නීතිඥවරයකු බරපතළ වැඩ සහිතව වසර 10කට සිරගෙදරට...

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP

    පොහොට්ටුවේ නීතිඥ සංගමයේ පුත්තලම් දිස්ත්‍රික් සභාපති නීතිඥවරයා,

    බරපතළ වැඩ සහිතව වසර 10කට සිරගෙදරට

    WhatsApp-Image-2026-02-18-at-16.02.32.jpeg

    ව්‍යාජ ඔප්පු 26ක් සකසා ඉඩම් අලෙවි කිරීමේ චෝදනාව මත විභාග කෙරෙන නඩු 26ක් අතරින් එක් නඩුවක තීන්දුව ලබාදෙමින් හලාවත මහාධිකරණය පොහොට්ටුවේ නීතිඥ සංගමයේ පුත්තලම් දිස්ත්‍රික් සභාපති නීතිඥවරයාට බරපතළ වැඩ සහිතව වසර 10ක සිර දඬුවම් නියම කළේය.

    නීතිඥ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දුට හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසිංහ විසින් අද (18) මේ දඬුවම් නියම කරන ලදි. 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයකු වූ නීතිඥ ප්‍රනාන්දුට එරෙහිව මේ නඩුවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ 2011 ජුනි 07 වැනිදා ය. එහි සඳහන්ව ඇත්තේ අක්කර 03, රූඩ් 02, පර්චස් 24ක ඉඩම් කොටස් දෙකක් ව්‍යාජ ඔප්පු සකස් කර විකුණා ඇති බවයි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් මීට අදාළ විමර්ශන සිදු කිරීමෙන් පසු, 2021 වසරේදී නීතිපතිවරයා විසින් නීතිඥ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දුට සහ රම්පටිදේවගේ සමන් කුමාරට එරෙහිව හලාවත මහාධිකරණය ඉදිරියේ චෝදනා ගොනුකර තිබිණි. නඩුවේ තීන්දුව ලබාදෙමින් පළමු විත්තිකරු වූ සමන් කුමාර චෝදනා 03කට වරදකරු කරමින් වසර 10ක සිර දඬුවම් නියම කළ මහාධිකරණය, පැමිණිලිකරුට රුපියල් ලක්ෂ 8ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළේය. දෙවැනි විත්තිකරු වූ නීතිඥ ඇලෙක්ස් නිශාන්ත ප්‍රනාන්දු ද චෝදනා 03කට වරදකරු බවට තීන්දු කළ මහාධිකරණය, ඔහුට වසර 10ක සිර දඬුවම් සහ රුපියල් ලක්ෂයක දඩයක් මෙන්ම රුපියල් ලක්ෂ 8ක වන්දියක් ද නියම කළේය.

    මේ නීතිඥවරයාට එරෙහිව ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ නඩු 25ක් තවදුරටත් විභාග වේ. ඔහු පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් නීතිඥ සංගමයේ සභාපතිවරයා ය.

    දිනමිණ - Wednesday, February 18, 2026
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    2011 to 2026, What the actual fuck 😡🤬

    නීතිඥ ප්‍රනාන්දුට එරෙහිව මේ නඩුවට අදාළ පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ 2011 ජුනි 07 වැනිදා ය.
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    නීතිඥ සංගමය මේකට පාරට බහින්නේ නැද්ද
    නීතිඥභාවය. අහෝසි කිරීමට හැකියාව තියෙන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයට නීතිඥ සංගමය මං හිතන්නේ මේ වගේ විනය විරෝධී ක්‍රියාකාරකම් සිදු කිරීම සම්බන්ධයෙන් සංගමයට පැමිණිල්ල පැමිණිලි එනවා. ඒ ඒ පිළිබඳව සංගම විසිනුත් මම හිතන්නේ විනය ක්‍රියාමාර්ග ගන්නවා. නමුත් ඕක පාරට බහින්න දෙයක් නෙමෙයි සහ ශ්‍රේෂ්ඨාධිකරණයට නැත්නම් මේ පිළිබඳ මේ පිළිබඳව ද පැමිණිල්ල කිරීම තමයි.
    ඒ දේ තමයි මේ අවස්ථාවෙත් වෙලා තියෙන්නේ. මොකද දැන් සම්පූර්ණයෙන්ම එයාගේ නීතිඥ භවය අහෝසියි ඒ වගේම ඊට අමතර අපරාධ වරදක් කරලා තියන්නේ
     
    • Like
    Reactions: ElaBaba

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    චතුරට වඩා බ බ බ බ අ ආ බ බ ගානවනේ එකට

    ඒ උනාට එහෙම වරදකරුවෙක් කරන්න පුලුවන්ද ඔහු නීතිය වෙනුවෙන් ඉන්න කෙනෙක් නේ
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    ඒ උනාට එහෙම වරදකරුවෙක් කරන්න පුලුවන්ද ඔහු නීතිය වෙනුවෙන් ඉන්න කෙනෙක් නේ

    වරදේ ස්වභාවය අනුව පුළුවන්...

    maxresdefault.jpg
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    වරදේ ස්වභාවය අනුව පුළුවන්...

    maxresdefault.jpg
    මම නම් හිතන්නේ වරදක් කරල තිබුන උනත් එහෙම අයිතියක් නෑ සිරගත කරන්න . නීතිවේදින් මේකට අනිවාර්යෙන්ම රජයට බලපෑමක් කල යුතුයි .
     
    • Haha
    Reactions: Lion-0

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    මම නම් හිතන්නේ වරදක් කරල තිබුන උනත් එහෙම අයිතියක් නෑ සිරගත කරන්න . නීතිවේදින් මේකට අනිවාර්යෙන්ම රජයට බලපෑමක් කල යුතුයි .

    මෙහෙමත් තියෙනවා‍...

    මේ නීතිඥවරයාට එරෙහිව ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ නඩු 25ක් තවදුරටත් විභාග වේ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    මෙහෙමත් තියෙනවා‍...

    මේ නීතිඥවරයාට එරෙහිව ව්‍යාජ ඔප්පු සකස් කිරීමේ නඩු 25ක් තවදුරටත් විභාග වේ.
    Corruption is not bad, corruption is only bad if I'm not involved but if I'm part of that corruption, I'll defend it.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ලන්කාවේ පොලිසියේ තරම හින්දා ඕකුන්ට ඕකට වැරැද්දක් කියන්නත් බෑ බන්. මුර සංචාරේ ගියපු පොලිසියේ දෙන්නවත් ඇතුලට දාන්න හදපු උන්නේ ඉතින්.
     
    Lion-0

    Well-known member
  • Dec 22, 2025
    492
    496
    63
    චතුරට වඩා බ බ බ බ අ ආ බ බ ගානවනේ එකට

    ඒ උනාට එහෙම වරදකරුවෙක් කරන්න පුලුවන්ද ඔහු නීතිය වෙනුවෙන් ඉන්න කෙනෙක් නේ
    කූඨ ලේඛන සෑදීම. නේ.
    අතේ ඇගිලි පහම එක වගේ නැහැ නේ.

    කෝට් එක දාගන්නවට වඩා කොට් එක තියාගෙන ඉන්න අමාරුයි.

    එක්කකෝ කිලින් නැත්නම් ජඩ් වැඩ කරලා හැම එකෙන්ම රිගන්න පුළුවන් සුපිරිම අල් රවුන්ඩර් කෙනෙක් වෙන්න ඕනේ

    මම නම් හිතන්නේ වරදක් කරල තිබුන උනත් එහෙම අයිතියක් නෑ සිරගත කරන්න . නීතිවේදින් මේකට අනිවාර්යෙන්ම රජයට බලපෑමක් කල යුතුයි .
    උබට ලොයාර්ස්ලා එක්ක ඉරිසියාද.
    ------ Post added on Feb 18, 2026 at 8:17 PM
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ඔන්න බලපන් ඉතින් කවුරු හරි වේසාවෙක් අපේ ඉඩමකට හොර ඔප්පුවක් හදල වික්කත් අවුරුදු 15 විතර කලුකබාකාරයන්ට ගාස්තු ගෙවාගෙන නඩු කියන්න එපැයි ඉතින්. නඩු කියන්න සල්ලි නැති මිනිහෙක් වුනොත් මොකද කරන්නෙ.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,672
    50,038
    113
    සේදවත්ත
    කූඨ ලේඛන සෑදීම. නේ.
    අතේ ඇගිලි පහම එක වගේ නැහැ නේ.

    කෝට් එක දාගන්නවට වඩා කොට් එක තියාගෙන ඉන්න අමාරුයි.

    එක්කකෝ කිලින් නැත්නම් ජඩ් වැඩ කරලා හැම එකෙන්ම රිගන්න පුළුවන් සුපිරිම අල් රවුන්ඩර් කෙනෙක් වෙන්න ඕනේ
    ලෝයර් කියන්නේ ඉතින් නීතියේ රැහැන් දන්න වැඩ්ඩෙක් නේ

    උබට ලොයාර්ස්ලා එක්ක ඉරිසියාද.
    ------ Post added on Feb 18, 2026 at 8:17 PM
    අනේ නෑ, අපි අමාරුවේ වැටුනමත් බේරගන්නේ එයාලනේ .
    ඒත් නීතිය දන්න කෙනෙක් අස්සට දාන එක සංගමයක් ලෙස විරුද්ද වෙන්න ඕනේ . ඔය අනික් ස‍ංගම් ටග් ගාල තමන්ගේ එකා වෙනුවෙන් පෙනී ඉන්නවනේ .