නුඹට බැඳි ආදරය සිතුවමක් විය ..

max_xx

Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    එල මචන්...නියමෙට කුතුහලය තියල ලියලා තියනවා...මට අන්තිම ටික කියෙව්වට හිතාගන්න බැරි වුනා බන්...පිස්සු හැදෙනවා බන්...එල එල...ලස්සනට ලියපන්...:love::love::love::love:

    thnx machan..
    :love::love::love::love::love::love::love::love:
     

    max_xx

    Well-known member
  • Sep 4, 2010
    1,150
    359
    83
    Marawila
    ..... ඊළඟ කොටස (12)....

    ......12......


    මේ බලපන්කො ඉෂාරයා.. මෙකට නිකන් මහසෝන ගහල වගෙ. වචනයක් දෙකක් කතා කරපන්කො. මම කිව්වා නෙද බොසා තමාලි උඹටට කැම්තියි උඹ ගාවට එනවා කියලා.

    හම් ...

    මොකද බස්සේවගේ හම් හම් ගාන්නේ.. වචන එන්නෙ නැද්ද.

    ඉෂාරයත් කුමාරයත් මට මුකුත්ම කියා ගත නොහැකි විය. මට තවමත් අද දවස සිහිනයක් බඳු විය. මා පැතූ සුන්දර යුවතිය මාගෙම වී ඇත. ඒ ලස්ස්ස්නන හිනාවට , නැලවෙන දිලිසෙන ඇස් වලට හිමිකාරයා මමය. ඊයෙ හවස මේ ලෝකෙ ඉන්න අසරණම කොල්ල මමයැයි කල්පනා කල වාර ගනන අනන්තය අප්රමානය. නමුත් අද වන විට ඒ තත්වය වෙනස් වී ඇත. මම මේ ලෝකෙ ඉන්න වාසනවන්තම කොල්ලයැයි මට සිතුනි. ඉෂාරයාට හා කුමාරයටද මට වගේම සතුටුය. උන් දෙන්නා මගේ මේ කුළුඳුල් ආදරය ලබා ගැනීමට දුන් සයහ අනන්තය. රාදිකයාගේ ගෙරවිලිවලට ජයකොඩියාගේ ඇනුම්පද වලට මුහුන දීමට හැකිවූයේ කුමාරයා හා ඉෂාරයා නිසාය. දෙවියන් වහන්සේ මේ අපූරු මනුස්ස දුව මට හිමි කර දුන්නා සේම හොඳ මිතුරන් දෙදෙනෙකු නොහොත් සහෝදරයන් දෙදෙනෙකු මට ලබා දුන්නේය.

    අද මුළු දවසම මම සැහැල්ලුවෙන් සතුටින් ගත කෙරුවෙමි. අද වගෙ සතුටින් ගත කරපු දවසක් මට මතක නැත.පන්තිය තුළ සිටි මුළු පැය ගනනම මම ඇය දිහා බලාසිටියෙමි.ඇය එතරම්ම සුන්දරය, අහින්සකය. පන්තිය නිමවී ඇය සමග නිදහසේ කතා කරනුයැයි සිතා මම මගෙ සගයන් දෙදෙනාට සමු දී ඇය වෙතට ගියෙමි.

    මගේ සුභ පැතුම් අයන්ත

    තෑන්ක්ස් ජෑන්ස්.. ඔයාට කව්ද විස්තරේ කිව්වේ.

    වෙන කව්ද ඉතින් කුමාර රොයිටර් සහ ඔහුගේ ගෝලයා..

    හම්ම්ම්..

    ඕකේ ඕකේ එහෙනම් මම යනවා. තමාලි ඔයා තමා මේ ලෝකෙ ඉන්න වාසනාවන්තම කෙල්ල. අයන්ත වගේ හොඳ කොල්ලේක් ඔයාට ලබා ගන්න තරම් ඔයා අපිට හිතා ගන්න්වත් බැරි තරමට ලොකු පිනක් කරල තියනවා. ඔයාලට ඕනිම දෙයක් තියනවනම් මට කියන්න හරි. මම පුළුවන් දෙයක් කරන්නම්. එහෙනම් මම යනවා. මගෙ ට්රෙන් එක මිස් උනොත් එහෙම සේරමම් ඉවරයි. හෙට මීට් වෙමු. සීයූ ලවර්ස්

    සී යූ ජෑන්ස් ..

    අයන්තයා මේ ඔයාල දෙන්න කතාවක් දාගෙන හිමිහිට එන්න .. මමයි ඉෂාරයයි යනවා බොරැල්ලට පොඩි වැඩකට. එහෙනම් හෙට සෙට් වෙමු. බායි මචෝ.. බායි තමාලි..

    බායි.. බුදුසරණයි ..

    ඉෂාරයා හා කුමාරයා ගියායින් පසු අපි දෙදෙනා හිමිහිට ගෙට්ටුව දෙසට ඇවිද ආවෙමු. මම කිසිම වචනයක්වත් කතා නොකර තමාලි දෙස බලා සිටියෙමි.


    ඇයි අයන්ත ඔයා නිහඬ.. මොනව හරි කියන්නකො.

    ඔයා මට ආදරෙයිද..

    ඇයි සැකද ඔයාට

    නැහැ නැහැ මම නිකමට ඇහුවෙ. ඊයෙ ඔයා මට කිව්ව ඒව නිසා මට හිතුනා ඔයා මට කවදාවත්ම හිමිකරගන්න් ලැබන්නෙ නැතිවෙයි කියලා.. ඇත්තටම මම වාසනාවන්තයි කෙල්ලෙ. ඔයාව මට ලබගන්න තරම්..

    ඇයි මම එච්චරටම වටිනවද අයන්ත

    හම්ම්ම්.. ඔයාව මට වටින තරම් ඔයාට මම ආදරේ කරන් තරම් ඔයා දන්නෙ නැහැ තමාලි.මේ ලෝකෙ ඉන්න ලස්සනම් කෙල්ල කරනවා මම ඔයාව කොහොම හරි

    ආ .... මෙයා හිතල තියන දුර. මම ඔයාට අදයි කැමැත්ත දුන්නෙ හරි. ඔන්න මම ඒක ආපහු ගන්නවා හරි, මාව ඕනවට වඩා වර්නනා කලොත්. ඔයා නෙමේ වාසනාවන්ත. මමයි අයන්ත. ඔයා වගේ කොල්ලෙක් ලබන්න තරම් මම වාසනාවන්තයි.

    ම්ම්ම්ම්.. ඒක නෙමෙ තමාලි. ඔයා යන බස් එක මොකද්ද.

    එකසිය හැට හතර, සල්මල් උයන. ඇයි..

    ඔයාව මම ඒකට නග්ගල මම යන්නම් කොටුවට.

    ඕනි නැහැ . අපි දෙන්නම යමු කොටුවට. මම එතනින් එකසිය විස්ස, කැස්බෑව බස් එක ගන්නම්.

    ඇගේ කෙස් මගේ මුහුනේ දැවටෙන විට මට සිතුන දෙ පැහැදිලි කිරීමට මම වචන දන්නේ නැත. ඇයගේ මුහුනට ළන්වෙලා සිප ගැනීමට සිතුන වාර ගනන අනන්තය.නමුත් මම එසේ නොකලෙ මම පුද්ගලික බසයක සිටි නිසාවෙනි. අද ඇගේ සුසුම්වල හඬ මට පැහැදිලිව ඇසිනි. බොරැල්ලේ සිට කොළඹ කොටුවට එන තෙක් ඇයගැසූ ඇසිපිල්ලන් ගනන, හුස්මගත් වාර ගනන කීමට තරම මට මතකය. ඒ තරමටම මම ඇය සමග ගත කල ඒ පුංචි විනාඩි කීපය සුන්දරය. ඊයේ දිනයේ ආදරයේ අමිහිර දැනුන මට, ආදරය තියෙන්නේ විඳවන්න නොව විඳින්න බව මට සිතුනි. කොටුව බෝ ගස අසලින් බැස ගත් අපි දෙදෙනා කැස්බෑව බසයක් එනකම් කතාබහක යෙදී උන්නෙමු. ඇගේ අතින් අල්ලගෙන සිටීමට ආසාව තිබුනත් මම එසේ කොකරුවෙමි. මම එසේ නොකලේ බයටද නැතිනම් ඇයට් තියන ආදරේ වැඩිකමටද මම නොදනිමි.ඇය බසයේ නැග බසය කොටුවෙන් ඈතට යනකම්ම මම බලාගෙන සිටියෙමි. අද අදවස තුළඇය සමග ගතකල විනාඩි කීපය තුල නැවතත් කිමිදෙමින් මම ගුනසින්හපුරයට ගියේ කුලියපිටිය බසි එකක් ගැනීම සඳහාය. මම මේ දකින්නේ සිදිනයක්දෝ මට නැවතත් සිතුනි. මා මේ දකින දේ, මම මේ විඳින දේ සිහිනයක්නම් මම කවමදාවත් වදිවන්නේ නැත. ඒ තරමටම මම ඒ පුංචි මනුස්ස දුවට ආදරය කළෙමි.

    :love::love::love: