නිවසේ වහලය වාස්තු විද්යානුකූලද ??

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    අනේ මචන් පුලුවන් නම් පින්තුර එක්ක දපන්කො,ඔය vවාස්තුව්දයා වචන අපි ගොඩක් උන් හරියට දන්නේ නැ
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    වහල නොගහ දානවා slab එකක්. මුදුන් ලී යටලී පරාල රීප්ප මුකුත් නෑ ඔව් ඒ වගේ ගෙදරක ජීවත් වෙද්දී ..........................
    ඔය හේතුව නිසා බාගෙට ඉදිකර වහලය නොගැසූ ස්ලැබ් පමණක් දමා පදිංචි වූ නිවාසවල පදිංචිවූ අයට එම නිවාස වලදී පලදීම අඩු

    පදිංචි වීමට අපේක්ෂා කරන නිවස වාස්තු දෝෂ සහිත නම් එවැනි නිවසක ජීවත් වීමෙන් ධන හානි දේපල හානි දියුණුවට බාදා දු දරුවන්ට විපත් , අධ්‍යාපන බාධා පමණක් නොව එම නිවැසියන්ට හදිසි මරණ සිදුවීමට වුවද පුළුවන්

    පවුල යන බැඳීමෙන් ශක්තිමත්, වාසනාව හා සිරිකත සපිරි නිවාසක ජීවත්වීම ඔබේ අරමුණ නම් වාස්තු නියමයන් නිසි පරිදී භාවිතාකර එය සාර්ථකව ඉටුකරගැනීමට පුළුවන් බව බොහොම වගකීමෙන් කියන්න පුළුවන්
    මම
    ආසිරි වාස්තු
    බත්තරමුල්ල

    එතකොට තට්ටු නිවාස (apartments) වල ජීවත් වන මිනිස්සුන්ටත් ඔය සෙතේමද ?
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    වාස්තු කියන්නෙ විද්‍යාවක් නොවේ. එකෙන්ම තේරෙනව ඔහෙ දන්න තරම. වාස්තු කියන්නෙ වේද ශාස්ත්‍රයක්. :rofl:

    මචන් උඹ ඉස්කෝලෙ ඉගෙනාගත්ත සයන්ස් කියන විශය විද්‍යාව කියලා හිතන් ඉන්නවනම් උඹට වැරදිලා ඒ වගේම උඹ වැඩිය පොතපත කියවපු එකෙකුත් නෙමෙයි කියලා පේනවා.. පොත පත කියවනකොට විශේෂයෙන් පැරනි ඒවා උඹට අහුවෙලා තියනවද "නොයෙක් විද්‍යාවන්හී කෙල පැමිනි" වගේ වාක්‍ය? දැන් උඹට පැහැදිලි ඇති. වෙද ග්‍රන්ථ වල තියන විශයන් විද්‍යාවන් විදිහට තමයි හඳුන්වන්නේ. ඉස්කෝලෙන් ලබපු දැනුම ලෝකේ සියලුම දැනුම නෙමෙයි. මම හොඳට දැකලා තියන දෙයක් තමයි තව කෙනෙකුගේ දැනුමට නිගා කරන්න උත්සහ කරන්නේ සිදුරු සහිත දැනුමක් ඇති අය. හොඳ දැනුමක් තියන අය කරන්නේ තමා පිලි නොගන්න මතයක් ප්‍රකාශ වුනොත් තර්ක කරන්න ගිහින් අනාගන්නේ නැතුව ඉස්සෙල්ලා ඒ කිව්වදේ ගැන සොයා බලන එක. නමුත් ලිඳේ ඉන්න මැඬියට ලිඳ පේන්නේ මුලු ලෝකෙම විදිහට ඉතින් ඊට පිටින් ලෝකයක් තියනවා කිව්වට ඌ පිලිගන්නේම නෑ. උඹලා ඔය විද්‍යාව කියලා කියන විශයබොහෝම ප්‍රාථමික අවධියක තියන විශයක් නමුත් ගොඩාක් ප්‍රයෝජන තියනවා. මට මේක කියනකොට ඒබ්‍රහම් මැස්ලො කියපු කථාවක් මතක් වුනා.
    If you only have a hammer, you tend to see every problem as a nail.
    Abraham Maslow

    ඉස්කෝලේ විද්‍යාව විතරක් ඉගෙනගෙන වෙන පොතපත පරිශීලනය කරලා නැති අය හැමෝම ලෝකෙ දිහා බලන්නේ 11 වසර විද්‍යාව පාඩම තමයි ලෝකේ පරම සත්‍ය කියලා හිතාගෙන..:sorry:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අනේ මචන් පුලුවන් නම් පින්තුර එක්ක දපන්කො,ඔය vවාස්තුව්දයා වචන අපි ගොඩක් උන් හරියට දන්නේ නැ

    ඔව් පින්තූර දැම්මනම් පැහැදිලියි.. මටත් ටිකක් මඤ්ඤං වගේ.. :yes:
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    Owa wiswasa karana un gananam aththatama mata dukai

    mona karannada wadak nathi untath "job" ekak epai

    ekane oya "wasthu" kiyala ekaka hadagena minisunwa gonata andanne
     
    sarinda100

    Well-known member
  • Feb 13, 2010
    1,708
    545
    113
    colombo
    ඔබගේ ලිපිය ගොඩක් වටිනවා මට දැනගන්න ඕන එක දෙයක් වාස්තු දෝෂ සදහා 3 න් 4 ‍දෙනෙක් ඇවිත් ‍නිවස පරික්ෂා කරතොත් කියන්නේ එක එක දේවල්.
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ජොනී බට්ට;16879196 said:
    එතකොට තට්ටු නිවාස (apartments) වල ජීවත් වන මිනිස්සුන්ටත් ඔය සෙතේමද ?

    මෙහෙමයි ,

    ගෙයක් හදද්දී ඒ ගෙදර ප්‍රදානිය නැත්නම් ගෘහමුලිකයට ගැලපෙන විදිහේ (සීහෙන පරිදි) නැකැත් අනුව වැඩ අරඹා රියන ආදී මිමි ගෘහමුලිකගේ බාහුවේ පරිදි ගැනීම ,ප්‍රදාන උළුවස්ස තැබීම යටලී තැබීම ආදී අවස්ථා ගෘහමුලිකයට ගැලපෙන නැකැත් අනුව කිරීම පුරාන වාස්තු ක්‍රමය වනවා , එහෙම නිවැරදි වාස්තු ක්‍රම අනුගමනය කර නිවැරදි අය වැය අනුව සාදන ලද ගෙයක් සහ තට්ටු නිවාස වල ජීවත්වීම සංසන්දනය කිරීම හරිම අපහසුයි මොකද ඔය දෙකේ ඉන්නේ පවුල් දෙකක් නිසා , එත් අර නිවැරදි වාස්තු ක්‍රම අනුගමනය කර නිවැරදි අය වැය අනුව සාදන ලද ගෙයක් පවුල යන බැඳීමෙන් ශක්තිමත්,සැනසීම සහිත එකක් ,ඕක නිසා තමයි ලංකාව ඇතුලු පෙරදිග රටවල් වල පවුල් ඒකකය ශක්තිමත්ව පවතින්නේ හා බටහිර රටවල පවුල් විසිරීම බහුලව දකින්න ලැබෙන්නේ ,

    ගෘහමුලිකයට නරක දසාවක් බලපාද්දී නිවැරදි වාස්තු ක්‍රම අනුගමනය කර නිවැරදි අය වැය අනුව සාදන ලද ගෙයක පදිංචි අයට ලොකු විපතක් නොමැතිව ඉන්න ලැබෙනවා එත් තට්ටු නිවාස වල පදිංචි අයට ධන හානි දේපල හානි දියුණුවට බාදා දු දරුවන්ට විපත් , පමණක් නොව එම නිවැසියන්ට හදිසි මරණ ආදියට පවා මුහුණ දීමට සිදුවෙන්න පුළුවන්
     
    Last edited:

    අනේ මචන් පින්තුර එක්ක විස්තර කරපන්
     
    thushiq64

    Well-known member
  • Apr 24, 2012
    1,102
    273
    83
    uae
    ස්තුතී සහොදරයා අපගේ දැන ගැනිම පිනිස තව තවත් මෙම නිවාස පිලිබද විශ්තර ඔබ තුමන්ගෙන් ඉල්ලා සිටිමි .​
    :yes:
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ගයාන් ලක්මාල්;16879253 said:
    ඉතා වැදගත් ලිපියක්...
    නමුත් අපිට තව විස්තර කරල රූප සටහන් එක්ක දෙනවනම් බොහාම පිං.

    රුප අඳින්න දන්නේ නැතෝ .......................කියල දෙනවද ...
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ස්තුතී සහොදරයා අපගේ දැන ගැනිම පිනිස තව තවත් මෙම නිවාස පිලිබද විශ්තර ඔබ තුමන්ගෙන් ඉල්ලා සිටිමි .​
    :yes:

    ඉඩ සැලසෙන පරිදි විස්තර ලබාදෙන්න සුදානම්
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    ඔබගේ ලිපිය ගොඩක් වටිනවා මට දැනගන්න ඕන එක දෙයක් වාස්තු දෝෂ සදහා 3 න් 4 ‍දෙනෙක් ඇවිත් ‍නිවස පරික්ෂා කරතොත් කියන්නේ එක එක දේවල්.

    වාස්තු යනු සංස්කෘත වචනයකි. යෝග, ආයුර්වේද හා ජෝතිෂ්යවය වැනිම වාස්තු ද ඉන්දියාවේ උපත ලද්දක් ලෙස සැලකේ. මෙහිදී වාස්තු විද්යායව හා ජෝතිෂ්ය විද්යායව අතර අනොන්යි බැඳීමක් ඇති බව බොහෝ ප්රෙසිද්ධ කරුණකි. ඉතා ඈත අතීතයේදී මෙම විද්යාුව සම්බන්ධව උපදේශකවරුන් 18 දෙනෙකු සිටි බවට "අග්නි පුරාණ" නම් ග්‍රන්ථයේ සඳහන් වේ.

    එම 18 දෙනා මෙසේ දැක්විය හැකිය.
    1. භෘගු
    2. අත්රිල
    3. වසිෂ්ට
    4. විශ්වකර්ම
    5. මය
    6. නාරද
    7. නග්නජිත්
    8. විශාලාක්ෂ
    9. පුරන්දර
    10. බ්ර්හ්ම
    11. කුමාර
    12. නන්දිශ
    13. ශෞනක
    14. ගර්ග
    15. වාසුදේව
    16. අනීරුධ
    17. ශුක්රධ
    18. බ්ර්හස්පති

    මෙම 18 දෙනාගෙන් වසිෂ්ට, විශ්වකර්ම ,මහාබ්‍රහ්ම යන සාස්තෘන් කොටගත් පරපුරු වලින් පැවතෙන ක්‍රම වඩාත් නිවෙරදි ක්‍රම ලෙස ගැනේ , ඒ අනුව එකී ගුරු පරපුරු වලින් එන අය බොහෝවිට සමානව කටයුතු කරන අතර මෙලෙස නිවෙරදි ගුරු පරපුරක් ( බොහො විට මෙමෙ සාස්ත්‍රය පියාගෙන් පුතාට ලෙස විකාශනය වී ඇති බව පෙනීයයි ) නොමැති පිරිසක්ද ක්ෂේස්ත්රය තුල දක්නට සිටී , ගුරුමුෂ්ටි බහුල මෙවන් ශිල්ප වල සහය ගැනීමේදී මේ කරුණ සිහි තබා කටයුතු කිරීමෙන් නිවැරදිව සාස්ත්‍රය භාවිතා කරන්නකු තෝරා ගැනීමට පහසුව සැලසේ
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    දෝෂ සහිත වහලයෙන් ගෙහිමියන්ට ඇ තිවන අහිතකර විපාක ගැන කතාකරමු
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    සියලුම දෙනා නොවුනත් බොහෝ දෙනා සැලකිලිමත් විශාල ගොඩනැගිලි ඉදිකිරීමේදී විදේශීය වාස්තුවෙදීන්ගේ පවා උපදෙස් මත බොහෝ කටයුතු සිදුවෙන්නේ .

    එහෙමද... මං දැනන් හිටියේ නැහැ එක.. :)
    ඔබ කියන්නේ බටහිර රටවල් වල පවා ගොඩනැගිලි නිර්මාණය කිරීමේදී වාස්තු විද්‍යාව පිළිබඳව සලකා බලන බවද? :)
     
    asiriwasthu

    Active member
  • Oct 22, 2013
    362
    55
    28
    එහෙමද... මං දැනන් හිටියේ නැහැ එක.. :)
    ඔබ කියන්නේ බටහිර රටවල් වල පවා ගොඩනැගිලි නිර්මාණය කිරීමේදී වාස්තු විද්‍යාව පිළිබඳව සලකා බලන බවද? :)

    මට ඔබේ ප්‍රශ්නයට ඔව් හෝ නැත කියා පිළිතුරු දීමට නොහැකියි ඊට හේතුව

    බටහිර රටවල සංස්කෘතිය හා පෙරදිග රටවල සංස්කෘතිය හාත්පසින් ම වෙනස්
    එනම් ,ඉන්දියාව , ලංකාව ඇතුලු අපගේ කලාපයේ වාස්තු ක්‍රම භාවිතා වනවා වගේම නිවාස සහ පවුල යන්න එකාත්මිකව පවතිනවා සීයා ආච්චි ගේ පටන් කුඩාම දරුවා දක්වා සියලු දෙනා එක්ව සිටින පවුල් එකක සහිත සංස්කෘතියක් අප වටා පවතින්න්නේ. දෙදෙනෙකුගේ විවාහයක් මරණය දක්වාම බැඳී පවතිනා හා ඒ හා බැඳී සිරිත් රාමුවක් සහිත සංස්කෘතියක්,

    බටහිර සංස්කෘතිය මීට හාත්පසින් වෙනස්

    ස්වාධීන පවුල් සංකල්පයක ජීවත්වන ඔවුන් එකතරා වයසකදී ස්වාදීන පුද්ගලයන් ලෙස සමාජගත වනවා මෙන්ම oවුන්ට ස්වාමියා බිරිඳ පියා මව පවා බැඳීමක් රහිත චරිත පමණයි , ඔවුන් ජීවත් වන්නේ ගොඩනැගිලි වල මිස ඒවා නිවාස නෙමයි ,නිවාස කියන්න පුළුවන් " නිරවුල් මනසින් වාසය කළහැකි ස්ථාන " වලට මිස රාත්‍රියක් ගතකරන ස්ථාන වලට නොවේ . අන්න එලෙස නිරවුල් මනසින් වාසය කළහැකි ස්ථාන සකසාගැනීම වෙනුවෙනුයි මේ වාස්තු විද්‍යාව නිර්මාණය වී තිබෙන්නේ .
     
    • Like
    Reactions: shenic

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    උත්තරේ නෑ.

    ඇයි. උන් අපේ උන්දැල වගේ කේන්දරේ තියෙන දේවල් ලගට එනකම් බලන් ඉන්නේ නෑ. අවුරුදු 17න වගේ වැඩ කරන්න පටන් ගන්නවා. හම්බෙන තැනකින් ගෙයක් හදා ගන්නවා. වාස්තු බලන්නේ නෑ. හිතේ හයිය තියෙනවා නම් වස්තු ගණන් ගන්නේ නෑ. තමන්ට ඕන විදියට හොදට හදාගන්නවා. හොදට ඉන්නවා. වස්තු බලන එකා මොකාද එකා වගේ ගේ හදාගන්නවා. ඊට පස්සේ ගෙදර ප්‍රශ්නයක් අවාම හිතන්නේ වාස්තුවේ අවුලක් කියල. ඉතින් ගෙදර ඉස්සර දොර ගලවල කුස්සියෙන් හයි කරනවා. එත් හරියන්නේ නැත්නම් තියෙන ලිද වහලා තව තැනකින් හාරනවා. නැත්නම් ජනෙල් ගලවයි.

    එත් ඇත්තටම ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සුන්ගේ. ලොකු පුතා දහ අතේ කල්පනා කරනවා කියලා. කේන්දරේ බලනවා. ඊට පස්සේ ගෙයි අවුලක් කියයි. ඔන්න ඉතින් දොරවල් ගලවලා අනන් මනම් කරලා බලනකොට පුතාගේ ප්‍රශ්නේ හරි. දැන් ලොකු පුතා හොදට ඉන්නවා.

    බැලින්නම් වෙලා තියෙන්නේ ලොකු පුතා බුටක්‌ කාලා. අම්ම දොරවල් ගලවලා හයි කරනකොට ඒ යකා තව කෙල්ලෙක් හොයන අතල් එකේ ඉන්නවා.

    ඔය අතරේ අර බොරු කාරයෝ සල්ලි ගරනවා.

    මෝඩ ජනතාව ඉන්නකම් ඔයාලා කාලා බිලා ඉදි
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    මට ඔබේ ප්‍රශ්නයට ඔව් හෝ නැත කියා පිළිතුරු දීමට නොහැකියි ඊට හේතුව

    බටහිර රටවල සංස්කෘතිය හා පෙරදිග රටවල සංස්කෘතිය හාත්පසින් ම වෙනස්
    එනම් ,ඉන්දියාව , ලංකාව ඇතුලු අපගේ කලාපයේ වාස්තු ක්‍රම භාවිතා වනවා වගේම නිවාස සහ පවුල යන්න එකාත්මිකව පවතිනවා සීයා ආච්චි ගේ පටන් කුඩාම දරුවා දක්වා සියලු දෙනා එක්ව සිටින පවුල් එකක සහිත සංස්කෘතියක් අප වටා පවතින්න්නේ. දෙදෙනෙකුගේ විවාහයක් මරණය දක්වාම බැඳී පවතිනා හා ඒ හා බැඳී සිරිත් රාමුවක් සහිත සංස්කෘතියක්,

    බටහිර සංස්කෘතිය මීට හාත්පසින් වෙනස්

    ස්වාධීන පවුල් සංකල්පයක ජීවත්වන ඔවුන් එකතරා වයසකදී ස්වාදීන පුද්ගලයන් ලෙස සමාජගත වනවා මෙන්ම oවුන්ට ස්වාමියා බිරිඳ පියා මව පවා බැඳීමක් රහිත චරිත පමණයි , ඔවුන් ජීවත් වන්නේ ගොඩනැගිලි වල මිස ඒවා නිවාස නෙමයි ,නිවාස කියන්න පුළුවන් " නිරවුල් මනසින් වාසය කළහැකි ස්ථාන " වලට මිස රාත්‍රියක් ගතකරන ස්ථාන වලට නොවේ . අන්න එලෙස නිරවුල් මනසින් වාසය කළහැකි ස්ථාන සකසාගැනීම වෙනුවෙනුයි මේ වාස්තු විද්‍යාව නිර්මාණය වී තිබෙන්නේ .

    අදහස් දැක්වීමට ස්තුති. (+) :)

    නොපෙනුන පලියට නැත යැයි තීරණය කරන කෙනෙක් නෙවේ මම. නමුත් කරුණු විමසීමෙන් තීරණයකට එළඹීමට කැමතියි. ගැටළු කිහිපයක්ම තිබෙනවා මිත්‍රයා. මම පසුව දන්වන්නම්.. :yes: