නුවර කොළබ බස් එක්ක දවසක ආදායම

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,527
    25,849
    113
    මම දන්නා තව කතාවක් කියන්නම්, කොහෙද කව්ද කියලා අහන්න එපා.

    කොලබින් පටන් ගන්න CTB බස් එකක් යනවා රට මැද්දේ ඇතුලක ටවුන් එකකට,
    හවස 4.30-5 වෙන කොට ඒ ටවුන් එකට යනවා.
    ඒ බස් එකේ සීට් යට සහ ඩිකියේ තනිකරම කොටුවෙන් පටවන අල ළුණු හාල්මැස්සෝ වගේ එක එක බඩු, ගෝනි වල හෝ පෙට්ටි වල අහුරාගෙන යන්නේ, ඒවා ඩ්‍රයිවර්ගේ බඩු.
    (වැස්ස දවසක විදුරු වහගෙන යන්න ගියාම තමයි ආතල් එක, අරවගේ උෂ්නේ එක්ක අස්ස නිකන් මිතොටමුල්ල වගේ ගදයි) :ROFLMAO:
    ඩ්‍රයිවර් හවස ඒ අදාළ ටවුන් එකට ගිහින් බස් එක නවත්තලා අර බඩු ටික බෙදලා දෙනවා අදාළ තැන් වලට,
    ඊට පස්සේ පොතක් අරන් අරන් ටවුන් එක වටේ යනවා ගනුදෙනු බේරගන්න.
    ඊට පස්සේ හිමිදිරි උදේ ආයේ කොලබ අදිනවා.
    කොරෝනා එහෙම එන්න කලින් ඩ්‍රයිවර් ඒ බස් එකේ කොන්දොස්තරට 35000 ක් දෙනවා මාසේ අන්තිමට පොරගේ වැඩ වලට උදව් කරන එකට,
    කොන්දට ලොකු වැඩක් නෑ පාර්සල් ටික පොඩ්ඩක් එහෙට මෙහෙට කරලා උදව් කරලා ඉන්නයි තියෙන්නේ.
    අද මේ වෙනකොටත් ඒ බිස්නස් එක ඒ විදිහටම කරගෙන යනවා.
    දැන්නම් කොන්දට 60 ක් වත් දෙනවා ඇති.
    ඩ්‍රයිවරයා CTB බස් එක අස්සේ පොරගේ බඩු ලොරියකුත් දුවාගෙන දැහැමෙන් සෙමෙන් ජිවත් වෙනවා. :ROFLMAO::ROFLMAO::ROFLMAO:

    කූරියර් සමාගම් ගහනවා මේ වගේ ගේම්. කොළඹින් පටවනවා ලෝඩ් එක, end destination බස් එක ගහද්දිම අදාල ටව්මේ කූරියර් බ්‍රාන්ච් එකේ ලොරිය එතනට එනවා. අව්ලකුත් නැහැ , ආදායම ඩිපෝවටත් එනවා නම්.
     

    thriloka

    Well-known member
  • Apr 28, 2022
    890
    970
    93
    දවසට ලක්ෂයක් විතර හොයන බස් එකකින් 2000 ක් විතර වමට ගැහුවා කියලා එච්චර දැනෙන්නේ නෑ..
    අඩෝ එච්චර ආදායමක් එනවද?
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,036
    1,407
    113
    අඩෝ එච්චර ආදායමක් එනවද?
    ඊට වඩා හොයනවා බන්. නිකමට හිතපන් ඇබිලිපිටිය කොලබ එකක් යන්න එන්න ට්‍රිප් දෙකට කොච්චර හොයනවා ඇතිද.
    එතකොට මලේ කොලබ, පුරේ කොලබ ඒවා :LOL:
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,647
    3,530
    113
    කීයක් වගෙ ද බන්? දවසකට එක ටර්න් එකයි නේද යන්නෙ ?

    මොරටුව කොටුව වගෙ එක්ක ආදායමත් ඒ වගෙ ද?

    * ඕවගෙ අයිතිකාරයෝ දවසෙ ආදායම අතට ගන්නෙ කොහොමද ?
    :- උදාහරණයක් විදියට හිතපන් බස් එක නුවර කොළඹ යන්නෙ, අයිතිකාරයා ඉන්නෙ දඹුල්ලෙ කියල. එතකොට උන් කරන්නෙ මොකක්ද?

    මාටියා ගහන්නෙ නැද්ද කොන්දා, ඩ්‍රයිවරය එහෙම?
    ඉස්සර මගේ යාලුවෙක්ගේ බස් එකක් දීවා පානදුර නුවර. සෙමි එකක්. ගෝලයා 5000ක් මාටියා ගහනවා අනිවාර්යෙන් දවසට. ඩ්‍රයිවර්ට පඩිය 3000යි ගෝලයට 2000යි. ඩීසල් වියදම ඇරලා දවසට 15000-20000ක් ඉතුරු කෙරුවා ඒ දවස් වල. නුවරින් අදිනකොට පානදුරේට සීට් ගානට හිටියොත් ආපහු එන ටර්න් එක නිකන් ආවත් පාඩු නෑ කීවා. පොර වැඩ කරන දවසට 25000ක් ඉතුරු කරනවා පඩි බේරලා පොරටත් පඩි අරගෙන. සීට් 57 බස් එකක් තිබ්බේ බ්රේක් ලයිනර් සෙට් එකක් දවස් 5-6ක් පුලුවන්. හැමදාම කඩුගන්නාව බැහැලා කෑගල්ලෙදි රෝද හතරෙම බ්රේක් කට්ටයක් දානවා. දැන් ගොඩක් ආදායම් වැඩි සදුදා සිකුරාදා සෙනසුරාදා විතරයි. අනිත් දවසට සීට් ගානටවත් නෑ කොළඹ - නුවර පාරේ. මම සදුදා ගියා ලේඛණාරක්ෂක එකට මාවනැල්ල කොලඹ බස් එකේ 7.20 මාවනැල්ලෙන් ඇදපු එකේ. කොළඹටම යනකං ෆුල් ලෝඩ් ආපහු එනකොට ආපු බස් එකේ සීට් ගානටවත් නෑ. කෑගල්ලෙන් නුවරට 15ක් විතර නැග්ගා එච්චරයි
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,852
    31,083
    113
    Route permit එකක් සල්ලි දීලා අරං ඒක රෙන්ට් කරන එක ගැන මොකද හිතන්නෙ මචං? බස් එකක්
    නැතුව පර්මිට් එක විතරක් අරං රෙන්ට් කරන එක ගැන කියන්නෙ මම? එහෙම කරන උබලා දන්න උන් ඉන්නවද? ආදායම කොහොමද?
     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,619
    10,187
    113
    බස් කරන්න එපා අලුතෙන්! කලින් ඇදගෙන ආපු උන් කරන එක වෙන කතාවක් අලුතෙන් එන එක පාඩුයි ! පුලුවන්නම් තනියම රූට් එකක් ගන්න! දැන් බස් කරන්නෙ මනි ලොන්ඩරින් වලට
     

    King kekille

    Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    Route permit එකක් සල්ලි දීලා අරං ඒක රෙන්ට් කරන එක ගැන මොකද හිතන්නෙ මචං? බස් එකක්
    නැතුව පර්මිට් එක විතරක් අරං රෙන්ට් කරන එක ගැන කියන්නෙ මම? එහෙම කරන උබලා දන්න උන් ඉන්නවද? ආදායම කොහොමද?
    පර්මිට් විට්ගරක් රෙන්ට් කරන්න බැහැ..

    colombo kiribathgoda wage bus ekak dawasata 15 i dan
    Mokadda route number 15000/= wadi nadda bn. Turn 4k set wei ne
    ------ Post added on Feb 5, 2024 at 3:37 AM
     
    • Like
    Reactions: Mr UNKNOWN

    migaraDe

    Well-known member
  • Sep 28, 2010
    822
    756
    93

    අපේ ගමේ එකේනම් bus අයිතිකාරයා තමයි කොන්දා :P
    මාටියා left :lol:

     

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,619
    10,187
    113
    Route permit එකක් සල්ලි දීලා අරං ඒක රෙන්ට් කරන එක ගැන මොකද හිතන්නෙ මචං? බස් එකක්
    නැතුව පර්මිට් එක විතරක් අරං රෙන්ට් කරන එක ගැන කියන්නෙ මම? එහෙම කරන උබලා දන්න උන් ඉන්නවද? ආදායම කොහොමද?
    bus eke pothe aithikarayayi, permit eke aithikarayayi samana wenna oni !