නිල්_චිත්‍රපටය
මෙරට ජාතික ධජයට හා සංඝයා වහන්සේලාට අවමන් කරන "නිල්" චිත්‍රපටයේ දර්ශනයක්
ලන්ඩන් නුවර කොටි හිතවාදීහු පසුගියදා ශ්‍රී ලංකාවේ ජාතික ධජය ප්‍රසිද්ධියේ පුළුස්‌සා දැමීය. එහෙත් 1975 දී ශත 75 ක් අතැතිව කොළඹට පැමිණි අයෙක් 2012 දී ඇමරිකාවට ගොස් ජාතික කොඩිය යටිකුරු කර ඉන් සිය විලි වසා ගත්තේය.
ශ්‍රී ලංකාවේ ජාතික ධජයෙන් මේ විලි වසාගත් තැනැත්තා කව්දැයි පසුගිය මැයි 12 වැනිදා විදෙස්‌ගත ශ්‍රී ලාංකිකයන් දැනගත්හ.
මෙලෙස ජාතික ධජයට අවමන් කරමින් විලි වසාගත් ගත් මොහු වෙනින් කවුරුත් නොව මීහරකා චිත්‍රපටයේ හරක් දක්‌වන්නාගේ චරිතය මැවූ ලින්ටන් සේමගේයි.
කොටි ත්‍රස්‌තයන් ළදරුවන්ව කැතිවලින් කපා බිහිසුණු ලෙස ඝාතනය කරද්දී හා කොටි බෝම්බකරුවෝ පාසල් දරුවන් සිටි බස් රථ බෝම්බ අටවා ඔවුන්ගේ සිරුරු කැබලි කරද්දී නිහඬව සිටි මොහු පසුගියදා ශ්‍රී ලංකාවට අවමන් කරමින් ඇමරිකාවේ සිට චිත්‍රපටයක් නිර්මාණය කළේය.
"නිල්" (blue) නමින් හැඳින්වූ එම දීන චිත්‍රපටය සම්බන්ධව සේමගේ නමැත්තා මෙලෙස ප්‍රකාශ කර ඇත.
"මම පාදඩයා කියා චිත්‍රපටයක් හැදුවා. එම චිත්‍රපටයෙන් කියන්නේ වැවක වතුර දීම වෙල් විදානේ විසින් නතර කිරීමයි. ඒ වගේම ප්‍රභාකරන් නන්දිකඩාල් කලපුව වැහැව්වා. සොරොව්ව වැසුවා. 2009 දී ප්‍රභාකරන්ව මරලා දැම්මා. මම නිතරම රට ගැන අවදියෙන් ඉන්නේ. රට ගැන හිතනවා. දුර සිටියත් මම රටේ වෙන දේවල් වෙනවා. අතුරුදන් වූ, මරපු මාධ්‍යවේදියෝ 56 ක් ඉන්නවා. මම ඒ අය ගැන චිත්‍රපටයක් කළේ නැත්නම් එය පාපකර්මයක්. රිචඩ් සොයිසා, ලසන්ත වික්‍රමසිංහ මගේ මිත්‍රයෝ. මම මේ නිර්මාණය කරපු චිත්‍රපටයේ නිරුවත් දර්ශන තිබෙනවා. සංඝයා වහන්සේලා නිරුවත්ව කාන්තාවන් සමග පාක් එකේ ඉන්නවා. එසේම සුදු වෑන්වලින් මිනිසුන්ව නිර්වස්‌ත්‍රව ගෙන යන දර්ශනත් "නිල්" චිත්‍රපටයට ඇතුළත් වෙනවා. අද රටට මොකද වෙලා තියෙන්නෙ? ජාතික කොඩියෙන් විලි වසා ගැනීම රටට කරන අගෞරවයක් නොවෙයි. ජාත්‍යන්තරය තුළ අපේ රටට ඇතිවී තිබෙන තත්ත්වය කුමක්‌ද? අද එන්.ජී.ඕ. වලට බනිනවා. මට එන්.ජී.ඕ. මුදල් ලැබුණොත් චිත්‍රපටයක් කරනවා. ජාතිය නිර්වස්‌ත්‍ර වෙලා. ඒ නිසා ජාතික කොඩියට එහෙම කළාම මොකද?
ශ්‍රී ලංකාවත් මෙරට සංඝයා වහන්සේලාවත් දැඩි අවමානයකට ලක් කරමින් ශ්‍රී ලංකා ඇමරිකානු නිෂ්පාදනයක් ලෙස නිර්මාණය කර ඇති "නිල්" නමැති ශ්‍රී ලංකා විරෝධී චිත්‍රපටයෙන් ජාත්‍යන්තර ප්‍රජාවට පෙන්නුම් කර ඇත්තේ කතා කරන්නට කටක් ද, සිතන්නට මනසක් ද, නැගී සිටින්නට දෙපයක් ද නැති බවයි. මෙම චිත්‍රපටයේ නිෂ්පාදකයා ද ඇමරිකාවේ පදිංචිකරුවෙකි.
ප්‍රභාකරන් වසා දැමුවේ නන්දිකඩාල් සොරොව්ව නොව මාවිල්ආරු සොරොව්ව බවවත්, ලසන්ත වික්‍රමසිංහ නමැති මාධ්‍යවේදියකු ඝාතනය නොවූ බවවත් නොදන්නා මීහරකා චිත්‍රපටයේ හරක් දක්‌වන්නා වූ ලින්ටන් සේමගේ මේ නිල් චිත්‍රපටය නිර්මාණය කිරීම පාදඩ ක්‍රියාවක් නොවේද?
මෙරට මාධ්‍ය ක්‍ෂේත්‍රයට කිසිසේත් සම්බන්ධකමක් නැති මොහු ප්‍රභාකරන් විසින් නත්තල් දා මඩු දේවස්‌ථානයේදී මරියදාසන් නමැති ගුවන්විදුලි ශිල්පියාව ඝාතනය කරද්දී කොහේ සිටියේද?
ඇමරිකානු සී.අයි.ඒ. සංවිධානය රහසිගතව මිනිසුන් පැහැරගෙන යද්දී ඇමෙරිකාවේ සිටි මාධ්‍ය නිදහස ගැන හඬ නඟන මොහු ශ්‍රී ලංකාවට එරෙහි රාජ්‍ය නොවන සංවිධාන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කර තිබේ. එහි රඟපාන්නේ ද ඔහුගේ පවුලේ අයයි.
මේ පසුබිම යටතේ ලින්ඩන් සේමගේ නමැත්තා ඇමරිකාවට ගියේ කෙසේද යන්න මෙරට බුද්ධි අංශවලට වාර්තා වී ඇත.

හෙණම ගහන්න ඕනේ.