නීතිය දන්නා අය පොඩ්ඩක් ඇවිල්ලා යන්න

wqe123

Well-known member
  • Aug 21, 2015
    9,828
    13,011
    113
    ලංකාවේ.. ලංකාවේ
    සමහර නීති කාරණා ලියනකොට මෙහෙම හෝ ආසන්න දිනයක කියලා ලියන්නේ ඇයි .
    හරි දිනේ ලියලා තියනවා නම් දින කියලා ලියන්නේ නැතිව.


    "2020 වසරේ ජනවාරි මස 20 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් තිසාවැව පිහිටි විත්තිකාර"
    25 හැවිරිදි තරුණ මවක 'දූෂණය කළ' 70 හැවිරිදි වෛද්‍යවරයෙකුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුව
     
    Last edited:

    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,001
    1,281
    113
    සමහර නීති කාරණා ලියනකොට මෙහෙම හෝ ආසන්න දිනයක කියලා ලියන්නේ ඇයි .
    හරි දිනේ ලියලා තියනවා නම් දින කියලා ලියන්නේ නැතිව.


    "2020 වසරේ ජනවාරි මස 20 වන දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් තිසාවැව පිහිටි විත්තිකාර"
    25 හැවිරිදි තරුණ මවක 'දූෂණය කළ' 70 හැවිරිදි වෛද්‍යවරයෙකුට වසර 15ක බරපතළ වැඩ සහිත සිර දඬුව
    දිනේ පටලුනොත් එතනින් තව නඩුවක් පටන් ගන්න පුළුවන් .

    උබ ලියනවා 2021-ජනවාරි 26 අහවල් ගමේ මෙහෙම සිද්දියක් උනා කියල . හැබැයි , ඔය සිරාවටම සිද්දිය වෙලා තියෙන්නේ 25 හෝ 27 වෙන්න පුළුවන් . එතකොට උබට විරුද්දව නඩුවක් දාන්න පුළුවන් උබෙන් වන්දි ඉල්ලලා සාවද්‍ය තොරතුරක් උබ දාල තියෙන නිසා . ඔය නම් ගම් හරියටම දාන්නේ නැත්තෙත් ඒකයි .
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    නීතිමය ලේඛනවල, විශේෂයෙන්ම අපරාධ නඩුවල චෝදනා පත්‍ර හෝ චෝදනා ලේඛනවල, විශේෂයෙන්ම දූෂණය වැනි ලිංගික අපරාධ සම්බන්ධ නඩුවල මේ වගේ නිශ්චිත දියන සහ හෝ ඊට ආසන්න දිනයක් කියල සඳහන් කරන්නේ අපරාධ ක්‍රියා නීඉති පටිපාටි පනතේ 136 වගන්තිය අනුව යම්කිසි අපරාධයක දියන සඳහන් කිරීම අනිවාර්ය නිසා..
    නමුත් ඒ හරහා සාක්ශියකට ඒක ඔප්පු කරන්න පොඩි ෆ්ලෙක්සිබිලිටියක් දෙන්න ඕනේ නිසා... උදාහරනයකට අපරාධයක කැලැන්ඩර් දිනයයි රසපර්‍රීශකගේ වාර්තාවේ දිනයයි වෙනස් වෙන්න පුලුවන්..

    ඒ වගේම අපරාධයක දියනට වඩා අපරාධයටයි මූලික අවධානය දෙන්නේ.. උදාහරනයකට සමහර පට්ට පරණ අපරාධ නඩු ආයෙත් ගොනුකරද්දි දින වෙනස් වෙන්න පුලුවන්. නමුත් එතැන්දි බලන්නේ දිනයට වඩා අපරාධය ගැනයි. අනික ලංකාවේ පැනල් කෝඩ් නීතියට අනුව යම්කිසි අපරාධයකට නඩු පවරන්න නම් ඒකට අදාල කාලසීමාවකුත් තියෙනව..
    සුලු අපරාධ නම් වසරක් ඇතුලත... ලොකු අපරාධ නම් වසර දහයක් වගේ.. ඒවගෙ ඒව වල නම් දිනය හරියටම බලනවා..

    අනිත් එක සන්ධර්භය අනුවත් මෙහෙම සඳහන් කරන්න වෙනව.. උදා හරනයකට දූශ්නයක් නම් ඒ දූශ්නය වෙච්ච කෙනා ඒක කියන්නේ කොහොම මෙන්ටැලිටි එකෙන්ද කියල බලනවා.. සමහරවිට ශොක් එකට දවස් වෙනස් වෙන්න වරදින්න පුලුවන්...
    අනිත් එක මේ සිද්ධියේදී හොස්පිටල් එකේ රෙcඔර්ඩ්ස් වෙනස් වෙන්නත් පුලුවන් නිසා.. කේස් එකට මුලු අවධානය දෙන්න ඩේට් එක මත පමනක් රැඳිලාඉන්නේ නැතිව ඉන්න මෙහෙම ඊට අදාල ආසන්න දිනයක කියල මෙන්ශන් කරනවා..
     

    Similar threads