නුතන විද්‍යාවේ....
නූතන සමාජය විද්‍යාව හා බොහෝ සෙයින් සමීපව බැඳී පවතිනවා. අපි අවට සිදුවන දහසකුත් දේවල් වලට විද්‍යාව හේතු සපයනවා. නමුත් විද්‍යාව මෙතරම් දියුණු මට්ටමකට පත්ව තිබෙන මෙවැනි මොහොතක පවා පිළිතුරැ දිය නොහැකි ගැටළු පවතින බව ඔබ දන්නවා ද ? මේ එවැනි අවස්ථා කිහිපයක්.
THE PLACEBO EFFECT
මෙය නූතන වෛද්‍ය විද්‍යාවේ නොවිසඳුණු ගැටළුවක්. රෝගීන් හට ඖෂධයක් යැයි ඒත්තු ගන්වා ලබා දෙන හිස්පෙත්තකින් සුවය ලැබෙන ආකාරය සැබවින්ම අපූරුයි. මෙය පිළිකා වැනි දරුණු ගනයේ රෝග වලට පවා සාර්ථක ප්‍රථිපල පෙන්වා ඇති බව දැනගන්න ලැබෙනවා. මෙය හුදෙක් ඖෂධ ලබාගන්නවා යන සිතිවිල්ලෙන් පමණක් රෝග සුව වීමකට සමානයි. එහි අරුත අපිට අපේ මනසින් ශරීරයේ රෝග සුවකරගැනීමේ විශේෂ හැකියාවක් පවතින බව ද ?
INTUITION / ඉව
මෙය අපේ 6 වන සංවේදනය විදියටත් හැඳින්වෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශය ආදී සංවේදන වලට අමතරව නොයෙක් දෑ පිළිබඳව අපිට ඉවෙන මෙන් කීමට හැකිවීම ගැන විද්‍යාඥයන් උනන්දුවක් දක්වනවා. ඔවුන් පවසන ආකාරයට මෙය අපේ සය වන සංවේදනයයි. නමුත් මෙය භාවිතා නොකිරීම නිසා මේ ගැන අපිට අමතක වී යන බව ඔවුන් විශ්වාස කරනවා. ඇතැම් නිවැරදි තීරණ ගැනීම පිලිබඳ ඉවක් ඔබටත් ඇති.
GHOSTS / හොල්මන් අවතාර
හොල්මන් අවතාර ගැන කතා කරද්දී එදා වගේම අදත් ඒ දේවල් ගැන සුළුවෙන් හෝ විශ්වාස කරන පිරිස් අපි අතර ඉන්නවා. ඒ වගේ ම මේ ගැන නොයෙක් විද්‍යාඥයන් පර්යේෂණ පවා පවත්වනවා. පවත්වා තිබෙනවා. ඡායාරූප වීඩියෝ පට ආදියේ අවතාර සටහන් වූ රූපරාමු ඔබ දැක ඇති. මෙයට නිවැරදි විද්‍යාත්මක හේතු දැක්වීමක් මෙතෙක් සිදු වී නෑ .
NEAR-DEATH VISIONS / මරණාසන්න මොහොත
ඇතැම් පුද්ගලයන් මරණය අභියසට ගොස් නැවතත් ජිවත් වීමේ වරම් ලබාගත් අවස්ථා ගැන ඔබ අසා ඇති. ඒ වගේ ඔවුන් පවසන විවිධ දෑ විවිධ අනාවැකි ආදිය සත්‍ය වන අවස්ථා ගැනත් ඔබ සමහරවිට අසා ඇති. මෙවැනි අවස්ථාවලට මුහුණ දුන් පුද්ගලයන් ඇතැම් විට පවසන්නේ තමන් එක් කෙළවරක ආලෝකය සහිත උමඟක ගමන් කරන ආකාරය දැනුනු බවයි. තවත් සමහරෙක් ට තමන් පාවී යන ආකාරය දැනුනු බවත්, නෑ හිතමිතුරන් හමු වුනු බවත් පවසනවා. නමුත් මේ සිදුවීම් ආදාල පුද්ගලයා ගේ මොලයේ සහ හදවතේ ක්‍රියාකාරිත්වය තාවකාලිකව නැවතුනු මොහොතක සිදුවීම විද්‍යාවට විස්තර කිරීම අපහසු වී තිබෙනවා.
DÉJÀ VU / මං මේක කලින් දැකලා තියනවනේ.
” ඩෙජා වූ ” කියන ප්‍රංශ යෙදුමේ අර්ථය වන්නේ මම මේක කලින් දැකලා තියනවා කියන අර්ථයයි. මේ දේ ඇතැම්විට ඔබටත් දැනිලා ඇති. ඒ කියන්නේ යම් අවස්ථාවකට අපි මුහුණ දුන් බව අපේ සිතින් අපිට ඒත්තු ගැන්වීමයි. මේ අවස්ථාව ගැන අපි නිතරම සිතමින් එය නැවත සිදුවීමට නොහැකිවනසේ කටයුතු කලත් එම අවස්ථාවට ජිවිතයේ මුහුණ දීමට සිදුවූවොත් ? එය දෛවය සේ සලකන්න ද? මේ සිදුවීම විද්‍යාඥයන් ට ගැටළුවක්. අපගේ මොලයේ කාල නිර්ණ ක්‍රියාවලිය , සිහින දැකීම හා ඒවා සැබෑ ජිවිතයේ සිදුවීම ආදිය පිළිබඳව පර්යේෂණ පැවැත්වීම ඉතාම අපහසු කටයුත්තක්.
THE TAOS HUM / ටාඕ ගේ නාදය
ඇමෙරිකාවේ නිරිතදිග ප්‍රදේශයේ පිහිටා තිබෙන ටාඕ නම් ගමෙන් තමයි මේ සිදුවීම වාර්තා වෙන්නේ. ඔවුන්ට ඇති ගැටලුව වන්නේ කාන්තාරය දෙසින් ඇසෙන අඩු සංඛ්‍යාත නාදයක්. මෙය හරියටම විස්තර කරනවා නම් බර වාහන ගමන් කරන ශබ්දයකට සමාන බව ලැබෙනවා. මේ ශබ්දය ඇසීම නිසා මේ ප්‍රදේශයේ ජනතාව දරුණු මානසික රෝගවලට ලක්වීම වගේ ම සියදිවි නසා ගැනීමට පවා යොමුවෙනවා ලු. මේ ශබ්දය ඇසෙන පුද්ගලයන් එය සලකන්නේ අසුබ නිමිත්තක් විදියටයි. මේ ගැන විද්‍යාඥයන්ට තවමත් සොයාගැනීමට නොහැකි වී තිබෙනවා.
උපුටා ගැනීම සිරාට පින්සිද්ද වෙන්න....

+3