නුවරඑළියේ ට්‍රිප් එකක්

ken4me

Active member
  • Oct 9, 2014
    248
    87
    28
    ඊයෙ(27) නම් නුවරඑලිය අවට වැස්සා. මීදුම හින්ද පාරේ යන්නත් බැරිඋනා.
    26 ලෝකාන්තයේ ගියා.එත් මීදුම හොඳටම.මුකුත්ම පෙනුන්නැහැ.
     
    • Like
    Reactions: S.Akalanka

    S.Akalanka

    Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    ඊයෙ(27) නම් නුවරඑලිය අවට වැස්සා. මීදුම හින්ද පාරේ යන්නත් බැරිඋනා.
    26 ලෝකාන්තයේ ගියා.එත් මීදුම හොඳටම.මුකුත්ම පෙනුන්නැහැ.

    rep+

    me dawas wala yanna hoda koheda bn
     
    ken4me

    Active member
  • Oct 9, 2014
    248
    87
    28
    rep+

    me dawas wala yanna hoda koheda bn

    සන්දතැන්න පාක් එක වහලා. open කරන දවසක් හරියටම නැහැ.
    මේ දවස්වල නුවර එලිය අවට කොහොමත් මීදුම වැඩි. හෝර්ටන්තැන්න හොදයි. මීදුමත් එක්ක ගතියක් තියෙනවා. හැබැයි වැස්සොත් ඔක්කොම චොර. adisam බංගලාව පැත්තෙත් පට්ට මීදුම. පිදුරුතලාගල නම් යන්න කලින් නුවරඑලිය town එකේ ඉඳලම පේන හින්ද ,මීදුමද නැද්ද බලල යන්න පුළුවන්. හග්ගල weekend පට්ට සෙනග. මල් එහෙම හරියට නැහැ. අප්‍රේල් වලට දැන් තමයි park එක හදන්නේ. ග්‍රෙගරි වැවේ බෝට්ටු යන්න පුළුවන්. slow, speed, water ජෙට් තියෙනවා. 500-3500 ගණන් වලට. ඕන නම් helicopter එකේ රව්මක් යන්නත් පුළුවන්. විනාඩි 15 යි. රුපියල් 12500-19500 අතර ගණන්. :confused:
     
    nuwara eliye yanne naththam wena koheda yanna hoda places:)
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    නුවරඑළියේ හෝර්ටන් තැන්නේ ගියාට කවුරුත් වැඩිය නොදන්න නොයන තැනක් තමා කිරිගල්පොත්ත කන්ද. හෝර්ටන් entrance එකෙන් දකුණු පැත්තට තියෙන පාරේ යන්න ඕන. පට්ටම ලස්සනයි.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    සන්දතැන්න පාක් එක වහලා. open කරන දවසක් හරියටම නැහැ.
    මේ දවස්වල නුවර එලිය අවට කොහොමත් මීදුම වැඩි. හෝර්ටන්තැන්න හොදයි. මීදුමත් එක්ක ගතියක් තියෙනවා. හැබැයි වැස්සොත් ඔක්කොම චොර. adisam බංගලාව පැත්තෙත් පට්ට මීදුම. පිදුරුතලාගල නම් යන්න කලින් නුවරඑලිය town එකේ ඉඳලම පේන හින්ද ,මීදුමද නැද්ද බලල යන්න පුළුවන්. හග්ගල weekend පට්ට සෙනග. මල් එහෙම හරියට නැහැ. අප්‍රේල් වලට දැන් තමයි park එක හදන්නේ. ග්‍රෙගරි වැවේ බෝට්ටු යන්න පුළුවන්. slow, speed, water ජෙට් තියෙනවා. 500-3500 ගණන් වලට. ඕන නම් helicopter එකේ රව්මක් යන්නත් පුළුවන්. විනාඩි 15 යි. රුපියල් 12500-19500 අතර ගණන්. :confused:

    ඒ මොකෝ සඳ තැන්න වහල තියෙන්නෙ? අපරාදෙනෙ, ලස්සන ප්ලේස් එක :shocked:
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    නුවරඑළියේ හෝර්ටන් තැන්නේ ගියාට කවුරුත් වැඩිය නොදන්න නොයන තැනක් තමා කිරිගල්පොත්ත කන්ද. හෝර්ටන් entrance එකෙන් දකුණු පැත්තට තියෙන පාරේ යන්න ඕන. පට්ටම ලස්සනයි.

    කන්ද මුදුනට යන්න 7km ඇවිදින්න ඕනෙ, ගිහින් එන්න 14km, නියම හයික් එකක්, වැස්ස, මීදුම නැති දවසක යන්න නියමයි කිරිගල්පොත්ත

    තොටුපල කන්දත් තියෙන්නෙ හෝර්ටන් තැන්නෙමයි. ඒකත් නගින්න පුලුවන්. රාවණා දඬුමොනර බෑවා කියන්නෙ ඒකටලු ඉස්සර. හැබැයි උඩටම ගියාම වටේ ලස්සනට පේන්නෙ නෑ. බාගයක් කන්ද නගිනකොට නම් අඹේවෙල පැත්තෙ wind mills & අනිත් පැත්තෙන් හෝටන් තැන්න ලස්සනට පේනවා.
     
    Rama2017

    Active member
  • Aug 25, 2017
    537
    106
    43
    23/24 [FONT=&quot]ගියා වැස්ස නම් නෑ. [/FONT][FONT=&quot]ලෝකාන්තේ යනවනම් උදේ 8 වෙනකොට [/FONT][FONT=&quot]එතන ඉදහන් නැත්නම් වැඩක් නෑ එන ගමන් [/FONT]strawberry farm new Zealand farm [FONT=&quot]එකයි බලහන් තව පිදුරුතලාගල යන්න පුලුවන් [/FONT]
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    කොළඹ ඉඳල නුවර එළියෙ යනකොට ප්‍රධාන පාරවල් 2ක් තියනවා. එකක් පේරාදෙනිය - ගම්පොල හරහා නුවර එළිය පාර, අනිත් එක අවිස්සාවෙල්ල - හැටන් හරහා නුවර එළිය පාර.

    නුවර (පේරාදෙනිය) පාරෙ යනවා නම් යන ගමන් දළදා මාලිගාවට ගිහින් යන්න පුලුවන්. ඒ පාරෙ ඩෙල්ටා දිය ඇල්ල, හෙල්බොඩ දිය ඇල්ල, දේවතුර ඇල්ල, රම්බොඩ දිය ඇල්ල තියනවා. මේවා ඔක්කොම පොඩි පොඩි දියඇලි.

    හැටන් පාරෙ යනව නම් සෙන්ට් ක්ලෙයාර්ස් & ඩෙවෝන් දිය ඇලි තියනවා

    නුවර එළියෙ වික්ටෝරියා මල් වත්ත, ග්‍රෙගරි වැව, ලවර්ස් ලීප් දිය ඇල්ල බලන්න පුලුවන්.

    නුවර එළිය අවට හක්ගල මල් වත්ත, හෝර්ටන් තැන්න, පිදුරුතලාගල කන්ද වගේ තැන් වලට යන්නත් පුලුවන්.

    නුවර පැත්තෙන් ගිහින් හැටන් පාරෙ වරෙන්. හැටන් පාරෙ එනකොට කිතුල්ගල කැළනි ගඟෙන් නාන්න පුලුවන්.

    හෝටන් තැන්නට නුවර එලියේ ඉදන් ගොඩක් දුරයි නේද? ඔය දාලා තියන ඒවයි හැමදාම වගේ ගියාම යන නිසා දැන් එපා වෙලා තියෙන්නේ. අලුත් මොනවාහරි තැනක් තියනවද කියලයි බැලුවේ.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    මෙහෙම පාරක් නෑ බොල. ගම්පොල හරහා යන පාර වැටෙන්නෙ පේරාදෙනිය හරහා. නුවර හරහා නෙවෙයි. පේරාදෙනිය ඉඳන් නුවරට දුර අඩු උනාට එහෙ තියෙන ට්‍රැ‍ෆික් එකේ හැටියට පැයක් විතර යනව. ඒ නිසා මාලිගාවට යන එක වෙනම ට්‍රිප් එකක යමං. නුවරඑලි යන ගමන් යන්න එපා.

    උදේ 3 ට විතර කොළඹින් පිටත් වෙලා දළදා මාලිගාවටත් ගිහින් යන්න කියල බැලුවේ.
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    නුවර එළිය අවට බලන්න තැන් කිහිපයක්:
    Galway's Land National Park
    සඳ තැන්න
    කන්දෙ ඇල ජලාශය
    අඹේවෙල ෆාම් එක

    මේ සඳතැන්නේ මොනවද බන් බලන්න තියෙන්නේ. ටවුන් එක ලඟමද තියෙන්නේ?
     
    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    23/24 [FONT=&quot]ගියා වැස්ස නම් නෑ. [/FONT][FONT=&quot]ලෝකාන්තේ යනවනම් උදේ 8 වෙනකොට [/FONT][FONT=&quot]එතන ඉදහන් නැත්නම් වැඩක් නෑ එන ගමන් [/FONT]strawberry farm new Zealand farm [FONT=&quot]එකයි බලහන් තව පිදුරුතලාගල යන්න පුලුවන් [/FONT]

    පිදුරුතලාගල කන්ද නගින්න පුලුවන්ද බන්. ගෙදර මිනිස්සුත් එක්ක යන්නේ.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    හෝටන් තැන්නට නුවර එලියේ ඉදන් ගොඩක් දුරයි නේද? ඔය දාලා තියන ඒවයි හැමදාම වගේ ගියාම යන නිසා දැන් එපා වෙලා තියෙන්නේ. අලුත් මොනවාහරි තැනක් තියනවද කියලයි බැලුවේ.

    28-30km තියනව නුවර එළිය ටවුන් එකේ ඉඳල හෝටන් තැන්නට.

    බෝඹුරු ඇල්ල පැත්තෙ ගියාද? හක්ගල පහු කරන් යනකොට රේන්දපොල හන්දියෙන් හැරිල යන්න තියෙන්නෙ.

    නුවර - පදියපැලැල්ල - මන්දාරම්නුවර හරහා නුවර එළිය ගිහින් තියනවද? මන්දාරම් නුවර පැත්තත් ලස්සනයි. ඒ හරියෙ දිය ඇලි දෙක තුනකුත් තියනවා.
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere

    මේ සඳතැන්නේ මොනවද බන් බලන්න තියෙන්නේ. ටවුන් එක ලඟමද තියෙන්නේ?
    ග්‍රෙගරි වැව ලඟින් හැරිල යන්න තියෙන්නෙ. හෝටන් තැන්න වගේ, හැබැයි එච්චර ලොකු නෑ.බීජ අල ෆාම් එකක් තියනවා එතන. ඒකෙ එක තැනක් තියනවා එතනට ලස්සනට වටේම පේනවා. පිදුරුතලාගල, හක්ගල, නමුණුකුල කඳු ලස්සනට පේනව එතනට. එතන තියන සෆාරි ජීප් වල යන්න ඕනෙ. අපේ වාහන වල ඇතුලෙ යන්න දෙන්නෙ නෑ. රු.2500 ගත්ත ගිය අවුරුද්දෙ, දැන් ගණන් වැඩිද දන්නෙ නෑ. 8 දෙනෙක්ට විතර ජීප් එකක යන්න පුලුවන්. එකෙක් දාල තිබුන සඳ තැන්න වහල කියල, පොඩ්ඩක් හොයල බලපන් යන්න කලින්

    පිදුරුතලාගල කන්ද නගින්න පුලුවන්ද බන්. ගෙදර මිනිස්සුත් එක්ක යන්නේ.
    පිදුරුතලාගල උඩටම අපේ වාහන වල යන්න පුලුවන්. ටවුන් එකේ ඉඳල ලොකු දුරක් නෑ.. ඉස්සර නම් ඇතුල් වෙනකොට ආමි එකෙන් යන අයගෙ විස්තර ලියා ගන්නවා. දැන් කොහොමද දන්නෙ නෑ.