නුවරඑළිය

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,451
    13,171
    113
    ලංකාවේ අපේ ලංකාව
    නුවරඑළිය ප්‍රා සභාව බුලත් කොලෙන් හැලේ

    10846242_1519200075001318_4329517840880235219_n.jpg


    කම්කරු ජාතික පෙරමුණේ නායක පලනි දිගම්බරන් සහ කඳුරට ජනතා පෙරමුණේ දේශපාලන අංශ නායක වී.රාධක්‍රිෂ්ණන් යන නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනා ආණ්ඩු පක්ෂයෙන් ඉවත්වීමත් සමග සන්ධාන රජයට බලය හිමිව තිබූ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ බලය විපක්ෂයට හිමිව ඇත.

    මීට පෙර එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් මන්ත්‍රීවරු 16 ක් සහ විපක්ෂය නියෝජනය කරමින් එජාප මන්ත්‍රීවරු 3 දෙනෙක් සිටි අතර පක්ෂ මාරුවත් සමග විපක්ෂයේ මන්ත්‍රීන් සංඛ්‍යාව 18 ක් බවට පත්ව ඇත.

    මන්ත්‍රීවරු 16 දෙනකු සිටි සංධානයට දැන් සිටිනුයේ තිදෙනෙකි. මන්ත්‍රීන් පස් දෙනකු සිටි විපක්ෂයට දැන් මන්ත්‍රීහු 18 දෙනෙක් සිටිති. සන්ධානයට මන්ත්‍රීවරු තිදෙනෙකි. ඔවුහු ඇමති ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ ලංකා කම්කරු කොන්ග්‍රසයෙනි.

    මේ අනුව කඳුරට ජනතා පෙරමුණේ 7 , කම්කරු ජාතික පෙරමුණ 4 , එක්සත් ජාතික පක්ෂය 5 කි. මුළු මන්ත්‍රී සංඛ්‍යාව 21 කි.

    ප්‍රාදේශීය සභාවේ සභාපති කඳුරට ජනතා පෙරමුණේ එස්.සදාසිවම් මහතා දැරූ අතර ඔහු කියා සිටියේ පක්ෂ මාරුවත් සමග විපක්ෂයට මන්ත්‍රීවරු 18 දෙනෙක් සහ සන්ධානයට මන්ත්‍රීවරු 3 ක් ලෙස ඊයේ (11) සිට නුවරඑළිය ප්‍රාදේශිය සභාව ක්‍රියාත්මක වන බව යි.