නුඹට ඔහුද හිමි නෑ

ncbrando

Member
Jan 31, 2014
838
115
0
නුඹට ඔහුද හිමි නෑ

කොරියානු චිත්‍රපට උලෙළ බලලා බොරැල්ල පැත්තට පයින් එද්දි මගේ පරණ ආදර කතාවක් මතක් වුණා.කාලෙකින් අලුත් සින්දුවක් ලිව්වෙත් නැති නිසා ඒකටත් පසුබිමක් හැදෙනකම් හිටපු මට ඉබේම සින්දුවක් ලියැවුණා.

රැවටු අතීතේ
පසුකර වේගෙන්
පැටලුණු දඟ ගේ
හිනැහෙයි හීනෙන්
නුඹට ඔහුව හිමි නෑ
නුඹට මාද හිමි නෑ

දෙතැනක එක හද
දෙබිඩිව මුර බැඳ
පිරිසිදු සුදු වත කිළිටි කළා
මිල කළ හැකි ලෙස
මිලයට ගෙන හිත
නිමල පෙමට නිගරුවක් වුණා
නුඹට මාද හිමි නෑ
දැන් නුඹට මාද හිමි නෑ

යහළු යෙහෙළියන්
උකසට ගෙන මා
පිදූ පෙමත් දැන් සුළඟ සමයි
විහිළු තහළු මැද
ජීවිතයේ මං
නුඹට තැනේදෝ හිතට දුකයි
නුඹට මාද හිමි නෑ
දැන් නුඹට නුඹද හිමි නෑ

-මාලන් විදානපතිරණ