙ ලියන්න ඕන තරම් අය දැනටම ඉන්නවා නේ ද?

    Thawa liyapan machan. awasaana wenakan kiyewwa eka husmata.... daruwa balanna aayemath evansta enna labunoth daruwa sathutu wei, aadamabara wei ammai thaththai gana !
    Subha pathum machan !
    Thanks mchn (y)
    ------ Post added on Jul 31, 2021 at 1:01 PM