නිවී දිලිසෙන නීල තරු හා....
නිවී දිලිසෙන නීල තරු හා
නේක හසරැලි මාරු කරගෙන...
සරා සඳවත දිලෙන නුබ ගැබ
සත්තමයි දුර වැඩියි පොළොවට...
ඉවුරු තල හා දොඩමළුව හිඳ
ගලා බසිනා නිසල ගඟ දිය...
එක් කරන්නට නොහැකි බව මම
දනිමි සත්තයි නුඹට දෙඉවුර...
හඬන්නට බැරි නිසා හිනැහෙන
පාළු හිත් අග තියෙන තනියට...
ආදරෙන් ලං විය නොහැකි බව
දනිමි සත්තයි දුර වැඩියි නුඹ...
ගිම්හානයේ ගෙන ආ වසන්තය නුඹ
නිමාවී හෙට හිරු නැගෙන විට...
නුඹේ ළඟ මතු ඉපදෙන්න සිතමින්
දෑස පියවී ගියද කම්නැත...
~dreamzd~
**අනවසරයෙන් උපුටාගැනීම තහනම්**
නිවී දිලිසෙන නීල තරු හා
නේක හසරැලි මාරු කරගෙන...
සරා සඳවත දිලෙන නුබ ගැබ
සත්තමයි දුර වැඩියි පොළොවට...
ඉවුරු තල හා දොඩමළුව හිඳ
ගලා බසිනා නිසල ගඟ දිය...
එක් කරන්නට නොහැකි බව මම
දනිමි සත්තයි නුඹට දෙඉවුර...
හඬන්නට බැරි නිසා හිනැහෙන
පාළු හිත් අග තියෙන තනියට...
ආදරෙන් ලං විය නොහැකි බව
දනිමි සත්තයි දුර වැඩියි නුඹ...
ගිම්හානයේ ගෙන ආ වසන්තය නුඹ
නිමාවී හෙට හිරු නැගෙන විට...
නුඹේ ළඟ මතු ඉපදෙන්න සිතමින්
දෑස පියවී ගියද කම්නැත...
~dreamzd~
**අනවසරයෙන් උපුටාගැනීම තහනම්**



