නීතිය සැමට එක සේ 🤡

Shamalin

Well-known member
  • May 28, 2017
    701
    1,170
    93
    ජාලිය වික‍්‍රමසූරියගේ වරෙන්තුව ආපසු කැඳවන්නැයි ඉල්ලයි


    ඇමරිකාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති ජාලිය වික‍්‍රමසූරිය මහතාට නිකුත් කර ඇති විවෘත වරෙන්තු නියෝගය ආපසු කැඳවන ලෙසට නියෝග නිකුත් කරන ලෙස ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා ඊයේ (16 දා) කොටුව වැඩබලන අතිරේක මහෙස්ත‍්‍රාත් ශලිනි පෙරේරා මහත්මියගෙන් ඉල්ලා සිටියේය.

    සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවේන්ද්‍ර ප‍්‍රනාන්දු මහතාගේ ඉල්ලීම සලකා බැලූ අතිරේක මහෙස්ත‍්‍රාත්වරිය එම ඉල්ලීම ස්ථීර මහෙස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන ලෙස දැනුම් දුන්නාය.

    අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් වැඩිදුර වාර්තා ඉදිරිපත් කරමින් අධිකරණයට කියා සිටියේ විත්තියේ නීතිඥවරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් තමන්ට විරෝධයක් නොමැති බවයි. :lol: :lol: :lol:

    ඇමරිකාවේ ශ‍්‍රී ලංකා තානාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියදී තානාපති කාර්යාලය සඳහා ගොඩනැ`ගිල්ලක් මිලදී ගැනීමෙන් ශ‍්‍රී ලංකා රජයට අයත් ඇමරිකානු ඩොලර් එක්ලක්‍ෂ තිස්දෙදහසක් සාවද්‍ය සාපරාධී පරිහරණය කිරීම ඇතුළු චෝදනා යටතේ කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ජාලිය වික‍්‍රමසූරිය මහතාට එරෙහිව එම නඩුව පවරා තිබිණි.

    නඩුව යළි ලබන 22 දා කැඳවීමට නියමිතය.

    කශුනි රෙබෙකා

    https://divaina.com/daily/index.php/puwath-2/47917-2020-09-16-15-16-36
     
    • Like
    Reactions: D_Mad

    Mr.Lokka

    Well-known member
  • Jan 14, 2020
    953
    1,945
    113
    අනේ අපොයි අපේරටට වෙච්ච දේ.
    ඉදිරියේදී අපේ රටේ දේශපාලනය කෙසේ වෙනස් විය යුතුද?
    ඕගොල්ලෝ මොකද මේගැන හිතන්නේ.