නිල්_මීපැණි

dxx

Well-known member
  • Dec 26, 2011
    18,515
    22,196
    113
    colored-honey-bees-france-cells_59936_600x450.jpg



    සාමාන්‍ය රන්වන් පැහැය වෙනුවට නිල් හා කොළ ආදී වර්ණවලින් යුත් මීපැණි නිපදවූ මීමැස්සන් පිළිබඳව ඊසාන දිග ප්‍රංශයෙන් පසුගියදා වාර්තා විය.

    මෙම මීමැසි ගොවිපලවල් වලට ආසන්නව පිහිටි කර්මාන්තශාලාවකින් පිටවූ සීනිමය අපද්‍රව්‍යයක් මීමැස්සන් හට හමුවීම මීට හේතු වී ඇතැයි විදෙස් වාර්තා වල දැක්වේ.

    මෙම සීනිමය අපද්‍රප්‍යය, වෛවර්ණ සීනි ආලේපන වලින් වැසුනු කුඩා චොක්ලට් වර්ගයක් වන එම් ඇන්ඞ් එම් නිෂ්පාදන වලින් ඇති වී ඇති බවට මේ වන විට හෙළි වි තිබේ.

    මෙම සිදුවීම නැවත ඇතිවීම වැළැක්වීමට සියළු පියවර ගෙන ඇති බව කර්මාන්ත ශාලාව විසින් ප‍්‍රකාශ කර ඇත.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බි‍්‍රතාන්‍ය මීමැසි පාලකයන්ගේ සංගමය පවසා ඇත්තේ වෛවර්ණ පැහැයෙන් යුතු සීනිමය අපද්‍රප්‍යය මෙම තත්ත්වයට හේතු වී ඇතැයි සිතිය හැකි බවයි.

    ආහාර අඩු කාලයේදී සීනිමය සම්පත් සොයාගැනීමට මීමැස්සන් රුසියන් වන බවද ඇය වැඩිදුරටත් පවසා ඇත.

    මේ අතර, මෙම අකරතැබ්බයට ලක්වූ ප්‍රංශ මීමැසි පාලකයන් පවසන්නේ මෙම වෛවර්ණ මීපැණි අලෙවි කිරීමට නොහැකි බවයි.




    colored-honey-bees-france-spoon_59940_600x450.jpg


    colored-honey-bees-france-frame_59939_600x450.jpg


    colored-honey-bees-france-colors_59937_600x450.jpg
     
    • Like
    Reactions: NB Diamonds