නීතිය, ගොං රනිල් හා පතෝලයා

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නීතිය, ගොං රනිල් හා පතෝලයා

    නීතිය, ගොං රනිල් හා පතෝලයා

    g5__700.jpg

    ශ්‍රී ලංකාව ඇතැම් වකවානුවල හැර අවුරුදු 67ක් එකම තැන පල්වූ රටකි. ඇල්පෙනිත්තද පිටරටින් ආනයනය කරන රටකි. ගැහැණු මැදපෙරදිග යවා වි‍දේශ විනිමය ඉහළින්ම හම්බකලද ඔවුන් වෙනුවෙන් පෙනී නොසිටින රටකි. මහදවල් සරසවි සිසුවියන්‍‍ගේ ඔළුවට ‍බැටන් පොල්ලෙන් හොදින් ‘සංග්‍රහකල’ පොලිසිය පසුව වැටුනු සිසුවිය උස්සන්නට එම ප්‍රයත්න දැරූ බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකයා අර්ථ නිරූපනය කරන රටකි. කේන්ද්‍රකාරයෝ සහ ෆෙංසුයිකාරයෝ පොරවල් වන රටකි. වැස්සට තෙමෙන නිසා යතුරු පැදිය විකුණා කාරයක් ගැනීමට ගිය ටොයි නංගියා කාරයේ බදු වැඩිකල විටද අයවැය වෙනුවෙන් පෙනී සිටි සිටින රටකි. අගනුවර පාර මැද්දේ අමුඩ යුද්දේ කරමින් ගොවියෝ වාර්ෂිකව පාරට බැස්සවූ විප්ලවවාදීහු පොහොර සහනාධාරයට කෙළවන විටද ඇවන්ගාඩ් ගැන වමාරමින් සිටින රටකි. ශ්‍රී ලංකික ගෘහ සේවිකාවක් අරාබියේදී ගල්ගසා මැරීමට සිටියදී ඒ වෙනුවෙන් හඬක් නොනඟන හැටහුට හමාරක් ස්ත්‍රී එන්.ජී.ඕ. සංවිධාන තිබෙන රටකි. ජාතික සමගිය සහ සංහිඳියාව ගැන පම්පෝරි ගැසුවද පාසැල් නිල ඇදුමට ජාතිවාදී පදනමක් මත වවුචර් දෙන රටකි.
    තිබුණායැයි කියූ ලැම්බෝගිනි නැත. බකින්හැම් මාලිගයෙන් ගෙනාආ කියන රත්තරන් අශ්වයින්ද නැත. ‍නාරහේන්පිට මැනින් මාර්කට් එකේ තිබූ ප්‍රයිවට් පේන් එකද නැත. ස්විස් හෝ ඩුබායි එකවුන්ට්ද නැත. ඩුබායි මැරියට් හෝටලයේ අයිතියද නැත. තජුදීන්ගේ ‍ගොඩගත් මළසිරුරේ වාර්තාවට සිදුවූ දෙයක්ද නැත. කොටි නිදහස්වී ඇත. බුද්ධි අංශ හිරේ ඇත. සංවර්ධනය අඩාලවී ඇත. පාරිභෝගික ද්‍රව්‍ය සහ එළවළු මිල වැඩිවී ඇත. ශ්‍රී ලංකාව දැන් කොමඩිලන්තයක් බවට පත්වෙමින් ඇත. එදා තිරගත වූ ‘කොළඹ සන්නිය – කමින් ස්වීට්’ වෙනුවට ‘මහින්ද කොටියාට සල්ලි දීපු හැටි’ කියා රූපවාහිනී මාධ්‍ය සංදර්ශනයක්ද ඉදිරියේදී තිරගත වූවහොත් එහි පුදුමයක්ද නැත. ‍’වෙනස’ ලැබී ඇත. ‘යහපාලනයේ’ අසිරිය කියා වැඩක් නැත.
     
    Last edited:
    • Like
    Reactions: jayanathek

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අර චිත්‍රය වැරදියි නේහ්.....
    රනිල් වික්කාම-සිංහ මැතිදුන්ට එහෙම කරන්න බෑ කියල නේහ් කියන්නේ......
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    අර චිත්‍රය වැරදියි නේහ්.....
    රනිල් වික්කාම-සිංහ මැතිදුන්ට එහෙම කරන්න බෑ කියල නේහ් කියන්නේ......

    එතන යන්නෙ ආප්ප සීන් එකක් නේද... ආයිබෝං
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    මේ ගොං *කයල දෙන්න ඇවිල්ල රට නැත්තටම නැතිකලා....