2015 දි මට උන සිද්දියක් මාලබේ ස්ටැන්ඩ් එකෙදි. මම එතකොට පොඩි පාටයි මගෙ වයස 15-16 ක් වගෙ පෙන්නෙ බන්. මගෙ ඇත්ත වයස 20ක් එතකොට. මම එදා බත්තරමුල්ලට ගිහින් ආව බන් මාලබ් නැවතිලා හිටියෙ.එදා හොදටම වැස්ස මාලබෙන් බැහැලා වැස්ස පායනකන් ස්ටැන්ඩ් එකට වෙලා හිටියේ. මම ඇදන් හිටියෙ ඩෙනිමකුයි සෙරෙප්පු කෑලි දෙකකුයි ටී ශර්ට් එකකුයි මගෙ අතෙ පොඩි බැග් එකකුත් තිබුන නිකන් ක්ලාස් යන ඩයල් එකක් වගේ.පොලිස් හා ආරක්ෂක අංශ නිලධාරීන් බව කියමින් පාසල් සිසුන්ගේ මුදල් පසුම්බි සහ පොත් බෑග් පරික්ෂා කර
ටික වෙලාවක් යද්දි එකෙක් ඇවිල්ලා මට කියනව ' මල්ලි මම පොලීසියෙන්" ලු පර්ස් එක දිගැරලා අයිඩ් එකකුත් පෙන්නුවා මූ ඊටපස්සෙ මගෙන් විස්තර අහන්න ගත්තා.
මන් දැනගත්ත මූ ගානක් බස්සන්න තමයි හදන්නෙ මන් ඌට වඩා ඇම්ඩා නිසා කාලවරෙන් කියල මම කොකටත් ලැස්ති උනා.
මූ අහන්ව මල්ලි කොහෙද ? මම කිව්ව එහා පැත්තෙ ඉන්නෙ මෙ වැස්ස හින්ද මෙතන ඉන්නෙ
ගෙදර කවුද ඉන්නෙ ?මම කිව්ව අයියල 4 දෙනයි මමයි.
පොර ඊටපස්සෙ නිකන් අදිමදි කරල ඇහුව පාවිච්චි කරන බැන්කු මොනවද කියල. මම කිව බැන්කු පාවිච්චි කරන්න තරම් සල්ලියක් නැ කියල.
පොර ඊටපස්සෙ ගියා යන්න ආයෙ නම් දැක්කෙ නැ
මම පුරුද්දක් විදියට බස් සල්ලි විතරක් සාක්කුවෙ දාගෙන පර්ස් එක දාගන්නෙ බෑග් එකේ.මලාට මගෙන් සල්ලි ගහන්න බැ.

mama hituwe dan tikak hari adu wela athi kyala dan sigh 