නීතිය බල්ලට සරත් යන්තන් එලියට

AbaranAtha

Member
Apr 13, 2012
300
21
0
madamulana
නීතිය බල්ලට සරත් යන්තන් එලියට

නීතියේ ආධිපත්‍යය ඇති රටක නම් කිසියම් පුද්ගලයකු වරදක් කළේ නම් තරාතිරම නො බලා ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කෙරෙයි.


නීතියෙන් වරදකරුවකු වූ පුද්ගලයකුට සමාව දීමක් සිදු වන්නේ නම් එය ද සියලු පුරවැසියන්ට සමාන අයුරින් නීති‍ ප්‍රකාරව ම සිදු විය යුතු ය. මන්ද, නීතිය ඉදිරියේ සියලු දෙනා සමාන නිසා ය. කිසියම් පුද්ගලයෙකු වැඩියෙන් සමාන වන්නට බැරි නිසා ය.


ලංකාවේ සිදු වන්නේ කුමක් ද? වැරදි කරන බලවත් පුද්ගලයන් අතරින් නීතිය ක්‍රියාත්මක වන්නේ තෝරා ගත් අයට පමණි. නීතිය ක්‍රියාත්මක කරනවාද නැද්ද යන්න තීරණය කරන්නේ දේශපාලන අධිකාරය විසිනි.


නීතිය ක්‍රියාත්මක වීම සියල්ලන්ට ම සමාන අන්දමින් නොව තමන්ට ඕනෑ අන්දමින් කරන්නට පාලකයන් රජයේ නිලධාරියකු වන නීතිපතිවරයා පමණක් නොව, විනිසුරන් පවා මෙහෙයවා ගන්නා බව පෙනේ. අනෙක් පැත්තෙන් නීතිය ක්‍රියාත්මක කරන්නෝ ද දේශපාලන බලාධිකාරයේ උවමනාවන් පිළිබඳ මනා සංවේදීභාවයකින් යුතුව අවශ්‍ය පරිදි කටයුතු කරන්නට සූදානම් බව ද පෙනේ.


දැන් සරත් ෆොන්සේකා නිදහස් කිරීම පිළිබඳව ආණ්ඩුවේ කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. සරත් ෆොන්සේකා අත්අඩංගුවට ගත්තේ ද කැබිනට් නියෝගයක් මතදැයි අපි දන්නේ නැත. ‍‍මෙවැනි තීරණවලදී සාමූහික වගකීමක් තුළට සෙසු කැබිනට් සාමාජිකයන් ද ඇද ගැනීමේ උවමනාවක් ජනාධිපතිවරයාට ඇති බව පෙනේ.


සරත් ෆොන්සේකාට අධිකරණයෙන් දුන් දඬුවම් අතරින් එකක් ගෙවී අවසන් බව කියැවේ. තව එකකට එරෙහිව ඔහු අභියාචනා කර තිබේ. තව නඩුවක් පවරා තිබේ. තව ඕනෑ නම් නඩු පවරන්නට පුළුවන් බව ද කියැවිණි.


මේවා හුදෙක් අධිකරණ ක්‍රියාමාර්ග පමණක් නම්, ඒ පිළිබඳ තීරණ තීන්දු ගැනීම සිදු විය යුත්තේ අධිකරණයේ ය. ඔහු ඇප ඉල්ලා අයදුම්පතක් යොමු කර තිබේ. එය සලකා බැලිය යුත්තේ අධිකරණයේ ය.


හිටිහැටියේ අධිකරණය ඉදිරියේ ඔහුට ඇප දීම්, නඩු ඉල්ලා අස් කර ගැනීම් හා ජනාධිපති සමාව දීම් වැනි දේ සිදු වෙනවා නම් එය නීතිය ක්‍රියාත්මක වීමේ අපූරු තත්වයකි.


මෙවැනි දේ මීට පෙර ද සිදු නො වූවා නො වේ. පාලක පවුලේ සපත්තු ලෙවකෑමට පටන් ගත් සැණින් බොහෝ විරුද්ධ පාක්ෂික දේශපාලකයන්ගේ නඩු කැළේ විසි විණි. අබ්දූල් කාදර්, දුමින්ද සිල්වා, චන්දන කත්‍රිආරච්චි නිදසුන් ය.




සරත් ෆොන්සේකා සම්බන්ධ නීතිමය ක්‍රියාමාර්ගවලදී අධිකරණය කරන්නේ කුමක්ද? දේශපාලන අධිකාරය කියන දේද? එහෙම කරනවා නම් අධිකරණයේ ස්වාධීනත්වය කියන්නේ කුමක්ද?


සරත් ෆොන්සේකා හිරේ දැමීමටත් වඩා ඔහු නිදහස් කරන ආකාරය වැදගත් ය. මන්ද, එය විසින් ලංකාවේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය හා දේශපාලන බලාධිකාරය අතර සම්බන්ධය කදිමට නිරූපණය කරන බැවිනි.
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සරත් ෆොන්සෙකා කියන්නේ අපේ කාලේ මහා වීරයෙක්
    රට වෙනුවෙන් දිවි පරදුවට තියලා ජීවිතයත් මරණයත් අතර සටනක නියැළුන කෙනෙක්
    එහෙම කෙනෙකුට කරපු දේ මනුස්සත්වය හෑල්ළුවට ලක් කිරීමක්

    සරත් ෆොන්සෙකා විරවරයාව ගෞරවාන්විතව රැක බලා ගැනීම කාගේත් යුතුකම මිසක්ක තම දේශපාලන ඕන එපාකම් සහදා එතුමාව යොදාගැනීම නෙවෙයි