නුවරඑළි යන්න ලස්සන පාරක් කියන්නම්. හැබැයි 4x4 වාහනයක් ඕනි වෙනවා. van එකක් උනත් shape එකේ යන්න පුළුවන්. but car එකක් එහෙම නම් බැහැ.
මෙන්න මේකයි පාර, ඔයාල කොළඹ පැත්තේ ඉදන් එනවා නම්. අවිස්සාවේල්ලේන් කරවනෙල්ලට ඇවිත් එතනින් කෑගල්ල පාරේ එන්න. කෑගල්ල පාරේ එනකොට වරාවල හන්දිය හම්බ වෙනවා. එතනින් බුලත්කොහුපිටිය පැත්තට එන්න. බුලත්කොහුපිටියෙන් පාරක් තියනවා දොළොස්බාගේ ට. මම ගිහින් තියන ලස්සනම පාර. දේදුගල හරහා දොළොස්බාගේ. ඕනේ කෙනෙක් ගෙන් ඇහුවොත් කියයි. google map එකෙනුත් හොයාගන්න පුළුවන්. මේ පාරේ දොළොස්බාගේ කිට්ටුව 5km විතර ටිකක් තියනවා full road තමයි යන්න වෙන්නේ. අනිත් ඔක්කොම ටික හොදයි පාරේ. දොළොස්බාගේ ට ගිහින් එතනින් නාවලපිටිය හරහා නුවරඑළිය. පට්ට ලස්සනයි දේදුගල පහු කරාට පස්සේ පාර.