නුඹ ලඟින් සිටියානම්...

Ameesha2

Well-known member
  • May 17, 2011
    678
    1,811
    93
    colombo



    නුඹ ලඟින් සිටියානම්

    උදා හිරු එලියටත් කලියෙන්

    එලිය අරගෙන වඩීවී

    විඩා ගෙනෙනා ඉරේ සැඩ රැස්

    සෞම්‍ය වී මට දැනේවී



    නුඹ පෑව සෙනෙහෙ ලඟ ඉඳන්

    මට හිතා ගන්නත් බැරි තරම්

    සෙවනැල්ල වී නුඹ ලඟින් සිටියානම්

    තව යා හැකිය ගව් සිය දුරක්



    එදා මගේ හිත සනසමින්

    නුඹ නිව්ව ගින්දර කොයි තරම්

    සෙවනැල්ල වී නුඹ අදත් සිටියානම්

    මේ ගමන නෑ කිසි විඩාවක්

    ගායනය : අමරසිරි පීරිස්
    පද රචනය : නිසංගා මායාදුන්නේ
    සංගීතය : සුරේශ් මාලියද්ද