නුවර වැව ගොඩකර ඥානක්කාට හැදූ හෝටලය

mall_9n

Well-known member
  • Apr 19, 2026
    1,308
    3,157
    113
    රට බේරගත්තු ඥානක්කාට කලගුන සලකපු ගෝට




    ඓතිහාසික නුවර වැව ගොඩකර ඥානක්කාට හැදූ හෝටලය ට රාජ්‍ය සම්පත් අවභාවිතය සහ නීතිය හමුවට පැමිණවිය යුතු බලධාරීන් ගැන විශේෂ විමර්ශනාත්මක වාර්තාවක්

    වසර 2500කට වඩා අභිමානවත් ඉතිහාසයකට හිමිකම් කියන, අනුරාධපුර පූජනීය නගරයේ ජීවනාලිය බඳු ඓතිහාසික නුවර වැව පරිසර පද්ධතියට සහ එහි වැව් තාවුල්ලට අද අත්වී ඇති ඛේදනීය ඉරණම පිළිබඳව සමස්ත රටේම අවධානය වහා යොමුවිය යුතුව තිබේ.

    අනුරාධපුර මහ කලත්තෑව ප්‍රදේශයේ, ඓතිහාසික නුවර වැවේ රක්ෂිත වැව් තාවුල්ල නීති විරෝධී ලෙස ගොඩකරමින් ඉදිකර ඇති බව කියන "Yaazoraa Anuradhapura" (ලියාපදිංචි ලිපිනය: YAAZORAA, 50000 Maha Kalattewa, Sri Lanka) නමැති හෝටල් පරිශ්‍රය සම්බන්ධයෙන් මේ වන විට දැඩි ආන්දෝලනයක් සහ මහජන විරෝධයක් මතුවෙමින් පවතී.

    රාජ්‍ය මුදල් සහ හමුදා බලකායන් අවභාවිත කිරීමේ බරපතල චෝදනාව

    මෙම ඉදිකිරීම් සම්බන්ධයෙන් එල්ල වන ප්‍රධානතම සහ බරපතලම චෝදනාව වන්නේ, එවකට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පූර්ණ ආශීර්වාදය සහ අනුග්‍රහය ඇතිව, ශ්‍රී ලංකා යුධ හමුදා ඉංජිනේරු බලකායේ සෙබළුන් සහ රජයේ නිල යන්ත්‍ර සූත්‍ර පූර්ණ වශයෙන් යොදාගනිමින් මෙම හෝටල් පරිශ්‍රය ඉදිකර ඇති බවයි.

    දේශපාලන හා හමුදාමය බලය යොදාගනිමින්, රාජ්‍ය සම්පත් පුද්ගලික අභිමතාර්ථයන් උදෙසා අවභාවිත කිරීම පැහැදිලිවම දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ රාජ්‍ය දේපළ අවභාවිත පනත යටතේ වරදකි.

    එම නිසා, එදා මෙම සේවයේ යෙදවූ හමුදා සෙබළුන්ගෙන් සහ නිලධාරීන්ගෙන් වහාම ප්‍රකාශ සටහන් කරගනිමින්, අදාළ හිටපු හමුදාපති ශවින්ද්‍ර සිල්වා හිටපු ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න ඇතුළු වගකිවයුත්තන්ට එරෙහිව රාජ්‍ය මුදල් හා බලය අවභාවිත කිරීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) මගින් වහාම පරීක්ෂණ ආරම්භ කළ යුතු කාලය දැන් එළඹ ඇත.

    මිත්‍යාදෘෂ්ටිය හමුවේ දණගැසූ පාලනය සහ හමුදා ගෞරවය

    රටක් පාලනය කළ යුත්තේ විද්‍යාත්මක, තාර්කික සහ නීතිමය පදනමකින් මිස මිත්‍යාමත හෝ සාස්තරකරුවන්ගේ උපදෙස් මත නොවන බව ගෝටාභය රාජපක්ෂ ට පසක් වී ඇති බව නම් සැබෑය .

    එවකට ගෝටාභය රාජපක්ෂ ඇතුළු ඔහුගේ ගෝල බාලයන් ඇතුළු පාලකයන් තමන්ගේ පුද්ගලික අභිමතයන් සහ මිත්‍යාදෘෂ්ටික විශ්වාසයන් උදෙසා 'ඥානක්කා' නමැති සාස්තරකාරියගේ උපදෙස් මත කටයුතු කරමින්, රටේ හමුදා නායකයන් පවා ඇය ඉදිරියේ දණගස්වන තත්ත්වයට පත්කර තිබුණි.

    හමුදා නිලධාරීන්ගේ දකුණු අතේ රතු නූල් බඳිමින්, ඇතැම් ඉහළ පෙළේ බ්‍රිගේඩියර්වරුන් පවා තමන්ගේ අම්මාටත් වඩා ගෞරවයෙන් ඇයට "අම්මා" යැයි ආමන්ත්‍රණය කරන තරමට හමුදාවේ කීර්තිනාමය සහ විනය මිත්‍යාව හමුවේ පල්ලම් බැස්සේය. අවසානයේදී සිදුවූයේ, එවැනි මිත්‍යාමත මත යැපෙමින් රට විනාශ කළ පාලකයන්ට ජනතා විරෝධය හමුවේ ඇඳුම් බෑගයක් පමණක් රැගෙන, ඇමරිකානු පුරවැසිභාවය පවා අහිමි කරගෙන රටින් පලා යාමට සිදුවීමයි.

    පරිසර විනාශය සහ බලධාරීන්ගේ වගකීම

    ඓතිහාසික නුවර වැවේ වැව් තාවුල්ල යනු පාරිසරික වශයෙන් මෙන්ම පුරාවිද්‍යාත්මක වශයෙන්ද අතිශය සංවේදී කලාපයකි. මෙවැනි රක්ෂිත භූමියක් ගොඩකර සුපිරි හෝටලයක් ඉදිකිරීමට අවසර දුන්නේ කවුරුන්ද? ඊට අනුබල දුන් පුරාවිද්‍යා කොමසාරිස්වරයා, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්වරයා ඇතුළු සියලුම රාජ්‍ය බලධාරීන් වහාම CID යට කැඳවා ප්‍රකාශ සටහන් කරගත යුතුය.

    නීතිය සැමට සාධාරණ විය යුතුය. සාමාන්‍ය ජනතාවට වැව් රක්ෂිතයක පැලයක්වත් ඉඳීමට ඉඩ නොදෙන නීතිය, බලවතුන්ට සහ සාස්තරකාරියන්ට වැව් තාවුලු ගොඩකර හෝටල් සෑදීමට ඉඩ දුන්නේ කෙසේදැයි වර්තමාන රජය සහ නීතිය ක්‍රියාත්මක කරන ආයතන රටට හෙළිදරව් කළ යුතුය.

    මෙම අක්‍රමවත් ඉදිකිරීම් වහාම ඉවත් කර, ඓතිහාසික නුවර වැව නැවත තිබූ පරිසර පද්ධතියට අනුකූලව යථා තත්ත්වයට පත් කිරීමටත්, ඊට වගකිවයුතු සියලු දෙනාට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමටත් වත්මන් රජයේ ඇස් වහා ඇරිය යුතුව ඇත.

    සම්පත් දිල්ලිමුණි

    read more


    ------ Post added on Aug 31, 2026 at 7:20 AM
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,277
    17,264
    113
    අර ඒ කාලේ කිව්ව යෝසිතගේ හෝටලය තාම තියෙනවද?

    jIhWuRo.jpeg
     
    • Haha
    Reactions: Inigo Montoya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,605
    25,959
    113
    අනුරාධපුර රෝහලේ Telephone operator කෙනෙක්. කොහොමද ගැම්ම
     

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,231
    27,942
    113
    36
    Mirihana
    alis.alberta.ca
    නොදකින් කාලකන්නි.

    එනිවේ බියර් එකක් ගහල වැව දිහා බලාන පුල් එකේ බැහැල ඉන්න මරු හැබැයි.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,091
    1
    58,416
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අර ඒ කාලේ කිව්ව යෝසිතගේ හෝටලය තාම තියෙනවද?

    jIhWuRo.jpeg

    නිදාගෙනද හිටියෙ අරගල කාලේ

    යෝෂිතගේ හෝටල් සංකීර්ණයකට ගිනි තබලා​


    2022 මැයි 11 | ප.ව. 04:53
    31 - Share
    sharethis sharing button


    image_4e98a52bee.jpg

    (ජයන්ත නානායක්කාර, රෝහන සමරවීර සහ පී.ආර්.ගමගේ)
    හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂට අයත් බව කියන කොලොන්නේ හෝටලයකට ඊයේ දින රාත්‍රි කිසියම් පිරිසක් ගිණි තබා ඇතැයි කොලොන්න පොලීසිය පවසයි.
    රත්නපුර දිස්ත්‍රීක්කයේ සිංහරාජ රක්ෂිතයට මායිම්ව ගොන්ගල කන්ද පාමුල මෙම හෝටලය පිිහිට තිබේ.
    ගින්නෙන් හෝටලය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර අක්කර විස්සකින් සමන්විත ඉඩමේ ඉදිකර තිබූ කබානස් පහකට හා තවත් ගොඩනැගිලි හයකට ගිනි තබා අලාභ හානි කර ඇත. එහි තිබූ ව්‍යායාම කරන උපකරණ රැසකටද හානි කර ඇත
    නම සදහන් කිරීමට අකමැති එහි සිටි සේවකයෙක් සදහන් කළේ හැත්තැවක සියයක පමන පිරිසක් පැමිණ පහරදී ප්‍රෙට්‍රල් වැනි යමක් දමා ගිනි තැබූ බවත් ඔහුන් අසල කැලයේ සැඟවී සිටි බවයි.
     
    • Sad
    Reactions: Inigo Montoya