නුවර

rochel1977

Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    මහනුවර ඇසල පෙරහර මංගල්‍යයයේ අවසන් රන්දෝලි පෙරහැර වීදි සංචාරයෙන් පසු පෙරහර නැරඹීම සඳහා පැමිණි ජනතාව මාර්ග දෙපස හා වාඩි වි සිටි ස්ථානවල අපද්‍රව්‍ය දමා නගරය අපවිත්‍ර කර තිබෙනු දැකිය හැකි විය.

    මහනගර සභා සේවකයින් යොදා ඒවා ඉවත් කිරීමට සිදුවූ අතර පෙරහර ආරම්භවීමට පෙර සිටම අපද්‍රව්‍ය තැන තැන නොදමන ලෙස දැනුම්වත් කිරීම් රැසක් සිදුකර තිබිණි.


    IMG_1512.jpg


    IMG_1514.jpg


    IMG_1517.jpg


    අපේ මිනිස්සු කවදා හැදෙයිද??? :sorry::sorry::sorry:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අපේ මිනිස්සු කවදා හැදෙයිද???

    කවදාවත් නෑ බන්. දෙමවුපියෝ මෙහෙම කරනකොට ඊලඟ පරම්පරාවත් මේකමයි කරන්නෙ :(
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ශ්‍රී පාදෙත් ඔහොමයි, අනුරාධපුරෙත් ඔහොමයි, හැමතැනම ඔහොමයි :(
    අතුගාන්න කට්ටිය ඉන්න හින්ද හොඳයි
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    mama kisi dawasaka/ mathaka athi kaaleka kohewath kunu daala awilla na machan. :)

    lankaweth neethi kriyathmaka karala dada gahanna one, naththam singappuruwe wage kotumas karanna one :)
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,263
    8,364
    113
    රූකඩ රාජ්ජේ
    ඕවා මහ උන්ගේ වැරදි. උන් දැනගන්න ඕනේ පොඩි එවුන්ට ඕවා කියලා දෙන්න පොඩි කාලේ ඉදලා. රේල් පාර අයිනේ බලපන් කොච්චර ප්ලාස්ටික් බෝතල්, රටකජු කවර තියෙනවද කියලා. ලංකාවේ එවුන් කවදාවත් හැදෙන්නේ නෑ.

    :angry::angry::angry::angry:


    පොලිසියේ ඉන්නවා Enviornmental Protection Unit කියලා සෙට් එකක්. උන් කරන්නේ බයිසිකලේක නැගලා බොරුවට රවුම් ගහන එක විතරයි. ඕකුන් ඉස්සරහ පාරට කුණු දැම්මත් ඔය පොන්නයෝ නොදැක්කා වගේ යයි.

     
    Last edited:
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    සිංගප්පූරුවෙ වගේ දැඩි නීති ක්‍රියාත්මක නොකර අපේ උන්ව හදන්න බෑ.අඩියක් දෙකක් එහායින් කුණු බක්කියක් තියෙද්දි කුණු බිම හලල යන එවුන් ඕනෙතරම් ඉන්නව.. :(