නුඹ මෙසේ වී නම් ....
නුඹ මෙසේ වී නම් ....
නුඹවටා සිටින සියල්ලන්ම ඔවුන්ගේ හිස් අවුල් කරගෙන
එහි දොස් සියල්ලම ඔබට පවරනවිට ඔබගේ හිස කෙලින් තබාගෙන සිටිය හැකිනම් ...
සියල්ලන්ම ඔබ පිලිබද සැක කරන විට ඔබට ඔබ කෙරේ විශ්වාසය තබාගෙන සිටිය හැකිනම් ... නමුත් ඔවුන්ගේ සැකයට ඉඩ දී සිටිය හැකිනම් ...
ඔබට යමක් කෙරෙහි බලාපොරොත්තුවෙන් සිටිය හැකිනම්..
හා එමගින් වෙහෙසට පත් නොවී සිටිය හැකිනම් ...
ඔබ කල දෙයක් කිසිවෙක් විසින් බොරුවක් ලෙස පවසන විට බොරු නොකර සිටීමටත් වෛර කරන්නෙකුට වෛර නොකර සිටීමටත් හැකිනම් ...
එහෙත්,
ඕනවට වඩා හොද බවත් නැණවත් බවත් නොපෙන්වා සිටිය හැකිනම් ...
සිහින දැකිය හැකි මුත් සිහින ඔබේ ස්වාමියා බවට පත් නොකර සිටීමටත්
සිතිය හැකි මුත් සිතුවිලි ඔබේ පරමාර්ථ නොකරගැනීමටත් හැකිනම් ..
ජයග්‍රහණ හා පරාජය හමුවේ එකම ලෙසකින් මුහුණ දීමටත් ...
ඔබ කතාකල සත්‍ය දෙයක් පාදඩයන් විසින් අනුන්ට උගුල් ඇටවීමට යොදාගනිද්දීත් එය ඔබට දරාගත හැකිනම් ..
ඔබ මෙලොව දිනූ සියල්ල ඔබට අහිමිවුවහොත් , ඔබට එම පාඩුව ගැන වචන මාත්රයකදු කතා නොකර නැවතත් ගෙවී ගිය මෙවලම් වලින් ජීවිතය තැනීම ඇරඹිය හැකිනම් ...
ඔබ මෙලොව දිනූ සියල්ල එක් කර ගොඩ ගසා එක් කොට ඔට්ටුවකට තබා පැරදුන හොත් නැවත මුල සිට ඇරඹිය හැකිනම් ...
සිදුවූ පාඩුව ගැන වචන මාත්රයකදු කතා නොකර සිටීමට ඔබට හැකිනම් ..
ඔබට ඔබගේ ශක්තිය අහිමිවී ගිය පසුත් ඔබගේ හෘදයටත් ස්නායුවලටත් තමා වෙනුවෙන් සේවය කිරීමට බල කල හැකිනම්...
සියළු ශක්තිය අහිමිවූ විටත් තම හෘද ශාක්ෂියට තමා වෙනුවෙන් තව දුරටත් විසීමට අණ කල හැකිනම් ..
ඔබට ඕනම පිරිසක් සමග තමාගේ උසස් ගති කෙලෙසා නොගෙන විසීමට හැකිනම් ...
රජුන් සමග උරින් උර ගැටුනද පහළ මට්ටමේ මිනිසුන්ගේ හදෙහි ජීවත් වීමට ඔබට හැකිනම් ...
සතුරෙකුට හෝ ඔබගේ හොදම මිතුරාටවත් ඔබට රිදවිය නොහැකිනම් ...
සියල්ලන් හා විසුවත් ඕනවට වඩා කිසිවෙකුගේ ඇලී ගැලී සිටිය නොහැකිනම් ...
සමාව නොදෙන සෑම මිනිත්තුවක්ම තත්පර හැටක දුර දිවිල්ලකින් සම්පූර්ණ කල හැකිනම් ...
මෙලොව ඇති සියල්ලම ඔබේය මගෙ පුතුනි...
එමතුද නොව ඔබ සැබෑම මිනිසෙකි ...
____________________________________
1895 දී බ්‍රිතාන්‍යයේදී ප්‍රකාශයට පත් කල "IF" කියන නිසදසක සිංහල පරිවර්තනය තමයි උඩින් තියෙන්නෙ. මමම කොටපු නිසා රිපෝස්ට් වෙන්න බෑ. ජීවිතයට හුගක් දේවල් මම මේ ලිපියෙන් අරන් තියෙනවා. ඇත්තටම මගේ ජීවිතයේ හුගක් දේවල් මේක නිසා වෙනස් වුනා. වටිනව කියල හිතපු නිසා දැම්මෙ. බම්ප් එකක් වත් දාලා යන්න.