නුවණැත්තෝ පමණක් අවබෝධ කර ගනිත්වා

asliyanage

Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    සත්‍ය වශයෙන්ම රිය අනතුරක් හෝ වෙනත් දරුණු අත්දැකීමකට මුහුණ දී වේදනාකාරී මරණයක් අත්විඳීමට සිදුවීම මිනිසාගේ පව්කාරකමද ? සමාජ මතයට අනුව නම් එය පව්කාර මරණයකි. රිය අනතුරක් වැනි දෙයක් සිදුවී පුද්ගලයකුගේ අත් කකුල් කැඩී කෑලි ගැලවී සිදුවන මරණයක් සමාජය විසින් අර්ථකථනය කරන්නේ පව්කාර මරණයක් ලෙසටය. සමාජය විසින් දෙන වැරදි අර්ථකථනයන් නිසා එවැනි මරණයකට පත් වූ පුද්ගලයාගේ ඥාතීන් පවා දැඩි අසීරුතාවයකට ලක්වන අවස්ථා ඕනෑ තරම් තිබේ. නමුත් බුදුන් වහන්සේ විසින් මෙම මතය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරයි.

    මෙහෙම හිතන්නකො. මුගලන් මහ රහතන් වහන්සේට අත්විඳීමට සිදුවූ වේදනාකාරී මරණය පිළිබඳව මෙනෙහි කරන්න. වර්තමාන කාලය තුළ එවැනි දෙයක් සිදුවූවා නම් අනිවාර්යයෙන්ම සමාජය විසින් පාපකාරී මරණයක් ලෙසට අර්ථකථනය කරනු ලබයි. තවද බාහිය දාරුචීරිය මහරහතන් වහන්සේගේ මරණය පිළිබඳව මෙනෙහි කරන්න. එළදෙනක් පහර දී මරණයට පත් වූවද එය රහතන් වහන්සේ නමකගේ පිරිනිවන් පෑමකි. මෙසේ සිතන්න. දර පතුරු වැනි යමක් ශරීරයේ ඔතාගෙන සිටින පුද්ගලයෙකුට එළදෙනක් පහර දීමෙන් පාර අයිනක තිබෙන මළ සිරුරකි. වර්තමාන සමාජය තුල එවැන්නක් සිදුවූවා නම් අනිවාර්යයෙන්ම පාපකාරී මරණයක් ලෙසට සමාජය විසින් අර්ථකථන සපයයි. සිදුවීම කෙතරම් ඛේදනීය වුවත් එය රහතන් වහන්සේ නමකගේ පිරිනිවන් පෑමකි. මිනිස්සු සාමාන්‍යයෙන් හිතන්නෙ රාත්‍රී නින්දේදී ස්වභාවිකවම මරණයට පත්වීම වැනි දෙයක් භාග්‍යවන්ත මරණයක් යනුවෙනි. එය සම්පූර්ණ වශයෙන්ම නිවැරදි මතයක් නොවේ. සළ සන්සුන් ඉඳුරන් සහිතව මරණයට පත්වී ඇතත් ඔහුගේ විඥානය කිනම් ලොවක් තුළ ප්‍රතිසන්ධිය ලබා ඇතිදැයි සාමාන්‍ය ජනයාට අර්ථකථනය කළ නොහැක. බුදුන් වහන්සේ විචිත්‍ර උපමාවකින් මෙය පැහැදිලි කරනව. පුද්ගලයාගේ මරණය වතුර ඇතුළෙ තෙල් කලයක් බිඳ දැමීම යන සිදුවීමට උපමා කරනව. වර්තමාන භවය තුළ මරණය කිනම් ආකාරයෙන් සිදු වුවද දිය යට තෙල් කළයක් බිඳීමේදී කටු ටික දිය යටට යනවා සේ ඔහු විසින් කරන ලද අයහපත් ක්‍රියාකාරකම් නිසා දුගතිගාමී වන බව සඳහන් කර ඇත. එම කටු ටික යටට ගොස් කලය තුළ ඇති තෙල් වතුර මතුපිට පාවෙනවා සේ සත්වයා සුගතිගාමී වන බව බුදුන් වහන්සේ විසින් පැහැදිලි කොට ඇත.

    සමාජයේ මිනිසුන් විසින් සියල්ල කර්මය යැයි අර්ථ නිරූපණය කරයි. නමුත් සියල්ල කර්මය යැයි බෞද්ධ දර්ශනය තුළ සඳහන් නොවේ. හේතුඵල දහම සහ මිනිසාගේ ජන ජීවිතයට බලපාන පංච නියාම ධර්මතා සහ හේතුඵල දහම , සම්පත්ති විපත්ති ධර්මතා අට පිළිබඳව භාග්‍යවතුන් වහන්සේ විසින් විශාල පරාසයක් ආවරණය කරන පරිදි විග්‍රහ කර ඇත. අචින්ති තම්පි භවති Tik tok රැල්ලට හේතුවූ ඇල්ල බස් අනතුර සමාජය විසින් නිර්වචනය කරන්නේ කර්මය ලෙසටයි. හතරවන ගියරයේ පල්ලම බැස්සීම යනු කර්මයට අදාළ දෙයක් නොවේ. එය හේතුඵල දහම සහ නොසැලකිලිමත් භාවයයි. යකඩ වලින් සාදන ලද තිරිංගය වැනි අජීවී වස්තුවක් තුළ කර්මය ක්‍රියාත්මක වන ආකාරය සිතා ගත නොහැක. තවද මෑතක සිදුවූ නා උයන ආරණ්‍ය සේනාසනයේ ඩක්කුවෙහි ගිය හිමිවරුන් අපවත් වීමද කර්මය ලෙසටම සඳහන් කළ නොහැක. එයද අදාල වන්නේ හේතුඵල දහමටය. දීර්ඝ කාලීන භාවිතය , පමණ ඉක්මවා බර පැටවීම , වැඩි වාර ගණනක් ළඟ ළඟ එය ක්‍රියාත්මක කිරීම , වසර ගණනාවකින් නඩත්තු කටයුතු සිදු නොකිරීම එම මරණයන් වලට හේතුව ලෙසට සඳහන් කළ හැකිය. මෙවැනි සිදුවීම් සම්පූර්ණයෙන්ම කර්මයටම ලගු කළ නොහැක. ලංකාවේ බොහෝ මිනිසුන් සියලුම දේ කර්මයට ලඝු කොට තමා තුළ ඇති උත්සාහයන් පවා අත්හැර හිත සනසා ගැනීමට පුරුදුව සිටි. පල් හොරුන් , මිනීමරුවන් , අන්ත දූෂිතයින් රාජ්‍ය පාලනයට මහජන ජන්දයෙන් පත්කොට උන් සියලු දෙනා විසින් රට විනාශ කරද්දී අනේ අපේ කරුමේ යැයි හිත හදා ගැනීමට බොහෝ ලංකාවේ මිනිස්සුන් පුරුදු වී සිටීම ඛේදනීය තත්වයකි. රටක් වශයෙන් ආර්ථිකමය දියුණුවක් කරා ගමන් කිරීමටද හැකියාව නොලැබෙන්නේද මේ නිසාවෙනි. නුවණැත්තෝ පමණක් අවබෝධ කර ගනිත්වා. සියලු මිනිසුන්ගේ දැනුවත් වීම සහ ධර්ම දානයක් උදෙසා Share කරන්න.

    මූලාශ්‍ර - * සංයුක්ත නිකාය * සගාථ වග්ගය *අංගුත්තර අට්ඨකථා.

    #buddhistphilosophyandmotivationadvisorධර්මදානයක්මවේවා

    *Join this page ✍️ සොඳුරු යථාර්ථවාදියා ✍️
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    කාම ත්‍රෙඩ් එකක් දාපන්කො. එදා එකවුන්ට් එක මාරුවෙලා වැරදිලා කාම් ත්‍රෙඩ් එකක් දැම්මට පස්සෙ ආයෙ දැම්මෙම නැහැනෙ.
     

    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,605
    113
    apaye ubawa badiy ok

    බදින්නෙ මොන තෙල් වලින්ද? පොල් තෙල්, ඔලිව් තෙල්, එලවලු තෙල්?
    තෙල් අපායෙම හිඳගන්නවද නැත්නම් පෘතුවියට ඇවිත් සල්ලි දීල අරන් යනවද?
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,364
    67,712
    113
    බදින්නෙ මොන තෙල් වලින්ද? පොල් තෙල්, ඔලිව් තෙල්, එලවලු තෙල්?
    තෙල් අපායෙම හිඳගන්නවද නැත්නම් පෘතුවියට ඇවිත් සල්ලි දීල අරන් යනවද?
    ube manasin mawenawa danuth gedara badinne pol thel walin ne e wage tama.dan tiyena loke atta kiyalane hitan inne :P