නුඹ නැත්නම් මට කවි නෑ
නුඹ නැත්නම් මට කවි නෑ
නාඳුනන මගෙ කවියට ආල බැන්ද අරුන්දතී
තාල දිදී ඒ කවිය ම රසට ගැයූ අරුන්දතී
මාල වළලු පළඳන්නට බැරිවුණ දා අරුන්දතී
මාව දාල දුර ඈතට ඉගිල ගියා අරුන්දතී
දහසක් රස කවි පදවැල් ගලා ආව හද පතුලේ
උල්පත් අද සිඳී ගොසින් එළිසම, එළිවැට පැකිලේ
වදනක් වත් ලියා ගන්න බැරි පන්හිඳ මා තුරුළේ
සිහිනෙන් වත් මුමුණනවද මගෙ කවියක් ඔය දෙතොලේ
මන්ද හාස රැඳි උවනත කොමල වදන් සිත පුරාන
නින්ද නොමැති ø යාමේ මා රිදවයි නෙතු පෙළාන
බැන්ද සෙනේ මටත් වඩා කවියට නෑකම් කියාන
මන්ද ළඳුනි, බිඳ දැමුවේ කවි සිතකට දුක කියාන
සැන්දෑවට අහස් තලේ ඇති අසිරිය පෙනෙන්නෙ නෑ
සින්දු කියන විහඟ øන් ගුවන් තලේ සරන්නෙ නෑ
බින්දු බින්දු ඉහිරෙන පිනි එදා වගේ ලස්සන නෑ
පෙම්බරියේ නුඹ නැති තැන කවි ලියන්න සිතෙන්නෙ නෑ
ගැමුණු රත්නසිරි දෙනගමගේ