නිවාඩු දවස නිදහසේ ගතකරන්න හම්බන්තොට යමු

drml

Active member
  • Jul 10, 2013
    342
    163
    43
    Boralesgamuwa
    නිවාඩු දවස නිදහසේ ගතකරන්න හම්බන්තොට යමු

    කලින් දැම්ම අවිස්සාවේල්ල/ සීතාවක උද්භිත උද්‍යානය ගැන එලකිරියේ ගොඩක් අය උනන්දු වුන නිසා හම්බන්තොට උද්භිත උද්‍යානය ගැනත් කියන්න හිතුනා.

    මිරිජ්ජවිල උද්භිද උද්‍යානය - Mirijjawila Botanical Garden​

    මිරිජ්ජවිල උද්භිද උද්‍යානය (හම්බන්තොට උද්භිද උද්‍යානය), ශ්‍රී ලංකාවේ වියලි කලාපය තුල ඉදි කරනු ලැබූ පලමු උද්භිද උද්‍යානය වේ.

    P1160799.jpg

    පිහිටීම
    මිරිජ්ජවිල උද්භිද උද්‍යානය කොළඹ-කතරගම ප්‍රධාන මාර්ගයේ පිහිටුවා තිබෙයි. උද්භිද උද්‍යානයට වම් පසින් මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපලත්, දකුණු පසින් මාගම්පුර වරායත් පිහිටා ඇත. මිරිජ්ජවිල හන්දියේ සිට කිලෝමීටර් 5ක් මිරිජ්ජවිල - සූරියවැව මාර්ගයේ ගියවිට උද්‍යානයට ලඟාවිය හැක.

    ඉදිකිරීම
    2006 වර්ෂයේ උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු අරඹන විට, එම භූමිය කටු පඳුරු සහ අත්හරින ලද හේන් භූමි වලින් සමන්විත වූ කැලෑවකින් ගහණව තුබූ බව පැවසෙයි. උද්‍යානය අක්කර 300 ක පමණ භූමි පරිශ්‍රයක් පුරා ඉදිකොට තිබෙයි.

    උද්‍යානය ඉදිකිරීමේ අරමුණු
    ප්‍රධාන අරමුණු 06 ක් මූලික කර ගනිමින්, මිරිජ්ජවිල උද්භිද උද්‍යානය ඉදිකොට තිබෙයි. ඒවා නම්

    • වියළි සහ අර්ධ ගුෂ්ක කලාපීය ශාකයන් විතැන් සංරක්ෂණය කිරීම.
    • වියළි කලාපය තුල වර්ධනය වන අප්‍රසිද්ධ හා අඩු වශයෙන් ප්‍රයෝජනයට ගනු ලබන ශාක පිළිබදව අධ්‍යනයන් සිදු කිරීම.
    • වියළි කලාපීය භූ දර්ශන තලයන් වැඩි දියුණු කිරීම.
    • ඖෂධ කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම.
    • උද්භිද විද්‍යාව හා මල් වගාව පිළිබදව දැනුම සහ පුහුණු කිරීම් ලබා දීම.
    • පාරිසරික සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම.

    විවෘත කිරීම
    2013 වර්ෂයේ නොවැම්බර් මස ශ්‍රී ලංකාවේ පැවැත්වූ පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළු රැස්වීම මෙරට පැවැත්වීම සනිටුහන් කරමින්, එම මස 14වන දිනදී උද්‍යානය විවෘත කල අතර, උද්‍යානය තුල පොදුරාජ්‍ය මණ්ඩලයීය කවයක්ද නිර්මාණය කෙරුණි. මෙම කවය තුල ජනාධිපතිවරුන් තිදෙනෙක්, උප ජනාධිපතිවරු හත් දෙනෙක්, අගමැතිවරුන් සිව් දෙනෙක් සහ විදේශ අමාත්‍යවරුන් පිරිසක් සිය රාජ්‍යයන් නියෝජනය කරමින් ඖෂධීය ශාක රෝපණය කරන ලදී.

    මිල ගණන්
    ඇතුල්වීමට - දේශීය
    වැඩිහිටි - රුපියල් 50
    වැඩිහිටි (අවුරුදු 60 වැඩි) - රුපියල් 10
    ළමයින් - රුපියල් 10
    ඇතුල්වීමට - විදේශීය
    වැඩිහිටි - රුපියල් 1100
    ළමයින් - රුපියල් 550
    බැටරි කාර් - පැයක් සඳහා
    ආසන 03 - රුපියල් 500
    ආසන 07 - රුපියල් 1000