සාධාරණ හේතුවක් නැතුව අතුරු තහනම් නියෝග ඉල්ලන අයට දඬුවම් කරන්නේ නැද්ද?![]()

Oh dear! nothing's happened to me yet! I just wonder what the hack is that mentioned with some recent news reports.There is., but you have to file a separate case against it. It could be either a FHR violation or DOC or anything that your lawyer would suggest depending on the original writ.
Btw... a court does not issue a Writ without a proper argumentation from both sides. Writ is not a JOKE !... so law makes take it very seriously. A writ is basically compared to a KING's Order ! ... to defy it is an absolute criminal offence without no argument.
To issue a write, either you have to loose the case or your hadn't turned upto the courts on the date of your summons. So what exactly happened?![]()

Oh dear! nothing's happened to me yet! I just wonder what the hack is that mentioned with some recent news reports.![]()

ඉහළ අධිකරණයක්, මහාධිකරණ, අභියාචනාධිකරණ හෝ ශ්‍රේෂ්ඨධිකරණය වැනි අධිකරණයක් විසින් යම් කිසි පුද්ගලයෙකුට හෝ ආයතනයකට, යම් කිසි පුද්ගලයෙකුගේ හෝ ආයතනයක ඉල්ලීම පරිදි නිකුත් කරන නියෝගයක්.
වර්ග 5කි.
1. හේබියස් කෝපස්
2. මැන්ඩමස්
3. ප්‍රොහිබිෂන්
4. ක්වො වොරන්තො
5. ස'ටියොරෙරායි
I don't know Law, putha.![]()


Thanksසර්ෂියෝසාරි, ප්‍රොහිබිෂන්, මැන්ඩාමුස්, ප්‍රොසිඩෙන්ඩෝ, ක්වෝ වොරන්ටෝ සහ හබයාස් කෝපූස් ලෙස වර්ග 06 ක්
හබයාස් කෝපූස් රීට් ආඥාවන් යම් පුද්ගලයකුගේ ආරක්ෂාවට අදාළ සුවිශේෂී රැකවරණයක් ලෙස.මෙම රීට් ආඥාව මගින් යම් පුද්ගලයකු නීතිය ඉදිරියට ඉදිරිපත් කරන ලෙස පුද්ගලික හෝ රාජ්‍ය ආයතනයට විධානය කෙරේ.
(You must have the body) යම් අනීතික රඳවා තබා ගැනීමකදී මෙම රීට් ආඥාව බෙහෙවින් වැදගත් වෙයි. In re Mark Anthony Lyster Bracegirdle (39 NLR 193) යන නඩුකරයේදී අග්‍රාණ්ඩුකාරවරයා විසින් බ්‍රෙස්ගර්ඩ්ල් යන අය රඳවා තබා රටින් පිටුවහල් කිරීමට ගත් තීරණය නීතිය ඉක්මවා ගත් තීරණයක් ලෙස තීරණය කළ අධිකරණය අග්‍රාණ්ඩුකාරවරයාගේ එම තීරණය බලාතික්‍රමණයක් (ultra vires) ලෙස සලකා බලශූන්‍ය කරන ලදී. එහිදී අධිකරණය දක්වා සිටියේ “යම් විධායකයකට ක්‍රියා කළ හැක්කේ එයට නීතියෙන් ලබා දී ඇති බලතල අනුව පමණක්” බවයි.
හබයාස් කෝපූස් ආඥාවකදී යම් අයෙකු අනීතික ලෙස රඳවා තබා ගෙන ඇද්දැයි පරීක්ෂා කිරීමේදී අධිකරණය අසද්භාවය (mala fide), ප්‍රමාදීභාවය (Belated order), නිසි බලය ඇති ආයතනයක් නොවීම, නොපැදිලි වීම (vague) වැනි ක්ෂේත්‍ර රාශියක් සලකා බලයි. හබයාස් කෝපූස් ආඥාවක් යම් අනීතික ලෙස රඳවා ගැනීමට ලක්ව ඇති අයට ඔහු විසින්ම හෝ සමීප ඥාතියෙකු මගින් හෝ යම් සම්බන්ධයක් ඇති පාර්ශ්වයක් මගින් ලබා ගත හැකි නමුත් සම්පූර්ණ විධායකයකුට (Total stranger) එවැනි හිමිකමක් නැත.
ක්වෝ වොරෙන්ටෝ රීට් ආඥාවක් (By what authority) මගින් සිදු කරනුයේ යම් රාජ්‍ය නිලධාරියෙකුට එම ධුරය දැරීමට ඇති සුදුසුකම ප්‍රශ්න කිරීමය. මෙවැනි රීට් ආඥාවක් අයැදීමකදී ඔහුගෙන් අගතියට පත් පාර්ශ්වයක් වීම අවශ්‍ය නැත. එහෙත් එම ධුරය ව්‍යවස්ථාපිත හෝ පොදු ආකෘතියේ එකක් විය යුතු ය. කෙසේ වෙතත් මෙම රීට් ආඥාවක් අයැදීමකදී සද්භාවීව සිදු කිරීම අත්‍යවශ්‍ය වේ. මෙම අයිතිය මගින් පාර්ලිමේන්තුවක, පළාත් සභාවක හෝ ප්‍රාදේශීය සභාවක ධුර දරන්නෙකුට එම ධුරය දැරීමට ඇති අයිතිය ප්‍රශ්න කළ හැකිය. Bandaranayake Vs. De Alvis 82 (2) SLR 664 හිදී ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාවේ කටයුතු කිරීම වළකාලමින් එහි විනිසුරුවරයෙකුට එරෙහිව ක්වෝ වොරෙන්ටෝ රීට් ආඥාවක් නිකුත් කරන ලදී.
මෙම දෙවර්ගයම පොදු නීතියේදී එකම කුලකයක් ලෙස වර්ග කරන අතර සර්ෂියෝරාරි ආඥාවක් මගින් යම් විධායක ආයතනයක් හෝ පුද්ගලයෙක් සිදු කළ අනීතික ක්‍රියාවක් බල රහිත කරවා ගත හැකි අතර තහනම් ආඥාවක් මගින් එවන් ක්‍රියාවක් මතුවට එනම් අනාගතයේදී සිදු කිරීම වළක්වන ලෙස අයැද සිටිනු ලැබේ. බන්දුල එදිරිව අල්මේදා සහ තවත් අය 95 (1) SLR 309 නඩුවේදී ජනාධිපතිවරයා විසින් පුද්ගලික දේපළක් පවරා ගැනීමට කළ නියෝගය සර්ෂියෝරාරි ආඥාවක් මගින් අධිකරණය විසින් බල රහිත කරන ලද්දේ එම නියෝගය නිසි නීතිමය උපචාරයන්ට අනුකූලව සිදු කරනු නොලැබීම මතය. එසේම Phool Chand vs. Regional Transport Authority (AIR 1986 SC 119) යන ඉන්දීය නඩුකරයේදී ඉන්දීය අධිකරණය ප්‍රාන්ත රාජ්‍යයක් විසින් ආරම්භ කළ මෝටර් රථ ව්‍යාපෘතියක් බල රහිත කරන ලද්දේ එම ව්‍යාපෘතිය ඇරඹීම සඳහා විශාල කාලයක් ගත කිරීම මතය.
මැන්ඩාමුස් රීට් ආඥා යම් විධායක අධිකාරයක් හෝ පුද්ගලයකු විසින් නෛතිකව ඉටු කිරීමට බැඳී සිටින නීතිමය වගකීමක් හෝ යුතුකමක් පැහැර හැරීමකදී සිවිල් පුරවැසියන්ට එම නෛතිකමය අයිතිය ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා ඇති නෛතික ආරක්ෂණය ලෙස මැන්ඩාමුස් රීට් ආඥා හඳුන්වා දිය හැකිය. මැන්ස්ෆීල්ඩ් සාමිවරයාට අනුව මැන්ඩාමුස් රීට් ආඥා අනීතික ලෙස සිය වගකීම් පැහැර හැරීමක දී සිවිල් පුරවැසියන්ට සිය අයිතීන් රැක ගැනීම සඳහා ඇති අයිතිය තහවුරු කරන්නකි. කෙසේ වෙතත් අධිකරණය මැන්ඩාමුස් රීට් ආඥාවක් නිකුත් කරන්නේ වෙනත් පරිපාලනමය සහායක් නොමැති අවස්ථාවක පමණි. එසේම Mani Subrat vs. State of Haryana (1977 -1 SCC 486) තීරණය අනුව මැන්ඩාමුස් රීට් ආඥාවක් ලබා ගැනීම සඳහා එය අයදින පාර්ශ්වයට නීතිමය අයිතියක් තිබිය යුතුය.
රීට් ආඥා නිකුත් කිරීම සඳහා අධිකරණය මූලිකව පදනම් කරගන්නා මූලධර්ම ලෙස ස්වභාවික යුක්ති මූලධමය Natural Justice හඳුනාගත හැකිය. මේ අනුව නිසි ඇහුම්කන් දීමකින් තොරව (audi alteram partem) ලබා දෙනු ලබන විධායකමය (Executive) තීන්දු රීට් ආඥා මගින් බල රහිත කිරීමට අධිකරණය නොපැකිළේ.
සාධාරණ හේතුවක් නැතුව අතුරු තහනම් නියෝග ඉල්ලන අයට දඬුවම් කරන්නේ නැද්ද?![]()

upkaranwa. ai ara my3 mamata pissu kiyala UNP ganiyek naduwak dala tibbe ganita 100,000 koheda gewannath una ganita sakshi idiripath karanna baruwa![]()