නීතියෙන්ම සර්පයන් මරා දැමීම

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    දැන් දඩුලේන්නු ඌරන්ට නන් ඔෆිශියල් ඕක වෙනව ගම් පැතිවල නන්.
    මෙහෙ මොණරු ඉන්නවා, ඌරො ඉන්නවා ඌරොන්ට නං එයා රයිෆල් එකෙන් තියලා ඌට දැනෙන එකක් වත් නැහැ
    මොනරුන්ට නං හරියට වැදුනොත් එතනමයි
    රිලවුත් ඉන්නවා ඕන නං
     
    • Like
    Reactions: reuse and NRTG

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,944
    40,787
    113
    මෙලෙස බුරුම පිඹුරන් මරාදැමීම අනුමත කළ හැකිද? කෙටි පිළිතුර "ඔව්".
    බය දැනෙන්නෙ නැති අය තමයි ඔව් කියන්නෙ. මිනිසා මිනිස්සු වැඩියි කියලා පාලනේ කරන්න ගත්තු වෙලාවෙ ඒ බය දැනුන ගොඩක් අය හිටියෙ ගෙවල් වල හැංගිලා.
     
    • Like
    Reactions: reuse and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,007
    198,391
    113
    Colombo, Sri Lanka
    TFS.

    රටකින් රටකට සතෙක් ගෙනගියාම පරිසරයට වෙන හානිය කාටවත් හිතා ගන්න බැහැ.

    ඕස්ට්‍රේලියාවේ උක් වගාවේ කෘමීන් වැලක්වීමට හඳුන්වා දුන් උක් මැඩියා (cane toad) දැන් ඕස්ට්‍රේලියා භූමියෙන් විශාල කොටසක් ආක්‍රමණය කරලා, හිතාගත නොහැකි තරම් විශාල විනාශයක් සිදු කරනවා. ඒ මදිවට, ඔවුන්ගේ පැවැත්මට අදාළ සියළු සැප සම්පත් සහිත පරිසරයක් පැවතීම නිසා ඔවුන් කොතරම් විශාලෙට වැඩෙනවාද කියලා පහල බලන්න.

    'Toadzilla' found in national park

    70891534723ebde50f84991cff2186ff

    Fri, 20 January 2023 at 10:01 am AEDT

    ඕකුන් පට්ට වේගෙන් හැදෙනවාලු නේද
    නොකන දේකුත් නැහැලු, අර කනවා කියලා ගෙනාපු කෘමියා නං කන්නෙ නැහැලු දැන්
    ගෙවල් වලට පැනල් බල්ලො සහ පූසන්ට කන්න දාල තියන පෙට් ෆුඩ් ටිකත් කාල යනවාලු
    මුන් විස නිසා මුන්ව කන කිඹුලො පවා මැරෙනවා කියලා මම දැක්කා
    ගොඩ යෑමක් නැති සීන් එකක් තියෙන්නෙ මුන්ගෙන් නං
    මමත් මේ cane toad ගැන කියන්න තමයි ආවේ. ඔව්න් පට්ටම ඇනයක් වෙලාලු ඉන්නේ දැන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    මමත් මේ cane toad ගැන කියන්න තමයි ආවේ. ඔව්න් පට්ටම ඇනයක් වෙලාලු ඉන්නේ දැන්
    ඔවු ඔවු
    තව ඉන්නවා US වලත් green iguana කියලා පත තලගොයි වර්ගයක්. උනුත් ඔහොම සීන් එකක් තියනවා
    එහෙ එවුන් ඕකුන්වා හන්ට් කරන වීඩියෝ එහෙම තියනවා
     
    • Like
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,086
    1
    28,596
    113
    ලංකාවේ දඩාවතේ යන බල්ලෝ මරලා දාන්න නීතියක් ගේන්න ඕනා
    මේක මෑතක් වෙනකම්ම ලංකාවේ සිද්ධ වුණා නගර සභා වලින්. මේක නැවතුනේ අර චන්ද්‍රිකා බැල්ලිගේ පුතා සත්ව අවිහිංසාවාදියෙක් කියලා තමන්ව හදුන්වාගන්න හින්ද ඌ influence කරල. මහජනතාවගේ ආරක්ෂාව තකා මේ දේ කරන්ඩ ඕනේ. මොකද ඔය දඩාවතේ යන බල්ලෝ මරණ එක නවත්තපු දවසේ ඉඳලා ලංකාවේ ජලභීතිකා රෝගය භයානක විදියට වැඩි වුණා. දැන් ඩොලර් හිඟය නිසා ජලභීතිකා එන්නත් හිඟ වෙලා තියෙන වෙලාවේ තත්ත්වය තවත් භයානකයි
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,384
    100,271
    113
    මෙහෙ මොණරු ඉන්නවා, ඌරො ඉන්නවා ඌරොන්ට නං එයා රයිෆල් එකෙන් තියලා ඌට දැනෙන එකක් වත් නැහැ
    මොනරුන්ට නං හරියට වැදුනොත් එතනමයි
    රිලවුත් ඉන්නවා ඕන නං
    ඒවට බොර 12 තියන ඉන්න කෙනෙක් ඉන්නවා ගොඩක් ගම් වල ඔය වැඩේටම

    මේ මොණරු සීන් එක උනේ කොහොමද දැන් උන් නැති තැනක් නෑනේ. පිළියන්දල හරියෙත් ඉදලා තියෙනවා මේ ළඟදී
     
    • Like
    Reactions: NRTG and reuse

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    මේක මෑතක් වෙනකම්ම ලංකාවේ සිද්ධ වුණා නගර සභා වලින්. මේක නැවතුනේ අර චන්ද්‍රිකා බැල්ලිගේ පුතා සත්ව අවිහිංසාවාදියෙක් කියලා තමන්ව හදුන්වාගන්න හින්ද ඌ influence කරල. මහජනතාවගේ ආරක්ෂාව තකා මේ දේ කරන්ඩ ඕනේ. මොකද ඔය දඩාවතේ යන බල්ලෝ මරණ එක නවත්තපු දවසේ ඉඳලා ලංකාවේ ජලභීතිකා රෝගය භයානක විදියට වැඩි වුණා. දැන් ඩොලර් හිඟය නිසා ජලභීතිකා එන්නත් හිඟ වෙලා තියෙන වෙලාවේ තත්ත්වය තවත් භයානකයි
    Issara Balu van eke awilla dagena yanawa Mata matahaki
     
    • Like
    Reactions: NRTG and reuse

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,793
    3,220
    113
    37
    @ katubedda
    ඒවට බොර 12 තියන ඉන්න කෙනෙක් ඉන්නවා ගොඩක් ගම් වල ඔය වැඩේටම

    මේ මොණරු සීන් එක උනේ කොහොමද දැන් උන් නැති තැනක් නෑනේ. පිළියන්දල හරියෙත් ඉදලා තියෙනවා මේ ළඟදී
    ම‌ොණරු වැඩි ව‌ෙන ඒකට නම් වගකියන්න ඔනි කතරගම ද‌ෙයිය‌ො තමයි. මිනිස්සු මරන්න බයයි..
     
    • Like
    Reactions: reuse

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    මම උඹේ අම්මට එළියට යන්න දෙන්නේ නෑ බය වෙන්න එපා පොන්ස්
    නූගත් බයි ගහනය පාලනය කරපු නැති නිසා තමයි රට බංකොලොත් උනේ
     
    Last edited:
    • Like
    Reactions: reuse

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    මමත් මේ cane toad ගැන කියන්න තමයි ආවේ. ඔව්න් පට්ටම ඇනයක් වෙලාලු ඉන්නේ දැන්
    ඔස්ට්‍රේලියාව දැන් නිරෝධායන නීති ඉතාම දැඩිව අනුගමනය කරන රටක් හැටියට ප්‍රසිද්ධයි. කාලෙකට ඉස්සෙල්ලා, මම දන්නා කෙනෙක් ලංකාවෙන් අරං ආපු "තණ හාල්" මල්ලක් මෙල්බර්න් එයාපෝට් එකේදී විවෘත කරපුවාම, ඒකේ ඉඳලා "ඉපියෙක්" එලියට පියාඹා යාම නිසා ඒ සෙක්ෂන් එකම වහලා fumigate කළා.

    දැන් නිරෝධායන නීති තිබුනට, ඒක අස්සයා පැන ගියාට පස්සේ ඉස්තාලේ වැහුවා වගේ කාරණයක්. වැඩිදුර සොයා බැලීමක් නැතිව උක් මැඩියා ගෙනාවා වගේම මෝඩ විදියට ගෙනාපු සතුන් වර්ග ගණනාවක් දැන් ඕස්ට්‍රේලියාවේ කැලේ සහ ගොවිපොලවලට හානි කරනවා.

    දඩයම් කරන්න ආසාවට හාවුන්, නරියන් කැලේට ඇරියා. යුරෝපියන් කාප් වතුරට දැම්මා. ප්‍රවාහන පහසුකම් සලසා ගන්න ගෙනාපු ඔටුවන්, අශ්වයන් නිදැල්ලේ ඇරියා. මස් සඳහා ගෙනාපු මී හරක් සහ ඌරන්, මුවන් (මුවන් ගෙනාවේ ලංකාවෙන්) නිදැල්ලේ ගියා. සුරතලේට හදාපු පූසන් කලේ වැදුනා. මයිනන්, මීයන් නොදැනුවත්වම නැව් වලින් ආවා. දැන් ඕස්ට්‍රේලියාවේ දේශීය සතුන්ට වඩා ඉන්නේ විදේශීය සතුන්. :yes:තව ටික කලකින් ඒක මනුෂ්‍ය ජනගහනටත් අදාළ වෙයි.
     
    • Like
    • Love
    Reactions: NRTG and reuse

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,771
    9,134
    113
    නිව් සීලන්ඩ් වල එහෙම ගොඩබිම් සර්පයො නෑනේත. මට මතකයි අපේ ඩෙල්ෆ්ට් දූපත් වලත් සර්පයො නෑ කියල කිව්වා එහෙ කෙනෙක්. කාලකන්නියෙක් ගිහින් දැම්මොත් බලාගන්න පුලුවන් පොපියුලේෂන් භීෂණේ.
     
    • Like
    Reactions: reuse and NRTG

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,384
    100,271
    113
    ඔස්ට්‍රේලියාව දැන් නිරෝධායන නීති ඉතාම දැඩිව අනුගමනය කරන රටක් හැටියට ප්‍රසිද්ධයි. කාලෙකට ඉස්සෙල්ලා, මම දන්නා කෙනෙක් ලංකාවෙන් අරං ආපු "තණ හාල්" මල්ලක් මෙල්බර්න් එයාපෝට් එකේදී විවෘත කරපුවාම, ඒකේ ඉඳලා "ඉපියෙක්" එලියට පියාඹා යාම නිසා ඒ සෙක්ෂන් එකම වහලා fumigate කළා.

    දැන් නිරෝධායන නීති තිබුනට, ඒක අස්සයා පැන ගියාට පස්සේ ඉස්තාලේ වැහුවා වගේ කාරණයක්. වැඩිදුර සොයා බැලීමක් නැතිව උක් මැඩියා ගෙනාවා වගේම මෝඩ විදියට ගෙනාපු සතුන් වර්ග ගණනාවක් දැන් ඕස්ට්‍රේලියාවේ කැලේ සහ ගොවිපොලවලට හානි කරනවා.

    දඩයම් කරන්න ආසාවට හාවුන්, නරියන් කැලේට ඇරියා. යුරෝපියන් කාප් වතුරට දැම්මා. ප්‍රවාහන පහසුකම් සලසා ගන්න ගෙනාපු ඔටුවන්, අශ්වයන් නිදැල්ලේ ඇරියා. මස් සඳහා ගෙනාපු මී හරක් සහ ඌරන්, මුවන් (මුවන් ගෙනාවේ ලංකාවෙන්) නිදැල්ලේ ගියා. සුරතලේට හදාපු පූසන් කලේ වැදුනා. මයිනන්, මීයන් නොදැනුවත්වම නැව් වලින් ආවා. දැන් ඕස්ට්‍රේලියාවේ දේශීය සතුන්ට වඩා ඉන්නේ විදේශීය සතුන්. :yes:තව ටික කලකින් ඒක මනුෂ්‍ය ජනගහනටත් අදාළ වෙයි.
    එහෙ කොහොමත් ඉන්නේ පිටින් ගෙනාවා අයනේ. අපේ විජය වගේ තමා එහෙ සුද්දොන්ගේ නුල් අය බහුතරය කාලෙන් කාලෙට පිටුවහල් කරපු අයනේ එක එක වැරැදි වලට.