නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක්

monson

Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113

    UyQxC5n.jpeg


    2024 මාර්තු මාසයේ ගැනුම් කළමනාකරුවන්ගේ දර්ශක මගින් නිෂ්පාදන සහ සේවා ක්‍රියාකාරකම්වල වර්ධනයක් පෙන්නුම් කරයි.
    නිෂ්පාදන ක්‍රියාකාරකම්වල වර්ධනයක් පිළිබිඹු කරමින්, නිෂ්පාදන අංශයෙහි ශ්‍රී ලංකා ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය 2024 මාර්තු මාසයේ දී දර්ශකාංක 62.5ක් වාර්තා කරන ලදී. මෙම දර්ශකය වසර තුනකින් වාර්තා කළ ඉහළම අගය මෙය වේ. මේ සඳහා ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් සියලුම උප දර්ශක පෙර මාසය හා සැසඳීමේදී ඉහළ යෑම හේතු විය.
    නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑම සඳහා ආහාර හා පාන වර්ග නිෂ්පාදන අංශය සහ රෙදිපිළි සහ ඇඟලුම් නිෂ්පාදන අංශය ප්‍රධාන වශයෙන් දායක විය. විශේෂයෙන් ආහාර සහ පාන වර්ග නිෂ්පාදනය කරන්නන් ඇතුළුව බොහෝ නිෂ්පාදකයින් එළඹෙන උත්සව සමය පිළිබඳව සුභවාදී අදහස් පල කරන ලදී. මේ අතර, නව ඇණවුම් සහ නිෂ්පාදන ඉහළ යෑම හා සමගාමීව සේවා නියුක්තිය සහ තොග මිලදී ගැනුම් ද ඉහළ යන ලදී. තවද, මිල මට්ටම්වල පහත වැටීමක් ද වාර්තා විය. මේ අතර, ඇණවුමක් සැපයීමට සැපයුම්කරුවන්ට ගතවන කාලය පෙර මාසයට සාපේක්ෂව මාර්තු මාසයේ දී අඩු වේගයකින් වුවද ඉහළ යන ලදී.
    press_20240415_sl_pmi_2024_march_s-1.jpg

    press_20240415_sl_pmi_2024_march_s-2.jpg