නීතිය ගැන දන්න අයට ප්‍රශ්ණයක්..

yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    නීතිය ගැන දන්න අයට ප්‍රශ්ණයක්..

    මෙම ප්‍රශ්ණය අගවිනිසුරුවරිය ඉවත් කිරීම සම්බන්ධයෙනි.

    මගේ පෞද්ගලික උනන්දුව සඳහා පමණක් මෙය අසමි. කිසිදු කඩේ යාමක් නැත. (මේවා හරිද යන්න මම නොදනිමි)

    මගේ පෞද්ගලික මතය නම් පසුගිය කාලයේ රඟ දැක්වුණු මේ නාඩගමින් අධිකරණය නෝන්ඩි වීම හැර වෙන සිදුවූ යමක් නැති බවයි.

    ශිරාණි, ඇගේ සැමියා, සහ අහවල් තුමා එකට වංචා දූෂණ සිදු කළ එකට රට කෑ මිතුරන්ය. ඔවුන් කිසියම් හේතුවක් නිසා විරසක වීමෙන් ඉහත නාඩගම රඟ දැක්විණි. පැත්තක් ගැනීමෙන් අපට වන වැඩක් නැත.


    ප්‍රශ්ණය- නීතිය ගැන දන්නා කෙනෙක් පහත දැක්වෙන (ශිරාණි මහත්මියගේ තර්ක වලට විරුද්ධව නීතිවේදීන් ඉදිරිපත් කළ) තර්ක ගැන අදහසක් දෙන්නේ නම් ස්තූතිවන්ත වෙමි.

    1. රීට් ආඥාව එක් විනිසුරෙකුටද නිකුත් කළ හැකි නිසා එක් විනිසුරෙකුට වුවද සමස්ත පාර්ලිමේන්තුව අභිබවා යන බලයක් හිමිවේ. මේ නිසා පාර්ලිමේන්තුව රීට් ආඥාව පිළිගැනීමට බැඳී නැත.

    2. අර්ථ නිරූපණය සඳහා ඉදිරිපත් වන ඉල්ලීමක් අගවිනිසුරු හරහා යයි. එනම් ඉහත අර්ථ නිරූපණ ඉදිරිපත් කරන ලද්දේ ශිරාණි මහත්මිය විසින් පත් කළ විනිසුරු මඩුල්ලකිනි. එනම් තමන්ගේ නඩුව තමන් අසා ඇත.

    3. පාර්ලිමේතු කාරක සභාව ට කිසිම ආකාරයකින් "තීරණයක්" ගත නොහැක. "තීරණය" පාර්ලිමේන්තුව පමණක් ගන්නා අතර කාරක සභාව ඒ සඳහා යොදා ගන්නා උපකරණයක් පමණි. ඔවුන් කරන්නේ චෝදනා ඔප්පු වී ඇත්දැයි කීම පමණි. ඔවුන් කියන දෙය පිළිගැනීමට පාර්ලිමේන්තුව බැඳී නැත. මේ නිසා කාරක සභාව ට අධිකරණ බලතල තිබීමේ කිසිම අවශ්‍යතාවයක් නැත. පාර්ලිමේන්තුව ගන්නා තීරණය ජනපති අනුමත කළහොත් පමණක් එය ක්‍රියාත්මක වේ.

    4. මේ නිසා රීට් ආඥාව නිකුත් කර ඇත්තේ තවමත් නොගත්, නොතිබූ තීරණයක් වෙනුවෙනි. පාර්ලිමේන්තුවේ උපකරණයක් පමණක් වූ කාරක සභාවට විරුද්දව නියෝග දිය නොහැක්කේ පාර්ලිමේන්තුව තුල කතාබහ වන දේවල් සම්බන්ධයෙන් අධිරණයට අත පෙවිය නොහැකි ලෙස නීතියක් ඇති නිසාය.

    5. අවසාන වශයෙන්, ගිණුම් 20 ක පමණ දත්ත හෙළි නොකිරීමෙන් පමණක් ඇය වැරදිකාරිය වේ (ඒවායේ ශේෂ ශූන්‍ය වීම වැදගත් නොවේ.) මෙම වැරැද්ද පමණක් දෝෂාභියෝගයට ප්‍රමාණවත් වේ.

    හරි හෝ වැරදි ලෙස සඳහන් කිරීම වුවත් ප්‍රමාණවත් වේ.

    Thank you..:)
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    dan amasin kiyana id eken inna humonoid aka sithrajaya pol gedi akuren meke kunuharupa warusawak wapurai mokak hari account ehekin awilla man dakka oo online innawa. :/ ekai kiwwe

    *toin
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ශිරාණි, ඇගේ සැමියා, සහ අහවල් තුමා එකට වංචා දූෂණ සිදු කළ එකට රට කෑ මිතුරන්ය. ඔවුන් කිසියම් හේතුවක් නිසා විරසක වීමෙන් ඉහත නාඩගම රඟ දැක්විණි. පැත්තක් ගැනීමෙන් අපට වන වැඩක් නැත.


    sirawata. une Fonseka mahathmayawa uda dala thaman udata enna kapee penenna balapu aya Fonsekawa dan atha arala weli weli innakota.. meh ganiwa set wechcha eka :/
     
    Last edited: