නුවණැත්තන්ට පමණයි.

hukp1

Member
Apr 9, 2009
390
37
0
Kalutara
නුවණැත්තන්ට පමණයි.

"රතෙතා ඛො බ්‍රාහමණා රාගෙන අභිඥභූතො පරියාදිනන චිතෙතා අතතව්‍යාබාධාය පි චෙතෙති. පරව්‍යාබාධාය පි චෙතෙති. උභයව්‍යාබාධාය පි චෙතෙති. චෙතසිකංපි දුකඛං දොමනසස පටිසංවෙදෙති. රාගෙ පහීණෙ නෙව අතතව්‍යාබාධාය පි චෙතෙති. න පර. උභයව්‍යාපාධාය පි චෙතෙති. න චෙතසිකංපි දුකඛං දොමනස්සං පටිසංවෙදෙති එවංපි ඛො බ්‍රහමණ සන්දිටඨිකො ධමෙමා හොති"

අ:නි: තිකනිපාත

"බ්‍රාහ්මණය රාගයෙන් රත්වූ රාගයෙන් අභිභූත වූ රාගයෙන් වළඳනා ලද්දා වූ පුද්ගල තම හට වධ පිණිසද මෙරමා හට (ලෝකයට) වධ පිණිසද තමා මෙරමා යන දෙපාර්ශවයටම වධ පිණිසද සිතන්නේය. චෛතසික වූත් දුක් දොම්නස් විඳින්නේය. රාගය ප්‍රහීණ වූ කල්හි තමහට මෙරමා හට හෝ ඒ දෙපාර්වයටම වධ පිණිස නොසිතන්නේය. චෛතසික වූත් දුක් දොම්නස් නොවිඳින්නේය. බ්‍රාහ්මණය මෙසේ හෙයින් ධර්මය සන්දිට්ඨිකය."

මේ බව දන්නවානම් අපි මේ තරම් දුක් විඳියිද? වෙසක් දිනය වෙසක් උළෙලක් කරගෙන පිස්සු හැදිච්ච මිනිස්සු වගේ වාහන වල නැගීගෙන පවුල් පිටින් අප්පුඩි ගගහ වෙසක් බලන්න යනවා කියලා උජාරුවෙන් ඇවිදියිද? අපිට වැරදුනාද නැත්නම් බුදුහාමුදුරුවන්ට වැරදුනාද ?
 
  • Like
Reactions: Kasem

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
වැරදුනාද නෙමෙයි . වැරදිලා තමි තියන්නේ . නැත්නම් තාමත් අපි මේ සංසාරේ ගමන් කරයිද ?
 

Jamison

Member
May 19, 2009
287
7
0
Homagama
ඔව් වැරදිලා... වැරැද්ද තේරුම් ගන්න පුලුවන් කමත් තියෙනවා. වැරදියි කියලත් දන්නවා. ඒත් මෝඩ කමක මහත හැමදාම එකම වැරැද්දම කර කර ඉන්නවා.
 

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
හරියට හරි . මේ හැම දේටම මුල්වෙලා තියන්නේ මෝහය . සංසාරේ ගමන් කරන්නේ බැදීම් ආශාවල් නිසා උනත් ඒවා ඇති වන්නේත් මෝහය නිසා . ඉතින් මුලින්ම නැති කරගන්න ඕනි මෝහය . ප්‍රශ්නේ තියන්නේ මේක තේරුම් ගන්න බැරිකම . අපිත් ඉතින් තවමත් තර්ක කර කර ඉන්න්නවා ? කව්ද ඇත්තටම මෝඩ ?