නුසුදුස්සෙක් වී සිටින මහින්ද ආපහු ජනාදිප

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    නුසුදුස්සෙක් වී සිටින මහින්ද ආපහු ජනාදිප

    වංචාවක් කර දැනටමත් නුසුදුස්සෙක් වී සිටින මහින්ද රාජපක්ෂට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නත් බෑ: නීති තියෙන්නේ වැරදිකරුවන් සුදනන් කිරීමට නොවේ -හිටපු අගවිනිසුරු



    (ලංකා ඊ නිව්ස් -2014.සැප්.06, ප.ව.11.30) මහින්ද රාජපක්ෂ 18 වෙනි සංශෝධනය ගෙනාවේම වංචනික අදහසකින් බවත් සොරෙකු සොරකම් කරද්දී කෙතරම් සූක්ෂම ලෙස එය සිදුකළත් ඇඟිලි සලකුණු තබා යනවා සේ මහින්ද රාජපක්ෂගේ 18 වෙනි සංශෝධනයේදී ද සූක්ෂම වැරදි කර ඇති බවත් පවසන හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහින්ද රාජපක්ෂට තෙවැනි වර ජනාධිපති ධූරයට ඉදිරිපත් විය නොහැකි බව යලිත් අවධාරණය කරයි.

    එපමණක් නොව වංචාවක් කරපු මිනිහෙක් සුදනෙක් කිරීමට නීති පැනවිය නොහැකි වනවා සේම දැනටමත් නුසුදුස්සෙක් වී සිටින මහින්ද රාජපක්ෂට තම නුසුදුසු භාවට සුදුසු කමක් කර ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය නොහැකි බවද හිටපු අගවිනිසුරු පවසයි. නුසුදුසු වී ඇත්තේ ජනාධිපතිවරයා නොව මහින්ද රාජපක්ෂ බැවින් ඔහුට ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය නොහැකි යයිද ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසිය හැක්කේ පොදු වැදගත් කමක් ඇති දේ ගැන පමණක් මිස පුද්ගලික වැරදි කරුවෙක් නිවැරදි කරුවෙක් දැයි මතය විමසිය නොහැකි බවද හිටපු අගවිනිසුරුවරයා අවධාරණය කරයි.

    අගවිනිසුරුවරයි මෙසේ පවසන්නේ මහින්ද රාජපක්ෂ මේ පිලිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා සිටින අවස්ථාවකදී ය.

    සති අන්ත පුවත් පතක් සමග කරන ලද හිටපු අගවිනිසුරුවරයාගේ ආන්දෝලනාත්මක සම්මුඛ සාකච්ඡාවේ වීඩියේ පටය මෙහි දැක්වේ.
    https://www.youtube.com/watch?v=e-YW78iWExE#t=1574
     

    Similar threads