ජයලාල් මහතා මේ වගේ බය නැතුව කතා කරන්නේ ඔහුගේ රැකියාව සමඟ ලැබෙන (අනික් රජයේ සේවකයන්ට අහිමි ) දේශපාලන වරප්‍රසාද නිසා. (නිර්මාල් දේවසිරි වැන්නන් ප්‍රසිද්ධියේ කොටින්ට කඩේ යන්නේද මේ වරප්‍රසාද භාවිතා කරමිනි.)
එතුමාට චියර් කරන්න බොහෝ දෙනා ඉදිරිපත් වෙනවා. නමුත් ඔවුන් කතා නොකරන වැදගත් ප්‍රශ්ණයක් තමයි කථිකාචාර්ය වරුන්ට හිමි දේශපාලන වරප්‍රසාද වෙනත් රජයේ සේවකයන් කොටසකට හෝ ලබා දිය යුතුද කියන එක. මේක ගැන මොකද හිතන්නේ?
උදා- මහානාමේ හිටපු විදුහල්පති අතින් දිගින් දිගටම හිංසනයට ලක්වූ ගුරුවරියක් හැම තැනටම පැමිණිළි කර බැරි තැන මාධ්‍ය වලට කතා කළාය. අවසානයේ පිනාගේ දූෂණ වංචා හෙළි වී ගෙදර යන්නට වැඩ සිදු වුවත් අර ගුරුවරියට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගෙන දඩුවම් නියම කිරීමට අමාත්‍යංශය ක්‍රියා කර ඇත.