නුඹ............
පොද වැස්ස ලස්සනයි,
තෙමෙන්නටම් මට හිතයි,
ඒ වැස්ස සැඩවෙලා,
වහීදෝ මට බයයි.....
මද පවන සුන්දරයි,
වෙලෙන්නට මට හිතයි,
ඒ පවන මාරුතය වී,
හමයිදේ මට බයයි.....
රතු රෝස මල හැඩයි,
සිබින්නට මට හිතයි,
ඒ නමුදු රෝස කටු,
ඇනේවී දෝ බයයි.....
මා නෙතට නුඹ ප්‍රියයි,
හඳ පුදන්නට හිතයි,
නමුඳු නුඹ ඒ හඳම,
පාරවයි දෝ බයයි.....
Last edited:

