නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..

GoldHeart

Active member
  • Jul 10, 2012
    719
    74
    28
    මචං කතාව එල... එත් live නෑ බං... ඒ කියන්නේ කොල්ලෝ සෙට් එකක් සෙට් උනහම ඔඉට වඩා live machan.. විහිළු කරනවා.. කෑ ගහනවා... පිස්සු කෙලිනවනේ බන්.. එක තම ඇත්ත... උබ එක කතාවට දාල නැ බං... එක එනවනං මේක තවත් මාරු කියල මට හිතෙනවා............
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ..... ඊළඟ කොටස (13)....

    .....13 ....


    අපි පන්තියේ ඉතා කාර්යයබහුල දවස් කීපයක් ගත කෙරුවෙමු. රාදිකයා පෙර සේමය. මම දෙපාරක් තුන් පාරක් කතා කිරීමට උත්සහ කලත් ආදිකයා මා මග හැර ගියේ මට නෝක්කාඩුවට මොනවා හරි කියමින්ය.

    අනි මේ අයන්තයා.. නිකන් ඉඳපන් බන් .. ඌට උඹව එපානම් උඹ මොකටද දෙන්න යන්නෙ. මොකටද නිකන් උඹ ඌට සෙකන්ඩ් වෙන්න හදන්නෙ.

    හම්ම්ම්ම්

    කොහෙද ඉතින් උඹල අපි කියන දේ අහන්නෙ නෑනෙ. මොකද අපේ රැවුල නෑනෙ. මෙන්න මෙහෙ වරෙන් යන්න තේ එකක් බොන්න.

    කුමාරයාගේ කතව ඇත්තය. මම වැරැද්දක් කලේ නැත. කාගෙවත් ආදර වන්තියක් උදුර ගත්තෙද නැත. මම ආදරය කලා පමනි. ඇයද මට ආදරේනම් මට බිය වීමට කරුනක් නොවීය. කුමාරයා කියන් විදිහට රාදිකයාට මගෙන් වැඩක් නැතිනම් මටද උගෙන් වැඩක්නැත.

    ආ .. බීපන්.. උඹට ප්ලෙන්ටී.. මොකද ඉතින් කිරි බොන එකෙක් නෙමෙනෙ උඹ. අහ් .. අන්න ජෑන්ස් ඇන්ඩ් ඩිලත් එනවා මේ පැත්තට. මම උන් දෙන්නටත් ටී දෙකක් අරගෙන කන්නත් මොනා හරි අරගෙන එන්නම් .

    ආ.මේ කුමාරයා රුවන් අයියගෙන් ගිය සතියෙ අපේ අලාභයත් අහන් වරෙන්.. අද ගෙවල දාමු.

    ඉතින් අයන්ත කොහොමද අලුත් ජීවිතේ.දැන් ආදරේ කරන නිසා අපිව මතකද දන්නෙත් නැහැ.නේද ජැන්ස්.. කෝ ආදර වන්තිය

    අනේ එහෙම නෑ ඩිලා. මට එහෙම ඔයාලව අමතක වෙනවද. ආදරවන්තිය ගියා වත්සලා එක්ක ඩීන්ව මීට් වෙන්න කියලා. තව ටිකකින් එයි.

    ඒක නෙමේ අයන්ත මට ඔයාට දෙයක් කියන්න තියනවා. මෙතන කියන්නද. තමාලිත් නෑනෙ.

    අපෙ අප්පේ.. මොකද්ද ජෑන්ස් ඒ.. කියන්න අවුලක් නෑ..

    ඔයාව මට මගෙම අයිය කෙනෙක් වගේ. මට කවදාවත් අයියල ඉඳල නැති නිසා සමහර ඒට මට එහම හිතෙනවා ඇති.මම ඔයාට ආදරෙයි. මම පතනවා කවදා හරි දවසක ඔයා මගේම අයියා කෙනෙක් වෙලා ඉපදෙන්න කියලා. එතකොට මට පුළුවන් ඔයාගෙම ගාවට වෙල ඉන්න. ඔයා හරිම වාසනාවන්ත කොල්ලෙක් අයන්ත. තමාලි වගේ අහින්සක ලස්සන කෙලෙක් ලබා ගන්න තරම් ඔයා ගොඩක් පින් කරල තියනවා. ඒ වගේම ඔයා අපි හැමෝගෙම ආදරේ ලබාගෙන අපේ හිත්වල ජීවත්වෙලා ඉන්න තරම් ඔයා හරි වාසනාවන්තයි.කවදාවත්ම ඔයා තමාලිට දුකක් දෙන්න එපා.එයාව හැමදාම ආදරෙන් බලාගන්න. කවමදාවත් ඒ අහින්සක හිතට දුකක් දෙන්න එපා. මමත් කෙල්ලෙක් හින්ද කියන්නෙ ඔයාට.

    තව දෙයක්, තමාලි හින්ද ඔයාව හදපු අම්මව තාත්තව කවමදාවත් අමතක කරන්න එපා. එයාලට කවමදවත් දුකක් දෙන්න එපා. එයාල ගොඩක් දුක් විඳල තමා ඔයාව ඔය විදිහට ලස්සනට ලස්සන හිනාවකුත් එක්ක හදල තියෙන්නෙ.ඔයා වගේ කොල්ලෙකුට කවදාවත්ම වරදින්නෙ නැහැ. ඔයාට ඔයාගෙ අම්මගෙ තාත්තගෙ ආශිර්වාදය එක්ක තමාලිව අරගෙන එන්න පුළුවන්. ඒ වගේම ඔයා හොඳට ඉගෙන ගන්න ඕනි හරි. ඔය දැන් වගේම. දඟකාරකම් කලාට කමක් නැහැ ඉගනීම හරියට කරන්න ඕනි හරි. ඔයාට ඕනි වෙලාවක මට කතා කරන්න්න හරි.ඔයාගෙ එක කුස උපන් නන්ගියා නොවුනට ඔයාගෙම නන්ගියෙක් විදිහට මම ඔයාගෙ ළඟින් ඉන්නවා හරි. එහෙනම් එච්චරයි. ඔන්න මම කිව්වා. වරද්වා හිතන්න එපා. එහෙනම් මම දැන් යනවා. මට ෆයිල් වගයක් හදන්න තියනවා. මොකද මගෙ පන්ති නායකයා දැන් ආදර වන්තයෙක් වෙලානෙ. ඉතින් මට වැඩ වැඩියි. මම ඩිලාන්වත් එක්කන් යන්වා හරි මගෙ උදව්වට. කුමාර තෑන්ක්ස් ටී එකට. ටටා.

    ටටා ජෑන්ස් ..

    මොකද උඹල දෙන්න ගල් ගිලල වගේ ඉන්නෙ.

    තමාලිව අතඇරපන් .. ජෑන්ස්ව දාගනින් බන්.

    උඹට විහිළු.. ඒ කෙල්ල කිව්ව ඒව ඇත්ත බන්..

    ආ.. බලපන්කො කුමාරයා. උඹට ඔය දේවල් අපිත් කිව්වා ජෑන්ස්ට කලියෙන්. උඹටත් ඒව හිතට වදින්න කෙල්ලෙක්ගෙ වොයිස් එකකින්ම අහන්න් ඕනා. වරෙල්ල යන්න පන්තියට.

    කැන්ටිමේ බිල ගෙවා අපි පන්තිය වෙතට් ගියෙමු. ඉෂාරයා කිව්ව දේ නිවරැදිය. ජෑන්ස් හොඳ යෙහෙළියෙකි. විවිදාකාර වූ කෙල්ලන් සිටිනා මේ කාලයේ ජෑන්ස් වැනි හොඳ යෙහෙළියක් ලැබීමට අපි සැවොම වාසනාවන්ත වීමු. ජෑන්ස් හරිම හුරතලයට හැදුනු පුංචි කෙල්ලෙකි. නමුත් ඇය ලොකු වේදනාවක් සිතේ හිරකරගෙන අප සමග සිනාසෙනවායි මට සිතූ අවස්තා අනන්තය. තමාලි මගෙ ජීවිතයට ලන්වීමට පෙර ජෑන්ස් මගෙ යෙහෙළියක් වී සිටියේය. මුලින්ම මම පන්තියට ආව දවස්වල ඇයගේ හුරතල් හිනාව හා තාලයට දෙන ගුඩ්මොර්නිං එක මට මට අදවගේ මතකය. එය අදටත් එසේමය. මා පන්තියේ නායක තනතුරටද පත් වූයේ ජෑන්ස් දියත් කල මෙහෙයුමක් සාර්තක වීම නිසාය. මම නායක පට්ටන් වලට අකමැති උවත් මා එදා නායක පට්ටම බාර ගත්තේ ජෑන්ස්ගේ හුරතල් හිනාව නිසාය. කෙසේ වෙතත් මට මේ වන විට මේ නායක පට්ටම ඇණයක් වී තිබුනි.

    මා හදිසියේම ආදරවන්තයෙක්ගේ චරිතය රඟපෑමට පටන්ගත්ත නිසා සචියලගේ ගෙවල් පැත්තටවත් යාමට නොහැකිවිය. ටිකක් බිසී වූ කාලයක් නිසාත් මගේ ආදර කතාව නිසාත් මට ටික දවකට ඈත්වූ මගෙ සගයන් තිදෙනා බැලීමට මම බයිසිකලය්ත් අරගෙන පිටත්වූයේ මට අද නිවාඩු දවසක් වූ නිසාවෙනි.

    අම්මෝ .. අර බලපල්ලා අයන්තයා එනවා. දෙයියො දැක්ක වගේ බන්. මොකද බන් උඹට උනේ මේ දවස්ටිකේ..

    ඔව් බන්. උඹ කොහෙද හිටියෙ.. කෝල් එකක්වත් දුන්නෙ නැහැ. මම මේ ගීතේෂය එකක උඹ ගැන මතක්කලා විතරයි බන්..

    අඩෝ සොරි බන්.. මට මේ දවස් වල ටිකක් වැඩ වැඩි උනා මචන්ලා. උඹලව අමතක උනා නෙමේ.

    අනේ යමන් බන් යන්න උඹ අපිටත් තුරුම්පු හන්ගල සෙල්ලම් කරන්න හදනවනෙ. මෙලහකත් කොළඹ කෑල්ලක් සෙට් වෙලා ඇති. මම නොදන්නවා නෙමේනෙ උඹට තියන වැඩ.

    මොන කෑලිද බන්.. මම හිතුවෙ නෑ බන් ඉංග්රිසි ඉගෙන ගන්න එක මෙච්චර අමරුයි කියලා.. එපා වෙනව බන් වෙලාවකට ..

    ඒක නෙමේ මචෝ දන්නවද අළුත්ම නිවුස් එක.. ගීතේෂගෙ සිහින කුමරියට මෙයා බූට් එක තියලා. ඔන්න දැන් කුලියපිටියෙ එකක් දාගෙන.

    අහ්.. ඇත්තද බන් මේ මූ කියන්නෙ.. උඹ දිවි පරදුවට තියල නේද ඒකිට ලව් කලේ.

    අනේ මේ කටවහගනිල්ලා බන්.. මම උඹට යන ගමන් විස්තරේ කියන්නම්කො අයන්තයා. වරෙල්ලා කැරම් පාරක් ගහමු දැන්

    :love::love::love::love:
     
    • Like
    Reactions: GoldHeart

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    ela ela okkoma kiyewwa eka husmata ;) hamadama wena seen ekak wunata podi athal ekakuth thiyenawa :D digatama liyapan ;) :P