අපි බීපු ඒවගේ ෆොටෝස් මම අයින් කළා.... මම මේක වැරදි අදහසකින් ත්‍රෙඩ් එකක් දැම්මා නෙමේ.
අපි මේ ගමන ගියේ 2015. දැන් ඒ දෙන්නගෙන් කිසි කෙනෙක් පිදුරුතලාගල නෑ. මේජර් ට මම කතා කළා. එයා දියතලාවේ පුහුණු පාසලේ ඉන්නේ.
ගුවන් හමුදාවේ එක්කෙනත් දැන් කටුනායක ඉන්නේ.මම ඒ දවස් වල මේ ෆොටෝස් ෆේස්බුක් පවා දැම්මා... මම මේජර් වනසිංහ ගෙන් අහල තමා දැම්මේ.
එයා මට කිව්වේ එක දෙයයි, ඔය උඩ තියෙනවා අධි සංඛ්‍යාත රේඩාර් එකක්. අන්න එකේ ෆොටෝ දාන්න එපා කිව්වා.
මචන් අපි මෙතන බාර් එකේ සේරම වියදම් දැරුවේ අපි. අපි සෙට් වුනේ Admin Rank එකේ නිලධාරි 2ක් එක්ක.
අනික officer rank එකේ අයට අවසර තියෙනවා එයාලගේ හිතමිත්‍රාදීන් ව සීමා සහිත ප්‍රදේශ වලට එක්කන් යන්න. තමුන්ගේ පෞද්ගලික කාමරයට උනත් පුළුවන්. එදා ඒ officer 2 ම duty off හිටියේ.
අපි එයාලගේ රාජකාරි සීමාවේ කිසිම තැනක ගියේ නෑ.
මම දැන් කතා කරලා ඇහුවා. එයාලගේ dutyoff වෙලාවක, මුලික හමුදා නීතිය උල්ලංඝනය කිරීම්, විනය විරෝධී , අන් අයගේ රාජකාරි වලට බාධා පමුණුවන ආකාරයෙන් හැසිරීම් වගේ නැතුව, තමන්ගේ සමීපතමයන් සමගින් පෞද්ගලික කාමරයේ සංග්‍රහයන්, වලට බාධාවක් නැතිලු.