නිවන්මග

sgrdk1

Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "නිවන් දැකීමට උපකාරී වන්නේ පරම පවිත්‍ර සිරි සද්ධර්මයයි"​


    13226905_1028586240571712_8384575171408574330_n.jpg
     
    • Like
    Reactions: Ashman and djnick

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    "නවීන ලෝකයේ ජීවත් වන අප තරයේම අවබෝධ කරගත යුතු පරම සත්‍ය වන්නේ බුද්ධ ධර්මය ආගමක්ම පමණක් නොවන බවයි. ආගමක් යනු භක්තියෙන්, විශ්වාසයෙන් ඇදහිය යුතු එකකි.අද ලංකාවේ හෝ වෙනත් බෞද්ධ රටක හෝ ප්‍රායෝගිකව අදහන බුද්ධාගම එදා ගෞතම බුදුපියාණන් දේශනා කර වදාළ උතුම් පරමාර්ථ ධර්මය නොවේ .උතුම් ධර්මය යටපත් කර වෙනත් පදපරම ලෞකික අර්ථයන්ගෙන් විකෘතිකරන ලද ආගමකි. එසේත් නැතිනම් පෙරදිග දේව සංකල්ප වලින් බොහෝ ආගමික ලක්ෂණයන් බුදුදහමට කලින් කල වැද්දා ගැනීම නිසා අදවන විට බුද්ධාගමද තවත් එක දේව ආගමක් බවටම පත්ව ඇත. නිවන් අවබෝධ කරගන්නට තරම් උසස් ආධ්‍යාත්මික දැනුමක් නැති පෙර කරන ලද, පුරන ලද පුණ්‍ය ශක්තියෙන්ද හීන වූ ආරිය ශ්‍රාවකයින්ද හිඟ වූ (මෙවන් යුගයක ) පසුගිය කාලවකවානුවේ බුද්ධ ධර්මය ඇතුලටද පොදු ජන පහන් සංවේගය සඳහා ගැලපෙන ජන විඥානයට තේරුම්ගත හැකි යම් යම් ඇදහිලි , පුදපුජා, වැඳුම්,පිදුම්,යැදුම්,පැතුම් බුද්ධාගමටත් ඇතුළුවිය. බුද්ධාගමක් ලෙසින් සම්මත වශයෙන් දිගටම පවත්වාගෙන එන්නට මේ ඇදහිලි හා පැතුම් වැඳුම් උපකාර වුනත් නියතවශයෙන්ම මෙයින් ඇති වූ ප්‍රතිපලය වන්නේ උතුම් අධ්‍යාත්මික සුවය වූ සසර දුකින් සදහටම මිදී නිදහස් වන නිවන් මාර්ගය වැසී යටපත්වී යාමයි. ඒ වෙනුවට ජන විඥානයට ගැලපෙන හුදී ජනපහන් සංවේගයට සුදුසු විවිධාකාර වූ වත්පිළිවෙත් පුදපුජා භක්තියෙන් අදහන බෞද්ධ ජන සමාජයක් ලෝකය සුවපත් කරන්නටම ක්‍රියා කරන ස්වභාවයක් වර්තමානයේ දැකිය හැකිවෙයි. ලෝකෝත්තර නිවන නම් වූ සංසාර දුක තෙරුම් ගන්නට හෝ සංසාර දුකින් සදහටම මිදී නිදහස් වන්නට හෝ අද වනවිට කිසිවෙකුටත් අවංක අවශ්‍යතාවයක්ද ඇත්දැයි සැක සහිතය.විලාසිතාවක් ලෙස ලෝකයාට,නෑදෑයින්ට පෙනෙන්නට සුදු ඇඳුම් ඇදගෙන සිල්රෙදි පොරවාගෙන හෝ සිවුරු දරාගෙන තවදුරටත් අධ්‍යාත්මික වශයෙන් කරන්නේ තම තමන්ටම වංචාවක් බව අවංකව තේරුම් ගත යුතුය. හේතුඵල ධර්මය යථා පරිදි තේරුම් නොගෙන මේ උතුම් ධර්මය තේරුම් ගතනොහැකිය.

    ඉතිහාසය විසින් බොහෝ දේවආගමික ලක්ෂණයන් එනම් යැදුම් පැතුම් වැඳුම් පිදුම් බුද්ධ ධර්මයට ඇතුලත් කර ගැනීමට පටන්ගත්තේ ගෞතම බුදු පියාණන් පිරිනිවන්පා වදාළ දිනයේ ආරම්භ වූ බවත් පැහැදිලිවම පෙන්නුම් කල හැකිය.විශේෂයෙන්ම උතුම් බුද්ධධර්මය යටපත්වී, නිවන් මග වැසී ,ආගමික සංකල්පයන් ඇදහිලි ලෙසින් බුද්ධාගම ප්‍රචලිත ඉන්දීය ,භාරතීය දේව ආගමික සංකල්ප වැද්දා ගැනීමෙන් පසුවය. උතුම් බුද්ධ ධර්මය නිවන් දකින මාර්ගයක් මිස කිසිසේත්ම ආගමක් නොවේ. නිවන් දකින්නට උපකාරවන උතුම් බුද්ධ ධර්මය යම් කෙනෙකු විසින්,තමා තුලින් යථාභූත ඥාන දර්ශනයෙන්ම දැකගත යුතු ධර්මයකි. අද වන විට බුද්ධාගම නමින් පසුව සකස් කර ගන්නා ලද ආගමික සංකල්පයන් බුද්ධ ධර්මය ආශ්‍රයෙන්ම එහි යම් යම් ලක්ෂයණයන්ද භාවිත කරමින්ම , ඒ පද වැල්ම භාවිතා කරමින් වෙනත් අර්ථයකින් බහුල වශයෙන්ම දේව සංකල්ප හා අනෙකුත් ආගම් වල ඇති ජනප්‍රිය වැඳුම් පිදුම් යැදුම් පැතුම්ද එකතු කරගෙන අද වන විට ආගමක් සේ අදහන්නට පටන් ගෙන ඇත.බුද්ධාගමද භක්තියෙන් අදහන ආගමකි. අද ලංකාවේ ජීවත්වන බෞද්ධාගමිකයෝ උපතින්ම ,පරම්පරාවෙන්ම උප්පැන්න සහතිකයේ සටහන් වන පරිදි බෞද්ධයින් වුවා මිස බුද්ධ ධර්මය යථා පරිදි දැනගෙන නිවන් දකින්නට පරමාර්ථ වශයෙන් අවශ්‍ය වන ධර්ම මාර්ගය අනුගමනය කරන ධම්මානුධම්ම ප්‍රතිපදාවෙහි හැසිරෙන නියම නිවැරදි බෞද්ධයින් නොවේ. නියම බෞද්ධයින්නම් කෙලෙස් බව උදුරා දමන්නට උපකාර වන නිවැරදි ප්‍රතිපදාව සොයා දැන , ඒ ප්‍රතිපදාවම අනුගමනය කරන්නන්ම විය යුතුය. මේ අනුව අද ලංකාවේ මෙන්ම ලෝකයේ බොහෝ රටවලද බෞද්ධයින් යයි බාහිරයෙන් පෙන්නුම් කරන්නට උත්සහ කරන ගිහි පැවිදි පිරිස බුද්ධාගමේ නාමයෙන්ම , ආගම ජීවන වෘත්තියක් හැටියට භාවිතා කරන්නට පටන් ගෙන ඇත.විශේෂයෙන්ම බොහෝමයක්ම බෞද්ධ ශ්‍රමණ ප්‍රතිරුපකයින් ‌ අද වන විට විවිධාකාර වූ ව්‍යාපාරයන් කරමින්, බුද්ධ ධර්මය නාමික වශයෙන් භාවිතා කරමින්, මහජනයා මුලා කරමින්,දේශපාලකයින්ගේ බලයද අත්පත් කරගන්නට උත්සහකරන බව පැහැදිලිව පෙනේ.තනතුරු,නිලතල,බලවේග,සංවිධාන ආදිය ධර්මය නොවේ.........."


    .............'පරම සත්‍යය පෙන්වා දුන් බුද්ධ පුත්‍ර අති ගෞරවනීය ''මීවනපලානේ සිරි ධම්මාලංකාර'' ස්වාමින් වහන්සේ'..............
     

    Alaya

    Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    අපි හොඳාකාරවම දන්න දේවල් මේ හාමුදුරුවො හොයා ගත්ත වගේ දාල තියන්නෙ.

    බුදු හාමුදුරුවො ජීවත් උනේ ලංකාවෙ කියල දෙශනා කලේ මේ හාමුදුරුවො නේද
     

    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    නිවන පිළිබඳ අනුමාන ඥාණය ලබා ගත හැක්කේ කෙසේද?


    බුදුන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම අවබෝධ කරගත් විමුක්ති මාර්ගය, භව නසන මාර්ගය තම මුළු ජීවිත කාලය තුළම අනන්ත අප‍්‍රමාණ දෙව් මිනිසුන්ට නිවනට මඟ පෙන්වා දීම සඳහාම දේශණා කළහ. බුදුපියාණන්ගේ පරිනිර්වාණයෙන් පසුව මඟඵල ලැබූ ආර්ය උත්තමයින් වහන්සේලාද මේ නිවන් මාර්ගය දේශණා කර පරම්පරා ගණනාවක් නොනැසෙන ලෙස නිවන් මඟ ආරක්‍ෂාකර දේශණා කරමින් පවත්වාගෙන ආහ. ආර්ය උත්තමයන් වහන්සේලාගේ විශේෂයෙන්ම සිවුපිළිසිඹියාපත් ලැබූ අරහතුන් වහන්සේලාගේ පහළවීම නැවතීමත් සමඟම මේ භව නසන, භව නිරෝධ කරන මඟ කියා පැහැදිළි කර දීමට සමත් කෙනෙකු නැති විය. ඒ ධර්මයම ඒ වචනම යොදා ගෙන පසු කාලයේ භව හදන ජීවන මාර්ගයක් සකස් කර ගන්නට උපකාර වන ආගමක් ලෙස බුද්ධ ධර්මය තේරුම් කර දීමට යාම නිසා නිවන් මඟ වැසී යටපත් විය.

    නිවන් දැකීම යනු කුමක්දැයි තවත් කෙනෙකුට නිවැරදිව ප‍්‍රකාශ කළ හැක්කේ, සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මඟඵල අවබෝධ කරගත් අරිය උත්තමයකුට පමණි. මෙවැනි මඟඵල ලැබූ අරිය උත්තමයෙකුගේ කටහඬ, දේශණා කරන ධර්මය තවත් කෙනෙකුට සෝතාපන්න වීමට පිහිට වේ. සෝතාපන්න යන වචනයෙහිම මේ අරුත ඇත. ”සෝත” යනු ශ‍්‍රවණයයි. ”ආපන්න” යනු මඟට පිවිසීමට උපකාරක බවයි. එසේ නම් සෝතාපන්න යන පදයෙහි තේරුම කඩහඬ අසා ධර්මය ශ‍්‍රවණය කර, නිවන් මඟට පත්වීම යනුයි. සුතමයේ ඥාණය ලැබීමයි.

    මෙය ”පරතෝඝෝෂක ප‍්‍රත්‍යය” යනුවෙන් හඳුන්වයි. ශ‍්‍රවණය හා ඇසීම යනු එකක්ම නොවේ. ශබ්දය ඇසීම, කියන වචන, කටහඬ ඇසීම එකකි. යමක් අසන්නේ හෝ ඇසෙන්නේ උත්සාහයක් නැතිවමය. ශ‍්‍රවණය යනු අවධානයෙන් යුතුව කියන වචන, කියන දේ, කියන විලාසය, අර්ථය, සුන්දර බව නිවැරදිව අවබෝධ කරගෙන ධාරණය කර ගැනීමයි. පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලැබෙන්නේ ධර්මය ශ‍්‍රවණය කිරීමෙනි. බුදුපියාණන් වහන්සේ සිරි මුඛයෙන් දේශණා කළ ධර්මය ශ‍්‍රවණය කිරීමෙන්ම සියලු ශ‍්‍රාවකයින් වහන්සේලාටද මඟඵල ලැබිණි. සෝතාපන්න විය. ඒ අරහතුන් වහන්සේලාද තම ශ‍්‍රාවකයින්ට දේශණා කළ ධර්මය ශ‍්‍රවණය කිරීමෙන් පරපුරෙන් පරපුරට මේ සෝතාපන්න වූ බව පවත්වා ගෙන ආහ. ක‍්‍රමයෙන් මඟ ඵල ලැබූ උත්තමයින් වහන්සේලාගෙන් ලෝකය හිස්වෙත්ම මෙසේ මේ සෝතාපන්න වීමට උපකාරක කටහඬ, ධර්මය ශ‍්‍රවණය කරන්නට නොලැබීම නිසා මඟඵල ලැබූ උත්තමයින්ගේ පරම්පරාව අවසාන විය.

    සෝතාපන්නයෙකු වීමට අවශ්‍ය පළමුවැනිම සාධකය පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලබා ගැනීමයි. තවත් පෘථග්ජන මිනිසෙකුට මේ ලබා දීම කළ හැක්කේ අඩුම වශයෙන් සෝතාපන්න තත්ත්වයට හෝ පත් වූ ආර්ය උත්තමයකුට පමණි. බුදුපියාණන් වැඩසිටි කාලයේදී, අරහතුන් වැඩසිටි කාලවලදී, ඒ අරහතුන් වහන්සේලාගේ කටහඬින් දේශණා කළ ධර්මය ශ‍්‍රවණය කර, පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලැබ, සෝතාපන්න වූ උත්තමයින් නැවත මිනිස් ජාතියක උපන්නොත්, ඒ උත්තමයින් ”ජාත සෝතාපන්න” යනුවෙන් හඳුන්වති. මෙවැනි උත්තමයින් අදද අප අතරම සිටිති. අප අතරම ජීවත් වූවත් ඒ අය වෙන්කර හඳුනා ගැනීම නම් තරමක් අපහසුය.

    කෙසේ වුවත් එවැනි උතුමන් අවබෝධ කරගත් නිවන් මාර්ගඵල හා ධර්ම ඥාණයත් දියුණු කරගෙන තවත් අයටද ධර්මය පැහැදිළි කර දීමට හැකියාව, ශක්තිය ඇත්නම් ඒ කටහඬ අසා, ධර්මය අසා අදද පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලබා, සෝතාපන්න විය හැකිය. මෙය අනුමාණ ඥාණයෙන් නිවන් දැකීමයි.

    ස්වඋත්සාහයෙන්ම, ස්වයංභූ ඥාණයෙන්ම බාහිර කෙනෙකුගේ උපකාරයෙන් තොරව මඟඵල ලබා නිවන් අවබෝධ කර ගත හැක්කේ, බුදුවීමට පෙරුම් පුරණ බෝසත් උත්තමයෙකුට බුදුවන ආත්ම භවයේදී හා පසේ බුදුවරයෙකුට පසේ බුදුවන ආත්මයේදීම පමණි. වෙනත් දෙවියකුට, මිනිසෙකුට හෝ බ‍්‍රහ්මයෙකුට පරතෝඝෝෂක ප‍්‍රත්‍යය නොලබා ස්වඋත්සාහයෙන්ම නිවන් මඟඵල ලැබිය නොහැකිය.

    කවුරුන් කෙසේ විස්තර කළත් සත්‍යය මෙයයි. ”භාවනා කර විදර්ශනා වඩා උත්සාහයෙන් වීර්යයෙන් නිවන් දකිමියි” කියා වසර සියයක් උත්සාහ කළත් ආත්ම ගණනක් උත්සාහ කළත්, මඟඵල ලැබූ උත්තමයකු හමු වී, ඒ කට හඬින් බණ ඇසීමෙන් ලැබූ පරතෝඝෝෂක ප‍්‍රත්‍යයෙන්, කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියෙන් මිස වෙන අයුරකින් මඟඵල ලැබිය නොහැකිමය. අනාර්ය ධ්‍යාන නම් ලැබිය හැකිමය. මෙසේ වීර්යයෙන් උත්සාහ කර, භාවනා කර, සිල් රැක කරන පිං දහම් අපතේ යන දෙයක් නොවේ. භාවනා කිරීම නිසා සමාධියත් ධ්‍යානයත් ලැබෙන නිසා මතු සුගතියකම උපත ලැබීමට වාසනාව ලැබෙයි. කවදා හෝ අරිය උත්තමයකුගේ කට හඬෙන් බණ (බව නසන මඟ) අසන්නට ලැබෙන මොහොතේම ඒ අය මඟඵල ලබන්නට හේතු සම්පත් ලබන්නේය.

    මාර්ග ඵලයට පත්වූ කෙනෙකු මතු කිසි කලෙක නිවන් දක්නා ජාති දක්වා සතර අපායක උප්පත්තියක් නොලබයි. සසර දුකින් මිදුනා වෙයි. සෝවාන් මඟඵල ලාභියෙකු දෙව් ලොව, මිනිස් ලොව හෝ උපත ලබා කෙත් සතක් පසුකර නිවන් දකී. කොතරම් ඉහළ අනාර්ය ධ්‍යානයක් හෝ ලැබුවකු වූවත් මඟඵල නොලැබූයේ නම් දෙව් ලොව, බ‍්‍රහ්ම ලෝක වල උපත ලබා, කළ පිං වල ශක්තිය අවසානයේ යළි සතර අපායක වුවද මතු ඉපදීමට ඉඩ ඇත.

    කළ පින් නිසා සැපම විඳින්නට ගියහොත් සැපට ලොබ වුවොත් රාග, ද්වේෂ, මෝහ වලට යළිත් බැඳෙන නිසා, දුගතියට පත්වීම වැළැක්විය නොහැකිය. මේ කරුණු අනුව පැහැදිළි වන්නේ, මඟඵල ලබා සසර දුකින් සඳහටම මිදෙන්නට නම් “පරතෝඝෝෂක ප‍්‍රත්‍යය” ලබා ගැනීම පළමුවන අවශ්‍යතාවය බවයි.

    අනුමාන ඥාණයෙන් නිවන් දැකීමට අවශ්‍යයෙන්ම පූර්ණ කළයුතු දෙවන කාරණය නම් කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලැබීමයි. කළ්‍යාණ මිත‍්‍රයකු යනු කිසිදු ලාභයක්, ප‍්‍රයෝජනයක්, කීර්තියක්, ප‍්‍රශංසාවක් හෝ ප‍්‍රතිලාභයක් කිසිම අයුරකින් බලාපොරොත්තු නොවී, තම කාලයත්, ශ‍්‍රමයත්, සම්පතුත් අනුන් වෙනුවෙන්ම වැය කරමින් හුදෙක් පරෝපකාරයම, පරාර්ථය සඳහා දුකෙන් තැවෙන හුදී ජනයා කෙරෙහි ඇති වූ අනුකම්පාවෙන් ම තමන් අවබෝධ කරගත් ධර්මය, කළු ධර්මයන් නසන මඟ, නිවන් මඟ වෙනත් කෙනෙකුට පැහැදිළි කර දෙන උත්තමයාය. කරුණාව, මෙත්තාව මුල් කර ගෙන, අවංකව පරම පවිත‍්‍ර චේතනාවෙන්, කෙළෙස් නසන මඟ (බණ) දේශණා කරන උත්තමයා අඩු තරමින් සෝවාන් මාර්ග ඵලයවත් ලබා සිටිය යුතුය.

    මෙයින් පැහැදිළි වන්නේ පෙර කළ පින් ඇත්නම්, උත්සාහය වීර්යය නොඅඩුව පවත්වන්නේ නම්, නිවන් දැකීමට, මඟඵල ලැබීමට අදද කිසි බාධකයක් නැති බවයි. ගිහි වුවත් පැවිදි වුවත් අරිය නොවූ පෘථග්ජන පුද්ගලයකුට, කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියත්, පරතෝඝෝෂක ප‍්‍රත්‍යයත් ලැබෙන තුරාවට මඟඵල ලැබිය නොහැකිය. දෙවිවූවන්ටත්, බ‍්‍රහ්මවූවන්ටත්, මිනිසුන්ටත් කවදා හෝ අරිය උත්තමයෙකුගෙන් බණ අසන්නට ලැබී, ඒ කට හඬින් පරතෝඝෝෂක ප‍්‍රත්‍යයත්, කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියත්, සම්මා දිට්ඨියත් ලැබුණහොත්, ඒ හේතුකොට ගෙන අනුමාන ඥාණයෙන් නිවන් දැකිය හැකිය. පූර්ව භාග නුවණ පහළ වේ. ගඟක් මුහුද කරාම ගලාගෙන යන්නා සේ එතැන් පටන් නිවන පූර්ණය වන තුරු ධර්මතාවයෙන් ධර්මතාවයෙහිම පිහිටා කටයුතු කිරීම එවැනි උත්තමයින්ගේ නියත ලක්ෂණයකි.

    බුදුපියාණන්වහන්සේ දේශණා කළ පරිදි සබ්බාසව සූත‍්‍රයේ “දස්සනේන පහාතබ්බං”, “භාවනාය පහාතබ්බං”, “සංවරේන පහාතබ්බං” යැයි අවස්ථා හතකදී නිවන පූර්ණය වන බව පෙන්වා දී ඇත. මෙහි විස්තර කළ “දස්සනේන පහාතබ්බං” යනු අනුමාණ ඥාණයෙන් නිවන් දැකීම හෙවත් පූර්ව භාග නුවණ පහළ වීමයි. සෝවාන් මඟ ඵල ලැබීම දක්වා ගමනයි. “සං” දැක, “සං” වලින් මිදී නිදහස් වන හැටි දැකීමයි.

    අද නිවන් දැකිය නොහැකිය. නිවන් මඟ වැසී ඇත. මතු බුදුවන මෛත‍්‍රී බුදුන් බුදුවන තුරු ඒ සඳහා බලා සිටිය යුතු යැයි වැරදි අදහස් දරන්නේ අනවබෝධය නිසාමය. මිනිසෙකුව උපන් සියලු දෙනාටම මේ අවස්ථාව සහ ආයු, සැප, බල, වර්ණ, ප‍්‍රඥා ආදී සියලු සම්පත්ද ලැබී ඇති බව නුවණින් දැන, මේ බුද්ධෝත්පාද කාලයක් බවද සිහිපත් කර, පරතෝඝෝෂක ප‍්‍රත්‍යය හා කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියද ලබාගෙන, “බව” නසන මඟද (බණ) අසා දැන ගත හැකි අරිය උත්තමයින් දැන හඳුනා ගෙන, නිවන් දැක ගැනීමට මඟ පාදා ගනිත්වා.

    “මඟ නොදැන, මඟ නොදැක අතරමං නොවෙත්වා.”