නුතන මනමේ කුමාරී...

cultexplorer

Member
Dec 17, 2017
31
14
0
නුතන මනමේ කුමාරී...

කවිය අමතක කවි පොතක
තවම නුඹ සැරි සරනවා
අකුරු මදි මයේ හීන පිටු තුළ
තවම නුඹ පද ගොතනවා..

ඉදලා හිටලා දකින නුඹ වත
හුස්ම පොද මයේ පපු කුහර සොයනවා..
තවත් පපුවක හුස්ම රදවා
එන්න බැහැ ගතු කියනවා..

කඩුව නැහැ මා අත
දුන්නා වැදී රජු හට
කුමරුනේ මම
මනමේ කුමාරී...
මටත් අමතක වුණු
මමයි ඒ නුඹේ හීන සින්නක්කාරි...
හුස්ම මග හැරුණු මමයි
ඒ කවිකාරී...
සහතිකයි නුඹේ කවිකමේ හිමිකාරි....
 
Last edited:
  • Like
Reactions: Dishta Didin