නීතිය ක්‍රියාත්මක කිරීම සදහා උද්ඝෝෂණය කර

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    නීතිය ක්‍රියාත්මක කිරීම සදහා උද්ඝෝෂණය කර

    දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අද වර්ජනයේ ය. (එකත් එකට ජේවීපි එක උන්ට සෙට්වෙලා ය)

    ඒ තමන්ගේ නිලධාරීයෙකුට එරෙහිව කළ ප්‍රහාරය සම්බන්ධයෙන් වගකිව යුතු අය අත්අඩංගුවට ගැනීමට අපොහොසත්වීම සම්බන්ධයෙන් හා ඒ ගැන නීතිය ක්‍රියාත්මක නොවීම සම්බන්ධයෙන් විරුද්ධත්වය දැක්වීමට ය.
    (පොලීසියට බැරිවුන ඉස්සෙල්ලම වැඩේ ඕක ද? අනේ නිකම් පලයල්ලා බාන් යන්න.)

    නීතිය ක්‍රියාත්මක කිරීම සදහා උද්ඝෝෂණය කළ යුතු රටක පුරවැසියන් වීම ගැන මේ රටේ පුරවැසියන්ට සිතෙන්නේ කුමක් ද?ඇතිවනු ඇත්තේ ආඩම්බරයක් ද?
    (ඇයි යකඩො හම්බන්තොට වරාය බලලා ආඩම්බර වෙයන්කො. චීන්නු හදල අපි විවෘත කරේ ඊයේ පෙරෙදා. තොට කොහෙද ඒවා පේන්නෙ.)

    මේවා දකින ජාත්‍යන්තරය කුමක් කියනු ඇත් ද?
    (උන් අහවල් ලබ්බක් කියන්න ද උන් කියනා හැටියට ආණ්ඩු ගෙනියන්න අපේ නායකයින් නම් ලෑස්ති නැත. ඒකට වෙන දීපංකර‍යකින් කවුරු හරි සොයා ගත යුතු ය.)

    ඇත්තටම මේ නම් ජාත්‍යන්තරයට උඩගෙඩි දෙන කුමන්ත්‍රණයක් නොවිය හැක්කේ ද?
    (වෙන්න බැරි නැත. කොහොමටත් දේශිය ආදායම් දෙපාර්තමේන්තුවේ ඉන්නේ සල්ලි අත ගාලා ආසා ඇති අය ය. හැම දාම රුපියල් සත වලින් ගනුදෙනු කරන නිසා උන්ට ඩොලර් යුරෝ ගැන දුකක් ඇතිවුනා ද කියා කියන්නට බැරිය.)

    එසේ කියා අපට මේ ගැන නිහඩ විය හැකි ද? ඇත්තටම පොලීසිය නීතිය ක්‍රියාත්මක නොකරාවිය යන්න සැකයක්‍ මේ පිටුපස ඇත්තේ මක් නිසා ද?
    (මේ සම්බන්ධයෙන් වඩාත් සතුටට පත්ව ඇත්තේ ආණ්ඩු විරෝධින් ය. උන් කෑගහන්නේ බොරුවට ය. එහෙමත් එක පාරටම නීතියක් ක්‍රියාවේ යොදවන්නට පුලුවන් ද? පරීක්ෂණ කළයුතු ය. නීරීක්ෂණ කළ යුතු ය. අත්අඩංගුවට ගත හැක්කේ ඔප්පු වුනොත් ය. එහෙම නැතිව එකපාරටම අත්අඩංගුවට ගත හැක්කේ දේශද්‍රොහියෙක් බවට නිච්චියට දන්නවා නම් පමණය. ඔන්න සරත් ෆොන්සේකාගේ ජවිපෙ හෝ යූඇන්පියේ සම්බන්ධයක්වත් තියෙනවා කියා හරියට දන්නවා නම් මෙලහට කූඩු කරලා ය. ඇත්තටම මෙසේ විරෝධය පළකළාට මේ වනතෙක් නිසි පැමිණිල්ලක් කර නැති වෙන්නටත් පුලුවන. සමහරවිට ගහපු එකා තමන් විහින්ම අත්අඩංගුවට පත්වීම ප්‍රතික්ෂේප කරා වන්නට පුලුවන. එහෙම වෙලාවක අහිංසක පොලීසිය පලි ද?)

    මාතර ර‍ජයේ නිලධාරින්ගෙන් සියයට 80ට වඩා චන්දය දුන්නේ ආණ්ඩුවට ය. මේ කන්නේ ඉල්ලංද?
    (අපිට චන්දෙ දුන්න අයට විතරක් සළකන්න කියලද මේ කියන්න හදන්නෙ. අපි සළකන්නෙ මුලු රටට. අපි එහෙමයි හරි ය. මේ සළකන්න පටන් ගත්ත විතරයි. ඉන්නව කලබල නොවී තමුසෙත් නිකම් පනින්නෙ නැතිව. සළකන්ත තමයි බලන් ඉන්නෙ තමුසෙටත්!)

    Source.
    http://beyondframe.wordpress.com/2010/08/18/10aug182/
     
    • Like
    Reactions: Gayashanrockz

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83

    හෙහෙහ් මරු කමෙන්ට්ස් ටික :lol::lol: