නීති පැහැදිලි කිරීමක් අවශ්‍යයි (ඉඩම්)

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    මට අම්මගේ පැත්තෙන් ලැබුන ප. 40 ඉඩමක් තියනවා ගම්පහ. මේ ඉඩම එක පැත්තකින් මායිම් වෙන්නේ ඇලකට. ඇලෙන් අනිත් පැත්තේ තියෙන්නේ කුබුරු යායක්. මේ කුබුරු වල වී වගාකරලා නෑ, පුරන් කුබුරු. නමුත් මේ දැන් තියන තත්වයත් එක්ක ඒ පැත්තේ එළවලු වගාකරන්න පටන් අරන් තියනවා( හරිහමන් වගාවක් නෑ , කෙහෙල් ගස් කිහිපයක් හා තව මොනවාද පැල වගයක් වවලා තියනවා). ඉඩමේ අපේ පැත්තේ මායිම දිගට තරමක් ලොකු ගස් වැවිලා, ඇල පැත්තට බරවෙලා තියනවා. අර වෙලේ වවන පවුල හැමවෙලේම කන්කෙදිරිගානවා ඒ ගස් කපන්න කියලා , වදුල හින්දා වවන්න බැරිලු. මම ඉන්නේ බත්තරමුල්ලේ. ඒ මිනිස්සු කියන ගානේ හිහින් අපට ඕවා කරන්න බෑ. අනික ඔකේ තව ප්‍රශ්නයක් තියනවා.👇

    ඔය මිනිස්සු ඔය කුබුර අරගත්තේ අ. 5කට විතර කලින්. අපි ඔය අවට නැති හින්දා, අපේ පැත්තේ ඇල මායිමේ ගහලා තිබුන වැට කණු කිහිපයක් මේ මිනිස්සු හිතුමනාපෙට ගලවලා අපේ පැත්තෙන් ටිකක් කපලාත් හිබුනා. ඕකට අපි පැමිණිල්ලක් දාපුවහම ගොවිජන සේවා එකෙන් ඉඩම පරික්ෂා කරලා, පැමිණිල්ල විභාග කරලා තීන්දුවක් දුනා කුබුරු කාරයෝ වැරදියි හා තිබුන විදිහට වැට හදන්න කියලා. නමුත් උන් ඒක කරේ නෑ. අපිත් ඒක පස්සේ වැඩිය එළවන්න ගියේ නෑ, උනුත් ආයේ වැට කැපුවේ නෑ. මම මුලදී ගස්වල අතු කපලා දාන හිතුවත් ඒක කරේ නෑ, මොකද උන් හිතා මතාම උන්ගේ වැඩේ නොකරපු හන්දා. ඉතින් මට තියන ප්‍රශ්න මේවයි :

    • මෙතන කුබුරේ වී වගා කරලා නැති නිසා ගොවිජන පනතේ කුබුරු වලට අදාල නිතිය මෙහි වලන්ගු ද? අපේ මායිමේ වදුල සුද්ද කිරීමට අපි කලයුතුද ?
    • මෙම තත්වයට අදාලව ගොවියාට වාසිවෙන ආකාරයේ නීති කොන්දේසි තිබේද ?
    • අපේ අවසරයකින් හෝ අපට කරන දැනුම්දිමක්නින් තොරව අපේ වත්තට ඇතුළුවී ඇළ අයිනේ ගස් ඔවුන්ට හෙලිකල හැකිද ?
     
    • Like
    Reactions: shenat and SK29

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    උබල වත්ත වටේට කම්බි කණු ගහපන්. එක කරන්න පුළුවන් හොඳම දෙයක්
    වටේ අනිත් පැතිවල ප්‍රශ්නයක් නෑ. මේ ප්‍රශ්නය තියෙන්නේ වෙල පැත්තේ විතරයි. අනික අර පැත්තේ පැමිණිල්ල අපේ පැත්තෙන වදුල ඒ පැත්තට වැටෙනවා කියලනේ. මම අහන්නේ මේකේ නීතිමය තත්වය මොකද්ද ? මොකද නිතිය ටිකක් ගොවියන්ගේ පැත්තට බරයි නේද ?
     
    • Like
    Reactions: scorpion MW

    Awatiyal

    Well-known member
  • Feb 11, 2015
    775
    1,992
    93
    අනේ මන්දා
    පරවශ්‍යතා නීතිය කියල (හෝ මීට සමාන නමකින්) නීතියක් තියෙනවා.. මතක විදියට ඒක යටතෙ තියෙනවා හිරු එළිය ලැබීමේ අයිතිය වගේ කෑල්ලක්.. පොඩ්ඩක් හොයල බලපං.. මට google කර කර ඉන්න කම්මැලියි

    Edit
    ඔන්න link එකක්
     
    Martin

    Well-known member
  • Aug 15, 2006
    747
    578
    93
    ග්‍රාමසේවක මහත්තයා දැනුවත් කරන්න
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    අපෝ මේක බැලුවොත් ඉඩම් ගැන ත්‍රෙඩ්..යනකොට ගෙනියනවද ඕවා?උඹල වගේ උන් තමා මළාට පස්සේ බිංකුණ්ඩො වෙලා උපදින්නේ..🤣🤣
     
    • Haha
    Reactions: Hankook

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    පරවශ්‍යතා නීතිය කියල (හෝ මීට සමාන නමකින්) නීතියක් තියෙනවා.. මතක විදියට ඒක යටතෙ තියෙනවා හිරු එළිය ලැබීමේ අයිතිය වගේ කෑල්ලක්.. පොඩ්ඩක් හොයල බලපං.. මට google කර කර ඉන්න කම්මැලියි

    Edit
    ඔන්න link එකක්
    thanks,

    මම ඔයගැන බැලුවා. නමුත් ඒක මෙතන ඒ තරම් අදාල නෑ . අනික ඒක අපි කරලා දෙන්න ඕනේ කියලා නෑ නේ. මෙතන ගොවි පනත තමයි අදාල වෙන්නේ නේද?

    අපෝ මේක බැලුවොත් ඉඩම් ගැන ත්‍රෙඩ්..යනකොට ගෙනියනවද ඕවා?උඹල වගේ උන් තමා මළාට පස්සේ බිංකුණ්ඩො වෙලා උපදින්නේ..🤣🤣
    මහින්ද ලොක්ක මොකෙක් වෙලා උපදී ද බන් ?
    ------ Post added on Jul 18, 2022 at 9:15 PM
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,413
    8,768
    113
    උන්ට උන්ගෙ පැත්තට තියෙන ගස් වල අතු කපන්න පුලුවන්.
    ඒකට ඔයාලගෙ වත්තට ඇවිත් කැපුව කියන එක අවුල් උනත් ඒක ලන්කාවෙ එච්චර ලොකු අවුලක් කියල දකින්නෙ නෑ.
    ඒ නිසා ඒක උබට පුලුවන් නම් කපලා දෙන්න.

    තමන් ඒ ඉඩමෙ ලඟ පාත ඉන්න කෙනෙක් නෙමෙයි නම් වටේ ගල් බැම්මක්වත් දාන එක හොඳයි.
    ------ Post added on Jul 18, 2022 at 11:26 PM
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    උන්ට උන්ගෙ පැත්තට තියෙන ගස් වල අතු කපන්න පුලුවන්.
    ඒකට ඔයාලගෙ වත්තට ඇවිත් කැපුව කියන එක අවුල් උනත් ඒක ලන්කාවෙ එච්චර ලොකු අවුලක් කියල දකින්නෙ නෑ.
    ඒ නිසා ඒක උබට පුලුවන් නම් කපලා දෙන්න.

    තමන් ඒ ඉඩමෙ ලඟ පාත ඉන්න කෙනෙක් නෙමෙයි නම් වටේ ගල් බැම්මක්වත් දාන එක හොඳයි.
    ------ Post added on Jul 18, 2022 at 11:26 PM
    Thanks bro!

    මෙතනදී අපි වදුල සුද්ද කරලා දෙන්න ඕනේ ද ? උන්ට ඕනෙනම් කපාගත්තට කමක් නෑ. ඒක අපේ වගකීමක් ද ?
     
    • Like
    Reactions: SK29

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    වටේ අනිත් පැතිවල ප්‍රශ්නයක් නෑ. මේ ප්‍රශ්නය තියෙන්නේ වෙල පැත්තේ විතරයි. අනික අර පැත්තේ පැමිණිල්ල අපේ පැත්තෙන වදුල ඒ පැත්තට වැටෙනවා කියලනේ. මම අහන්නේ මේකේ නීතිමය තත්වය මොකද්ද ? මොකද නිතිය ටිකක් ගොවියන්ගේ පැත්තට බරයි නේද ?
    ගොවියන්ට පුළුවන් ද උබලගේ ඉඩමට මුකුත් කරන්න.. උන්ට බලය තියන්නේ උන්ගේ ඉඩම ඇතුලේ විතරයි...
     
    • Like
    Reactions: Starry Night

    J24

    Well-known member
  • Jan 24, 2022
    334
    701
    93
    කුඹුරු පුරන් වෙලා තිබුණත් කුඹුරු ඉඩම් ලේඛනයේ ඒක කුඹුරක් විදියට තියෙනකං කුඹුරක් විදියට සලකන්නේ. තමන්ගේ ඉඩමකට ඇතුල්වෙලා මොනම ආකාරයක දෙයක්වත් කරන්න බෑ පෙර අවසරයක් හෝ නීතිමය අවසරයක් නැතිව. වැටක තියෙන ගස්වල අතු තමන්ගේ පැත්තට බර වෙනවා නම් ඒක කපන්න ඕනම කෙනෙක්ට අයිතියක් තියෙනවා. හැබැයි ඉඩමක් තුළ තියෙන ගහක අත්තක් අනිත් ඉඩමට බර වෙලා තියෙනවා නම් ගොඩක් වෙලාවට පළාත් පාලන ආයතනය දැනුවත් කරල කරන්න පුලුවන්. (නැත්තං ඉතිං මිනි මරාගන්න කේස් යනව)

    උඹට තියෙන හොදම විසදුම තමයි කොන්ක්‍රීට් කණු හිටවල කටු කම්බි පොටවල් 04 ක් 05 ක් ඇදල දාන එකයි. ප්‍රශ්නය එතනින් අහවරයි.

    මම දන්න නඩුවක් තියෙනවා එක තැනක බිල්ඩිං එකක් හැදුවා තට්ටු 04 කට විතර. එහා පැත්තෙ එකා නඩුවක් දැම්මා තමන්ගේ ඉඩමට හිරු එළිය වැටෙන්නේ නෑ දවස පුරාම කියල. ඌ නඩුව පැරදුනා. හිරු එළිය නොලැබෙනවා කියල නඩුවක් ගොනු කරන්න තරම් සාධාරණ හේතු ඉදිරිපත් කළ නොහැක කියල තමයි වාර්තාවේ තිබුණේ.
     
    ස්තුතියි මචන් තොරතුරු වලට.

    "කුඹුරු පුරන් වෙලා තිබුණත් කුඹුරු ඉඩම් ලේඛනයේ ඒක කුඹුරක් විදියට තියෙනකං කුඹුරක් විදියට සලකන්නේ."

    මට තියන ප්‍රශ්නය : දැන් මෙතන තියෙන්නේ පුරන් කුබුරක් නෙමේ. ඒ කුබුරේ කෙහෙල් ගස්, පුවක් වගේ දේවල් වවලා. එතකොටත් ඒක (කෙහෙල්ගස් වගාවක්) කුබුරක් විදිහට සලකනවද ? එක අතකින් එක අනවසර කටයුත්තක් නේද (කුබුරු වෙනත් වගා සදහා ගැනීම) එහෙනම් මේ ඉඩමේ ඕනෑම වගාවක් කරලා (නිකමට හිතපන් දුම්කොළ - මම දැකලා තියන මාතලේ පැත්තේ පුරන් කුබුරුවල දුම්කිල වලලා තියනවා ) කුබුරු පනත අස්සේ හැංගිලා ඒ අයිතීන් බුක්තිවිදින්න පුලුවන්ද ? --- කුබුරු ලෙස නිර්වචනය කරන්නේ වී වගාකරන ඉඩම් විතරක් නෙමේද ?

    " තමන්ගේ ඉඩමකට ඇතුල්වෙලා මොනම ආකාරයක දෙයක්වත් කරන්න බෑ "

    මේක මම දන්නවා, නමුත් මම අහන්නේ : මෙතනදී අපි වදුල සුද්ද කරලා දෙන්න ඕනේ ද ? උන්ට ඕනෙනම් කපාගත්තට කමක් නෑ. ඒක අපේ වගකීමක් ද ?
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,014
    1
    58,332
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඒ පැත්තෙ ගොවිජනසේවා කොමසාරිස්ට පැමිණිලි කරපන් කුඹුරක් ගොඩකරනවා කියල.

    ගස් වල අතු උඹේ ඉඩම ඇතුලේ තියෙනවනම් කපන්න ඕනි නෑ.
     
    • Like
    Reactions: Starry Night

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    ඒ පැත්තෙ ගොවිජනසේවා කොමසාරිස්ට පැමිණිලි කරපන් කුඹුරක් ගොඩකරනවා කියල.

    ගස් වල අතු උඹේ ඉඩම ඇතුලේ තියෙනවනම් කපන්න ඕනි නෑ.
    ගොවිජනසේවා කොමසාරිස්ට පැමිණිලි කරලා උන්ට විරුද්දව තින්දුවකුත් දීලා තියෙන්නේ අපේ ගලවපු වැට හදන්න කියලා

    මචන් මම අහන දේ ඒක නෙමේ: මෙතනදී අපි වදුල සුද්ද කරලා දෙන්න ඕනේ ද ? උන්ට ඕනෙනම් කපාගත්තට කමක් නෑ. ඒක අපේ වගකීමක් ද ?????
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    කුඹුරු පුරන් වෙලා තිබුණත් කුඹුරු ඉඩම් ලේඛනයේ ඒක කුඹුරක් විදියට තියෙනකං කුඹුරක් විදියට සලකන්නේ. තමන්ගේ ඉඩමකට ඇතුල්වෙලා මොනම ආකාරයක දෙයක්වත් කරන්න බෑ පෙර අවසරයක් හෝ නීතිමය අවසරයක් නැතිව. වැටක තියෙන ගස්වල අතු තමන්ගේ පැත්තට බර වෙනවා නම් ඒක කපන්න ඕනම කෙනෙක්ට අයිතියක් තියෙනවා. හැබැයි ඉඩමක් තුළ තියෙන ගහක අත්තක් අනිත් ඉඩමට බර වෙලා තියෙනවා නම් ගොඩක් වෙලාවට පළාත් පාලන ආයතනය දැනුවත් කරල කරන්න පුලුවන්. (නැත්තං ඉතිං මිනි මරාගන්න කේස් යනව)

    උඹට තියෙන හොදම විසදුම තමයි කොන්ක්‍රීට් කණු හිටවල කටු කම්බි පොටවල් 04 ක් 05 ක් ඇදල දාන එකයි. ප්‍රශ්නය එතනින් අහවරයි.

    මම දන්න නඩුවක් තියෙනවා එක තැනක බිල්ඩිං එකක් හැදුවා තට්ටු 04 කට විතර. එහා පැත්තෙ එකා නඩුවක් දැම්මා තමන්ගේ ඉඩමට හිරු එළිය වැටෙන්නේ නෑ දවස පුරාම කියල. ඌ නඩුව පැරදුනා. හිරු එළිය නොලැබෙනවා කියල නඩුවක් ගොනු කරන්න තරම් සාධාරණ හේතු ඉදිරිපත් කළ නොහැක කියල තමයි වාර්තාවේ තිබුණේ.
    හිරු එළිය නොවැටෙන එක සාධාරණ හේතුවක් නොවෙන්නේ කොහොමද බං?
    Solar system එකක් තිබුණා නම් ඌට එකෙන් වැඩක් නැති වෙනවා නෙ....
    ඔය colombo 7 වල එහෙම ලොකු උස building හදන්න බෑ මන් දාන්න විදියට?
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,675
    3,398
    113
    උන්ට උන්ගෙ පැත්තට තියෙන ගස් වල අතු කපන්න පුලුවන්.
    ඒකට ඔයාලගෙ වත්තට ඇවිත් කැපුව කියන එක අවුල් උනත් ඒක ලන්කාවෙ එච්චර ලොකු අවුලක් කියල දකින්නෙ නෑ.
    ඒ නිසා ඒක උබට පුලුවන් නම් කපලා දෙන්න.

    තමන් ඒ ඉඩමෙ ලඟ පාත ඉන්න කෙනෙක් නෙමෙයි නම් වටේ ගල් බැම්මක්වත් දාන එක හොඳයි.
    ------ Post added on Jul 18, 2022 at 11:26 PM
    Ow:)
    Kuburu unama kohomath athu kapanna puluwan..:)

    කුඹුරු පුරන් වෙලා තිබුණත් කුඹුරු ඉඩම් ලේඛනයේ ඒක කුඹුරක් විදියට තියෙනකං කුඹුරක් විදියට සලකන්නේ. තමන්ගේ ඉඩමකට ඇතුල්වෙලා මොනම ආකාරයක දෙයක්වත් කරන්න බෑ පෙර අවසරයක් හෝ නීතිමය අවසරයක් නැතිව. වැටක තියෙන ගස්වල අතු තමන්ගේ පැත්තට බර වෙනවා නම් ඒක කපන්න ඕනම කෙනෙක්ට අයිතියක් තියෙනවා. හැබැයි ඉඩමක් තුළ තියෙන ගහක අත්තක් අනිත් ඉඩමට බර වෙලා තියෙනවා නම් ගොඩක් වෙලාවට පළාත් පාලන ආයතනය දැනුවත් කරල කරන්න පුලුවන්. (නැත්තං ඉතිං මිනි මරාගන්න කේස් යනව)

    උඹට තියෙන හොදම විසදුම තමයි කොන්ක්‍රීට් කණු හිටවල කටු කම්බි පොටවල් 04 ක් 05 ක් ඇදල දාන එකයි. ප්‍රශ්නය එතනින් අහවරයි.

    මම දන්න නඩුවක් තියෙනවා එක තැනක බිල්ඩිං එකක් හැදුවා තට්ටු 04 කට විතර. එහා පැත්තෙ එකා නඩුවක් දැම්මා තමන්ගේ ඉඩමට හිරු එළිය වැටෙන්නේ නෑ දවස පුරාම කියල. ඌ නඩුව පැරදුනා. හිරු එළිය නොලැබෙනවා කියල නඩුවක් ගොනු කරන්න තරම් සාධාරණ හේතු ඉදිරිපත් කළ නොහැක කියල තමයි වාර්තාවේ තිබුණේ.
    4 storey building unama kohomath approve karalane hadanne athakota itin karanna deyak neee heduwata passe..hadanna kalin approve aka denne municipal akenne
    ------ Post added on Jul 19, 2022 at 9:39 AM

    ඇළ අයිනේ ගස් ඔවුන්ට හෙලිකල හැකි..

    ඇල එලි කරන මුවාවෙන් කල හැක...ඔබට ඇළට අයිතිවාසිකම් කිව නොහැක...ඇළක් ඇති විට ඉදිකිරීමක් කිරීමේදී පවා අනුගමනය කල යුතු ක්‍රියාවලියක් ඇත
    ------ Post added on Jul 19, 2022 at 9:43 AM
     
    • Like
    Reactions: SK29

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    ඇළ අයිනේ ගස් ඔවුන්ට හෙලිකල හැකි..

    ඇල එලි කරන මුවාවෙන් කල හැක...ඔබට ඇළට අයිතිවාසිකම් කිව නොහැක...ඇළක් ඇති විට ඉදිකිරීමක් කිරීමේදී පවා අනුගමනය කල යුතු ක්‍රියාවලියක් ඇත
    ------ Post added on Jul 19, 2022 at 9:43 AM
    ඇයි බන් කියන එක තේරෙන්නේ නැත්තේ ? මම අහන්නේ එක නෙමේ ! එළිකිරීම මම කරලා දෙන්න ඕනෙද කියන එකයි ප්‍රශ්නය.