නිවට_ගමරාල

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මරාගේ ආරක්ෂාවට 209 ක් මදිලු තවත් 85 ක් ගමරාලගෙන් ඉල්ලලා: නිවට නියාළූ ගමරාල ok කරලා

පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ අද අනෙකුත් සාමාන්‍ය මැතිවරණ අපේක්ෂකයෙකුගේ තත්ත්වයේ සිටියා වුවද පොලිස් නිලධාරීන් 105 දෙනෙකුගෙන් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 104 දෙනෙකුගෙන් යුතු මහා පරිමාණ ආරක්ෂක බල ඇණියක් ලබාදී තිබියදී තවත් 85 කගේ ආරක්ෂාවක් ඔහුගේ නව මිත්‍ර දූපත්-පති සහ ආරක්ෂක ඇමැති පල්ලෙවත්ත ගමරාලගෙන් ඉල්ලා තිබේ.

මෙම අලුත් 85 දෙනා පොලිසියෙන් සහ විශේෂ ආරක්ෂක බලකායෙන් යුක්තව ලබාදෙන ලෙසද පල්ලෙවත්ත ගමරාලගෙන් ඉල්ලා ඇති අතර ඔහු එය තම ආරක්ෂක ලේකම් බස්නායකට යොමු කර දන්වා ඇත්තේ මෙය කෙසේ හෝ ඉටු කරන ලෙසය.

හිටපු ජනාධිපතිවරුන්ගෙන් වඩාත් දරුණු ලෙස අනාරක්ෂිත භාවයට පත්වූයේ චන්ද්‍රිකා ජනාධිපතිවරිය වූ අතර ඇයට මරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල වීමෙන් එක් ඇසක් පවා අහිමි විය. නමුත් ඇයට ඇත්තේ සාමාන්‍ය පොලිස් නිලධාරීන් 7 දෙනෙකුගේ ආරක්ෂාවකි. නමුත් දැනටමත් මහින්දට 209 දෙනෙකුගේ ආරක්ෂාවක් ලබා දී තිබියදී මෙලෙස අතිරේක 85 කගේ ආරක්ෂාවක් ඉල්ලා ඇත.

මහින්ද රාජපක්ෂට කිසිදු ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වූයේ නැති අතර ත්‍රස්තයන් යැයි කියා අහිංසකයන්ට ප්‍රහාර එල්ල කෙළේ ඔහු විසිනි. ඒ අහිංසකයන් වතුර ඉල්ලුවද රාජපක්ෂ විසින් වෙඩි තබා මරා දැමුවේය. අද ඔහු ආරක්ෂාවක් නැතැයි කියන්නේ නම් ඒ ත්‍රස්තවාදී ප්‍රශ්නයක් නිසා නොව වතුර ඉල්ලූ දරුවන් මරා දැමූ තමන්ට පව් පඩිසන් දෙතැයි ඇති බිය නිසාය.

කෙසේ වෙතත් නව මිතුරා වන මහින්ද රාජපක්ෂගේ ඉල්ලීම ජනතා ද්‍රෝහී පල්ලෙවත්ත ගමරාල විසින් ඉටු කර දෙනු ඇතැයි දැනගන්නට තිබේ. මේ වන විටත් තම ආරක්ෂකයන් යොදවා භීෂනය ක්‍රියාත්මක කළ මහින්ද රාජපක්ෂ වැන්නෙකුට තවත් 85 ක් ලබා දීම නරියන්ට කුකුලුන් බාර දීමක් වැනිය.
 

toi

Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    logo.jpg

    මේ කෑල්ල past කරන්න බැරිවෙලා බොට...:lol::lol:
     

    Similar threads