නීර්ජා භානොත්

ironmantoko

Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    අශෝක් චක්‍ර සම්මානයෙන් පිදුම් ලැබූ ඉන්දියාවේ ලාබාලතම පුද්ගලයා නීර්ජා භානොත්
    XDtAq5N.jpg


    1967 සැප්තැම්බර් 5දා මුම්බායිහි සේවයේ නියුතු හරිෂ් භානොත් සහ රාමා ට දාව උපදින නීර්ජා භානොත් කුඩා කල සිටම නිරූපණ ක්ෂේත්‍රයට දැඩි ආශාවක් දැක්වූවාය. නිතරම ඇගේ වදන් වලින් වැඩි හරියක් කියවුනේ ඉන්දියාවේ බිහිවූ සුපිරි නළුවෙක් වන රාජේශ් කන්නා ගේ චිත්‍රපට දෙබස් ය .

    uNjhKrW.jpg


    නමුත් 1985දී Pan American Airways (Pan Am) ගුවන් සේවය සඳහා ඇය තේරී පත්වන්නේ Frankfurt සිට ඉන්දියාව බලා පියාසර කෙරෙන ගමන් වාර වලට ඉන්දියානුවන්ගෙන් පමණක් සමන්විත කාර්ය මණ්ඩලයක් එම සමාගමෙන් තීරණය කිරීමත් සමගයි
    23වන උපන්දිනයට දින දෙකක් තිබියදී ඇය තම රාජකාරිය සඳහා පිටත් වෙන්නේ Pan Am 73 දරණ යානාව මුම්බායි සිට එක්සත් ජනපදය දක්වා ගමන් වාරයටයි . ඇය එම කාර්ය මණ්ඩලයේ ජ්‍යේෂ්ට ගුවන් සහයිකාව ලෙස කටයුතු කලාය (Head Purser)

    3XePBVc.png


    නොසිතු අයුරින් පකිස්ථානයේ කරච්චි නුවරදී අබු නිදාල් (ලිබියානු) සංවිධානයේ ත්‍රස්තවාදීන් විසින් නීර්ජා ඇතුළු මුළු මගීන් 361ක් සහ 19ක් වූ කාර්ය මණ්ඩලය ප්‍රාණ ඇපයට ගනී . ත්‍රස්තවාදීන් යානාවට ඇතුළු වූ විගස නීර්ජා ට හැකි වනවා එම යානාවේ නියමුන්වන්ට ප්‍රාණ ඇපයට ගත් බවට දෙන සඥාව (hijack code) ලබා දීමට. ජීවිතය රැකගැනීමේ අරමුණින් නියමුවා සහ සහයකයින් යානාවෙන් බේරී පලා යයි. දැන් යානාවේ සම්පුර්ණ වගකීම නීර්ජා ට පැවරී ඇත.කුඩා ළමුන්,වයසක උදවිය,පවුල් වලින් සමන්විත මේ 379 දෙනාගේ ජීවිත ඇයගේ දේවකාරිය කරගත්තාය.මෙම ත්‍රස්තවාදීන් ගේ ඉල්ලීම වුයේ යානාව සයිප්‍රසයට ගොඩබා එහි සිටින පලස්තීන සිරකරුවන් මුදාගැනීමටය .

    cQ0J4vN.jpg


    තත්වය දරුණු වන්නේ ඇමරිකානුවෙක් වෙඩි තබා යානාවෙන් බිමට දැමීමත් සමගයි. පසුව ත්‍රස්තවාදීන් විසින් නීර්ජා ඇතුළු සහායිකාවන්ට ඇමරිකානුවන්ගේ ගමන් බලපත්‍ර සොයන ලෙස ඉල්ලන්නේ ඔවුන්ව තවත් ඝාතනය කර තමන්ගේ අරමුණ ඉටු කරගැනීමටය.එහෙත් නීර්ජා ඉතා සුක්ෂමව ඇමරිකානු මගීන්ගේ බලපත්‍ර ආසන යට සහ අපද්‍රවය බැහැර කිරීම් මාර්ගයේ සඟවා තබන්නේ ඇමරිකානුවන් 41 දෙනෙක් එම යානයේ සිටිද්දීය (අවසානයේ 2ක් මරුමුවට පත්වේ)
    මෙසේ පැය 17ක් පුරාවට ත්‍රස්තවාදීන් සමග ඉතා එඩිතරව ගනුදෙනු කරමින් ඉන්න අතරතුරේදී ඔවුන්ට තවත් මෙය ඉවසාගැනීමට බැරි නිසා මහා වෙඩි වරුසාවක් මගීන් මත පතිත කරන්නේ සිත් පිත් නැති තිරිසන්නු මෙනි
    නීර්ජා තම අත්දැකීම් සහ එඩිතර බව සමග හදිසියේ දී පිටවන දොරටුවක්(emergency exit) අරිමින් මගීන් escape slide මතින් නිරුපද්‍රිතව යානාවෙන් පිටමන් කරයි.මෙහිදී තවත් මගියෙක් ගේ සහයෙන් තවත් දොරටුවක් ඇරගනීමට හැකි වේ. මුලින්ම බිමට පැන දිවි බේරාගැනීමේ හැකියාව තිබුනත් තම වගකීම පැහැර නොහරිමින් මිනිස්කම පෙරදැරි කරන් නීර්ජා මගීන් දොරටු වෙත යවයි.
    නීර්ජා ගේ ජීවිතය අවසන් වන්නේත් කුඩා ළමුන් 3ක් තම ශරීරය ත්‍රස්තවාදීන්ගේ උණ්ඩයට පළිහක් කරගත් නිසා ය.
    තම 23වෙනි උපන්දිනය දවසේ ඇයගේ දෙමාපියන්ට සහ සහෝදරයන්ට ලැබෙන්නේ ප්‍රාණය නිරුද්ධ වුනු ඒ එඩිතර වීරෝධාර නීර්ජා ගේ නිසල දේහයයි.


    නීර්ජා ගේ අවසාන මගීන් දැනුවත් කිරීමේ දැන්වීමේ හඬ පටය


    ඇයගේ වීරෝධාර ක්‍රියාව නිසා ඇයට ලැබුණු සම්මාන (posthumous awards)
    • Ashoka Chakra 1987, India
    • Tamgha-e-Insaaniyat (for showing incredible human kindness), Pakistan
    • Flight Safety Foundation Heroism Award 1987, United States
    • Justice for Crimes Award 2005, United States Attorney’s Office for the District of Columbia, United States
    • Special Courage Award 2006, United States Department of Justice, United States
    • Civil Aviation Ministry Award 2011, India
    • Bharat Gaurav Award presented at the House of Commons, UK Parliament on July 2, 2016

    මෙය නීර්ජා ගේ අවසන් චායාරූපය බව සැලකේ
    XzzeNG1.jpg


    සියලුම ත්‍රස්තවාදීන් අත් අඩංගුවට ගැනුනත් එක් අයෙකු පමණක් වසර 160ක සිර දඬුවමකට යටත්ව සිටී. අනිකුන් ගැන හරිහමන් විස්තරයක් නැත
    FdzGba4.jpg


    ලේ තැවරී ඇති අයුරු
    6NQCTWC.jpg



    2004දී ඇය වෙනුවෙන් ඉන්දියාවෙන් සමරු මුද්දරයක් ද නිකුත් කෙරිණ.
    zofRLaZ.png


    ඇයගේ ජීවිත කතාව සහ මෙම සිද්ධිය අළලා සැකසුනු චිත්‍රපටය "Neerja" 2016දී තිරගතවින. නීර්ජා ලෙස රංගනයේ යෙදෙන්නේ Sonam Kapoor.


    BXQexWt.jpg


    JvDiAwH.png


    JPA8p6k.jpg
     
    Last edited: