නිහඩ ආදරය

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    40896631360595867858819.jpg

    ඔවුන්ගේ පෙම් සබදතාවය නිවසේ අයට හෙලි වූ දා සිටම ඇගේ පවුලෙන් එයට විරුද්ධ වුනා. දුගියන් නොවුනත් පොහොසතුන්ද නොවූ ඔහුගේ පවුලට බැදුනහොත් ඇයට ජීවිත කාලය පුරාම හැඩූ කදුලෙන් ගත කිරීමට සිදුවිය හැකි බවට ඇගේ දෙම්ව්පියන් සහ සහෝදරියන් ඇයට අනතුරු ඇගවූවා.

    සිය පවුලෙන් ඇය වෙත ඇති කල පීඩනය නිසාම බොහෝ විට ඔවුන් දෙදෙනා අතර අඩ දබර ඇති වුනා,ඔහුට ඉතා තදින් පෙම් කලත් ඇය නිතරම ඔහුගෙන් ඇසූ එක් පැනයක් තිබුනා,ඒ
    "ඔයා මට කොච්චර ආදරේද?" යන්නයි.ඔහු කතාවෙහි දක්‍ෂ අයෙක් නොවේ, එම නිසා බොහෝ විට අගේ මෙම පැනය හමුවේ ඔහු නිරුත්තර වුනා,පවුලෙන් එන පීඩනය සහ ඔහුගේ මෙම ප්‍රතිචාරය නිසා කෝපයට පත් වන ඇය ඔහුට බැන වැදීම සාමාන්‍ය දෙයක් බවට පත් වුනා.

    වසර ගණනක් ගත වුනා.සරසවි අධ්‍යාපනය හමාර කල ඔහු උසස් අධ්‍යාපනය සදහා විදේශගත වීමට තීරණය කලා,විදේශගත වීමට පෙර ඇය හමුවට පැමිනි ඔහු මෙසේ පැවසුවා

    "මට ගොඩක් ලස්සනට කතා කරන්න බැරි බව ඇත්තයි,ඒත් මම ඔයාට ගොඩක් ආදරේ බව මම දන්නවා,ඔයා කැමතී නම් ඔයාගේ ඉතිරි ජීවිත කාලය පුරාවට ඔයාව මගේ කර ගන්න මම කැමතී,මම ඔයාලගේ ගෙදර ඇවිත් එයාලා එක්ක කතා කරලා කොහොම හරි එයාලගේ කැමැත්ත ගන්නම්,ඔයා මාව කසාද බදිනවද?

    ඇගේ කැමැත්ත ඇතුව ඇගේ නිවසට ගිය ඔහු ඔහුගේ යෝජනාව ඉදිරිපත් කලා,ඔහුගේ ධෛර්යවන්ත බාවය ගැන විශ්වාසය තැබූ ඇගේ දෙමව්පියන් ඔවුන්ගේ විවාහයට අවසර දුන්නා,ඔහු විදේශ ගත වීමට පෙර ඔවුන් විවාහ ගිවිස ගත්තා.

    ඔහු විදේශ ගත වුනා. මුන නොගැසුනත් ඔවුන් දුරකතනයෙන් සහ අන්තර්ජාලයෙන් අදහස් හුවමාරු කර ගත්තා.ඇය රැකියාවක නිරත වීමට තීරණය කලේ ඔහු අසල නැති පාලුව මදකට හෝ සමනය කර ගැනීමටයි. දිනක් මෙසේ රැකියාවට යන අතරතුර අධික වේගයෙන් ගමන් කල මෝටර් රථයක ඇය ගැටුනා. ඇයට සිහිය පැමිනෙන විට ඇය සිටියේ රෝහලේ ඇදක් මත.ඒ අසලම රැදී සිටියේ ඇගේ දෙමව්පියන්,ඇගේ මව හඩමින් සිටි අතර තමා බරපතල ලෙස තුවාල ලබා ඇති බව ඇයට වැටහුනා. තොරතුරු දැන ගැනීමට අවශ්‍ය වූ නිසා මවගෙන් ඒ පිලිබද විස්තර ඇසීමට උත්සාහ කලත් ඇගේ මුවින් හඩක් පිට වූයේ නෑ,ඇය කිහිප විටක්ම උත්සාහ ගත්තා,නමුත් ඵලක් නෑ,ඇයට ඇගේ කටහඩ අහිමි වී තිබුනා.

    වෛද්‍යවරුන් ගේ මත වූයේ අනතුරේදී ඇගේ මොළයට සිදු වූ හානි නිසා ඇයට කටහඩ අහිමි වූ බවයි. යලිත් ඇගේ කටහඩ ප්‍රකෘති තත්වයට පැමිනීම පිලිබදව විශ්වාසය තැබීමට නොහැකි බව ඔවුන් පැවසුවා.

    අනතුර පිලිබදව පෙම්වතාට දැන්වීමට ඇය ඉඩ නොදුන් අතර ඇයට එකම ප්‍රශ්ණය වූයේ නොනවත්වා නාද වන ඇගේ දුරකථනයයි.ඔහු දිගින් දිගටම ඇය ඇමතූ නමුත් ඇය ඒවාට පිලිතුරු ලබා දුන්නේ නෑ.තම රෝගී තත්වය ඔහු දැනගන්නවාට ඇය අකමැති වුනේ තමා වැනි ආබාධිත තරුණියක නිසා ඔහු ජීවිත කාලය පුරා දුක් විදිනවා දැකීමට ඇති නොකැමැත්ත නිසයි. අවසානයේ තීරණයක් ගත් ඇය ඔහුට ලිපියක් ලියූ අතර තමාට තව දුරටත් ඔහු වෙනුවෙන් බලා සිටිය නොහැකි බව ඇය ඉන් දන්වා සිටියා. තරුණයාගෙන් තරුණියගේ දුරකථනයට ඇමතුම් දහස් ගණනක් පැමිනි නමුත් ඇයට කල හැකිව තිබුනේ එදෙස බලා ඉකිබිදිමින් හැඩීම පමනයි.

    ජීවත් වන පරිසරය වෙනස් කිරීමෙන් ඇගේ මානසික තත්වය වර්ධනය විය හැකි බව වෛද්‍යවරුන් පැවසූ නිසා ඇගේ දෙම්ව්පියන් ඇයත් සමග පිටිසර පෙදෙසක පදිංචියට යාමට තීරණය කලා.

    නව පරිසරයේදී තම රෝගී තත්වයට හොදින් හැඩ ගැසුනු ඇය සංඥා භාශාව ඉගෙනීම ආරම්භ කලා. දිනපතාම ඇයට ඔහුව මතක් වූවත් ඇය ආයාසයෙන් ඔහුව අමතක කිරීමට පුරුදු වුනා. දිනක් හදිසියේම ඇය හමුවට ආ මිතුරියක් ඇය සමග පැවසුවේ ඔහු යලි පැමින ඇති බවයි. මෙවිට ඇය යෙහෙලියව පොරොන්දු කර ගත්තේ තම නව වාසාස්ථානය පිලිබදව ඔහුට නොකියන වගටයි.

    වසරක් ගෙවී ගියා. යලිත් ඇගේ පෙර කී යෙහෙලියම ඇය හමුවට පැමිනියා. මෙවර ඇගේ අත රැදී තිබුනේ මංගල ආරාධනා පතක්,ඒ අන් කවරෙකුගේවත් නොවේ,ඇය විවාහ ගිවිස ගත් ඇගේ පෙම්වතාගේ මංගල ආරාධනා පතයි.

    ඇය වෙවුලන දෑතින් එය ව්වෘත කලා. දුටු දෙයින් ඇය විශ්මයට පත් වුනා,ඒ තුල ඇය දුටුවේ තමාගේම නමයි. සිදුවන දේ ගැන විමසීමට යෙහෙලිය දෙස බැලූ කල ඇය දුටුවේ ඔහුයි. සංඥා බස භාවිතා කරමින් ඔහු මෙසේ පැවසුවා,

    "සංඥා භාශාව ඉගෙන ගැනීමට මම වසරක කාලයක් ගත කලා,ඒ මම ඔයාට වුන පොරොන්දුව මට තවමත් අමතක වී නැති බව ඔයාට කියන්න,මම දැන් කලින්ටත් වඩා ඔයාට ආදරෙයි,මම ජීවිත කාලය පුරාවටම ඔයාගේ කටහඩ වෙන්නම්"


    ඉස්සුවෙ FB එකෙන්
    .
    ┈┈╭━━━━━╮
    ┈┈┃╱╯╯╯╲┃
    ┈┈▇▏▇━▇▕▇
    ┈┈┈╲╰━╯╱┈ ▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼▼
    ┈┈┈╱▔▔▔╲▂╱▔▏ Like කජුවත්ත එක්සත් Cricket සමාජය
    ┈┈┈╲╲▂▕╲▂╱▔┈┈┈┈ ▲▲▲▲▲▲▲▲▲▲▲▲▲
    ▕▔▔▉▉▉▉▉░▔▔▔▔▏┈
    .

    හිතට තදින්ම දැනුන. කලින් මේ ත්‍රෙඩ් එක කලින් දාල තිබුනනම් සමාවෙන්න. කොමෙන්ටුවක් දාලම යන්න
     

    -Petsha-

    Member
    May 1, 2011
    5,868
    708
    0
    ●▪Đяєам Ẃояℓđ▪●
    හරිම සංවේදී කතාවක් යාලූ...:(
    ඒත් අද කාලේ මේ වගේ ආදරේ කරන අය හරිම දුර්ලභයි...


    ‘‘නිහඩවම හිද බලන්
    ආදරේ ගොලු කරන්
    වින්ද වේදනාවන්
    අනේ නුඹ දනීනම්...
    ‘‘
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගොඩක් දුක හිතුනා මචෝ මේ කතාව කියවනකොට..:no: කතාවේ අවසානය නම් ගොඩක් සතුටු හිතෙන විදියට අවසන් වුනා නේද
    11.gif
    :love::love:

    මේ වගේ දේවල් දාන එක ගොඩක් වටිනවා.. අපේ කොල්ලො කෙල්ලොන්ට ආදරේ කියන්නෙ මොකක්ද කියලා දැනගන්නත් එක්ක..:lol:

    REP ++
     
    • Like
    Reactions: Mr:Virus

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    හරිම සංවේදී කතාවක් යාලූ...:(
    ඒත් අද කාලේ මේ වගේ ආදරේ කරන අය හරිම දුර්ලභයි...


    ‘‘නිහඩවම හිද බලන්
    ආදරේ ගොලු කරන්
    වින්ද වේදනාවන්
    අනේ නුඹ දනීනම්...
    ‘‘

    මචන් ඔයාට හොදට ලියන්න පුලුවන්නෙ. ලියපන්කො ලස්සන කවි............
     

    Mr:Virus

    Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ගොඩක් දුක හිතුනා මචෝ මේ කතාව කියවනකොට..:no: කතාවේ අවසානය නම් ගොඩක් සතුටු හිතෙන විදියට අවසන් වුනා නේද
    11.gif
    :love::love:

    මේ වගේ දේවල් දාන එක ගොඩක් වටිනවා.. අපේ කොල්ලො කෙල්ලොන්ට ආදරේ කියන්නෙ මොකක්ද කියලා දැනගන්නත් එක්ක..:lol:

    REP ++

    ආදරේ කරන අය ආදරේ කරපු අය වටිනාකම දන්නවා.