නුඹ සඳ වෙන විට.......

dreamzd

Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    නුඹ සඳ වෙන විට.......

    නුඹ සඳ වෙන විට
    ඒ අහසෙම තරුවක් වෙන්නට
    පැතුමන් පැතුවා සසර පුරා.....
    සඳට ලඟම සඳ මඬල මිසක
    පොඩි තරු කැට නොවනා බව
    නොම හැඟුනා.....

    මලක් වෙලා නුඹ
    විකසිත වන විට
    නටුව වෙන්න පැතුමන් පැතුවා....
    මලට ලඟම මල් සුවඳ මිසක
    වෙන කිසිත් නොවන බව
    නොම හැඟුනා.....

    නිම් නැති සසරේ
    දෑඟිලි පටලන්
    ඈතට යන්නට පින් පිරුවා.....
    පින් පිරුවේ මම විතරක් මිස
    නුඹ නොවනා බව
    අමතකව ගියා.....

    ~dreamzd~

     

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    603035_442002465907422_1201502583_n.jpg
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    සඳට ලඟම සඳ මඬල මිසක
    පොඩි තරු කැට නොවනා බව
    නොම හැඟුනා.....

    no words
    patta lassnai
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    පින් පිරුවේ මම විතරක් මිස
    නුඹ නොවනා බව
    අමතකව ගියා.....