නිවැරදිව පරිගණකය භාවිතා කරන ආකාරය

NK123

Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    නිවැරදිව පරිගණකය භාවිතා කරන ආකාරය

    නිවැරදිව පරිගණකය භාවිතා කරන ආකාරය

    ඔබත් බොහෝ වෙලාවක් පරිගණකය සමග වැඩ කටුයතු කරන කෙනෙක්ද? සමහරවිට ඔබ දැනටමත් පරිගණකය නිසා සෞඛ්‍ය ගැටලූ වලට මුහුණ දෙනවා ඇති

    ඉතින් මේ ලිපියෙන් අපි ඔයාලට කියලා දෙන්න හදන්නේ පරිගණකය භාවිතා කිරීමේදී ඇතිවන රෝගාබාධ සහ නිවැරදි ඉරියව්වකින් පරිගණකයක් භාවිතා කරන ආකාරය පිළිබඳවයි.


    මොනවද මේ පරිගණකය නිසා ඇතිවන සෞඛ්‍ය ගැටලූ ?

    1.මාංශපේශි අස්ථි ආශ‍්‍රිත
    මෙයට හේතුව පරිගණකය වැඩි වේලාවක් වැරදි ඉරියවුවෙන් භාවිතා කිරීමයි.

    2.පුනර්වර්තී ආතති පීඩාව :
    (RSI – Repetitive Stress injury)
    උරහිසේ සිට අතේ ඇගිලි දක්වා ඇතිවන වේදනාව මෙයයි’ එම ස්ථානවල තද ගතියල ඉදිමුමල වේදනාව රෝග ලක්ෂණ ලෙස දැක්විය හැක’ මෙයටත් හේතුවන්නේ නිවැරදි ඉරියවු අනුගමනය නොකිරීමේ හේතුවයි’

    3.කාපල දෝනා සහ ලක්ෂණය :
    (CTS – Carpel Tunnel Syndrome)
    අතේ ඇගිලිවල ඇතිවන හිරිවැටීම සහ වේදනාව රෝග ලක්ෂණ ලෙස හැදින්විය හැක’ යතුරු පුවරුව නිවැරදිව භාවිතා නොකරීමත් නිවැරදිව ස්ථානගත කර නොතිබීමත් මෙයට හේතු වේ’

    4. පරිගණක දෘෂ්ටි සංලක්ෂණය :
    (CVS/Computer Vision Syndrome)
    නොකඩවා පැය 6 ක් 7 ක් පමණ කාලයක් පරිගණකය භාවිතා කිරීම නිසා මෙම ආසාත්මිකතාව ඇතිවේ. ඇස් වියලීමලරතුවීමලකදුළු ගැලීම ලපෙනුම අඩුවීමල හිසේ බෙල්ලේ හෝ කොන්දේ කැක්කුම මෙම රෝගයේ රෝග ලක්ෂණ වේ.

    5.හිසේ කැක්කුම
    බෙල්ලේ මාංශ පේෂීන්ගේ ඇතිවන ආතතිය සහ ඇස්වල ඇතිවන වෙහෙසකාරී බව නිසා මෙය ඇතිවේ. මෙය පරිගණක භාවිතා කරන්නන් තුළ බහුලව දැකිය හැකිය.

    හොඳයි දැන් අපි බලමු පරිගණකය නිවැරදි ඉරියව් යොදාගෙන භාවිතා කරන්නේ කොහොමද කියලා. පරිගණකය භාවිතා කිරීමේදී නිවැරදි ඉරියවුවකින් අසුන් ගැනීමෙන් බොහෝ සෞඛ්‍ය ගැටලු මගහරවාගන්න පුළුවන්.

    Right%2BPosture%2BReminder.PNG



    1.පරිගණක තීරය තමාගේ ඇස් මට්ටමට සමානව හෝ ඊට වඩා පහතින් පිහිටන ලෙස පරිගණකයේ පුටුව හා මේසය තබා ගත යුතුය.

    2.පරිගණක තිරය හා ඇස් අතර පරතරය අගල් 18-24 පමණ විය යුතුය.

    3.පුටු ඇන්දට හේත්තු වන සේ කොන්ද කෙලින් තබා උරහිස සැහැල්ලුවෙන් තැබීම.

    4.කකුල් පොළොවට ලම්බකවද පතුල් පොළොව මත සැහැල්ලුවෙන් තැබිය යුතුය.

    5.මූසිකය යතුරු පුවරුව ආසන්නයේ තබා ගැනීමල සැහැල්ලුවෙන් යතුරු ලියනය කිරීමල මැණික් කටුව එක් ස්ථානයක සිර කර නොසිටීමල යතුරු පුවරුව වැලමිටට කෙළින් හෝ ඊට පහතින් ස්ථානගත කිරීම ආදී නිවැරදි ඉරියවු අනුගමනය කිරීම.

    6.ඇසට වෙහසකාරී නොවන ආකාරයෙන් පරිගණක තීරයෙහි ආලෝකය සකස් කර ගැනීම. විටින් විට තිරයෙන් පිටත බැලීම හා ඇසිපිය ගැසීම.


    ගත්තේ මෙතනින් : LINK



     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    තැන්ක් මචන් මෙක කියවද්දිත් රූවිතේට හිටියේ බන්

    rep iwara wela :(