නූතන සීතල යුද්ධයේ අවි
වසර හැත්තෑඑකකට පෙර පළමු සීතල යුද්ධය ඇරඹුණු අතර වසර විසිපහකට පෙර එය අවසන් විය.නමුත් රුසියාවේ ආක්‍රමණශීලී ප්‍රතිපත්තිය එරෙහිව යැයි කියමින් එක්සත් ජනපදය නේටෝ හමුදා සහ යුද ටැංකි නැගෙනහිර යුරෝපය තුල විශේෂයෙන්ම බෝල්ටික් රටවල ස්ථානගත කිරීමට කටයුතු කරමින් සිටියි.බර්ලීන් තාප්පය බිද දමා වසර 27කට පසුව යුරෝපය තුල මේ සිදුවෙමින් පවතින හමුදාමය සන්නද්ධ වීම තවත් සීතල යුද්ධයක ආරම්භයද?
සීතල යුද්ධයේදී ඇමෙරිකාව ප්රමුඛ නේටෝ හමුදා ,රුසියාව ප්රමුඛ වෝර්සෝ ගිවිසුමේ රටවලට එහිව පෙරමුණ ගත්හ.මේ නිසා වසර 45ක කාලයක් යුරෝපය කඳවුරු දෙකකට බෙදී පැවතිණි.මෙම බෙදී යාම ඔස්සේ ලෝකය න්‍යෂ්ඨික යුද්ධයක ගොදුරක් බවට පත්වීමේ අවදානම අවස්ථා කිහිපයකදීම මතුවිය.
සීතල යුද්ධයේ අවසානය ලෝක ඉතිහාසයේ සුවිශේෂී අවස්ථාවකි.එහි ප්‍රතිඵලය ඇමෙරිකා එක්සත් ජනපදය තනි ලෝක බලවතා බවට පත්වීමයි.ඉන්පසු නේටෝ සංවිධානය ප්‍රසාරණය වන්නට පටන් ගන්නේ කලින් වෝර්සෝ සංවිධානයට අයත් වූ රටවල් පමණක් නොව සෝවියට් දේශයේ කොටස් ලෙස පැවතුණු රටවල්ද ඊට එකතු කරගනිමින්ය.රුසියාවද ක්‍රමයෙන් ජ්රජාතන්ත්රවාදයට අවතීරණය විය.
සීතල යුද්ධය අවසන් වුවද එක්සත් ජනපදයේ ප්‍රතිවාදියා නැසී ගියේ නැත.රුසියාව තවමත් ලෝක බලවතෙක් බව පෙන්වා දුන්නේ විලැඩ්මීර් පුටීන් එරට ජනපතිවරයා බවට පත්වීමෙන් පසුවයි.වසර 2000 සිට 2008 දක්වා ධූර කාල දෙකක් ජනපති වූ ඔහු 2009-2012 කාලයේ අගමැති ලෙස කටයුතු කර තුන්වන වරත් ජනපති බවට පත්විය.ඔහුගේ මග පෙන්වීම යටතේ රුසියාව යළිත් වරක් යුදමය වශයෙන් සන්නද්ධ වීම ඇරඹිණි.1990 දශකයේ අවසන් භාගයේදී බටහිර බලවේග සමග එක්වූ ඉස්ලාමීය බෙදුම්වාදීන් චෙච්නියාව රුසියාවෙන් උදුරාගැනීමට උත්සාහ කලද පුටීන්ගේ පාලන කාලයේදී එම උත්සාහය පරාජය කරන ලදි.2008 වර්ෂයේදී රුසියානු හමුදා ජෝර්ජියාව ආක්‍රමණය කරන ලදි.2014දී ක්රිමියාව ඈදාගත් ඔවුන් යුක්රේනයේ බටහිර ප්‍රදේශයේ රුසියානු හිතවාදී බෙදුම්වාදීන්ට සහාය ලබාදීම ඇරඹීය.
මේවාට ප්‍රතිචාර ලෙස නේටෝව රුසියාව ආසන්න රටවල සිය හමුදා ශක්තිය තරකරන්නට පියවර ගනිමින් සිටියි.මෙය අලුත් සීතල යුද්ධය නම්, වසර 25කට පෙර අවසන් වූ සීතල යුද්ධයෙන් එය වෙනස් වන්නේ කෙසේද?පහත දැක්වෙන්නේ යුද තාක්ෂණය ගොඩබිම,මුහුද,ගුවන සහ අභ්‍යාවකාශයේ සටන් කිරීම සඳහා වෙනස්ව තිබෙන අයුරුය.
පළමු ලෝක යුද්ධයට අමුත්තෙක් වූ යුද ටැංකිය දෙවන ලෝක යුද්ධයේදී මාරාන්තික සටන්කරුවෙක් බවට පත්විය.සීතල යුද්ධයේ හමුදා සංවිධානය සහ ස්ථානගත කිරීම Fulda Gap නම් කපොල්ල ඔස්සේ එන සෝවියට් යුද ටැංකිවලට මුහුණදීමට හැකිවන සේ සැලසුම් කර තිබිණි.කපොල්ල පසුකල විට සෝවියට යුද ටැංකිවලට මුණ ගැසීමට තිබුණේ නේටෝ පාර්ශ්වයේ එම්1 ඒබ්‍රම්ස් යුද ටැංකි වලටය.එම්1 ඒබ්‍රම්ස් 1980දී හඳුන්වා දුන් එකකි.එහි වැඩි දියුණු කල සංස්කරණ තවමත් භාවිතා කරයි.
බ්රැඩ්ලි ප්‍රහාරක රථය සීතල යුද්ධයේ තවත් සාමාජිකයෙකි.මෙම සීතල යුද්ධ සාමාජිකයා සේවයට එක්වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද වෙනස් කිරීමවලින් පසුවයි.වසර 17ක් තිස්සේ තිස්සේ ඇ.ඩො.බිලියන 14ක් වියදම් කරමින් නිර්මාණය කල මෙම රථයේ පරිණාමය ගැන හාස්‍යජනකව විස්තර කෙරෙන අවස්ථාවක් Pentagon Wars නම් චිත්‍රපටයට ඇතුලත් කර තිබේ.සෙබලුන් ප්‍රවාහනය සඳහා මුලදී සැලසුම් කල මෙය පසුව වේගවත් ඔත්තු බැලීමක් සහ සැහැල්ලු ප්‍රහාරක රථයක් ලෙස යොදාගැනීමට වෙනස් කරන ලදි.සෝවියට් ආක්‍රමණයක් සිදුවූයේ නම් මෙම රථ ඒබ්‍රම්ස් යුද ටැංකි සමග කපොල්ල ඔස්සේ ඉදිරියට ගමන් කරන්නට ඉඩ තිබිණි.නමුත් ඉරාකය සහ ඇෆ්ගනිස්ථානයේදී භාවිතා කල රථ හෙවත් බිම්බෝම්බ ප්‍රතිරෝධී,රැකසිට කරන ප්‍රහාරවලට ඔරොත්තු දෙන MRAP රථ නිසා බ්රැඩ්ලි ප්‍රහාරක රථයේ හැකියාවන් ආවරණය විය.වෙඩි බලය අවම වුවද බ්‍රෑඩ්ලි රථවලට පැති බෝම්බ ඇතුලුව තර්ජනවලට මුහුණදී සෙබලුන්ගේ ජීවිත රැකදීමට පුලුවනි.
සීතල යුද්ධයේ අවසන් භාගයේදී හඳුන්වා දුන් ටී-80 යුද ටැංකිය ලේසර් තාක්ෂණයෙන් පරාසය සොයාගැනීමේ උපාංග සහ බැලිස්ටික්ස් පරිගණක ආදියෙන් සමන්විත විය.එහි තිබෙන ගෑස් ටර්බයින් එන්ජිම නිසා පැයට සැතපුම් 45ක ඉහල වේගයක් ලබාගත හැකිය.එහි ඉදිරිපස සන්නාහය නේටෝ සංවිධානය සතු යුද ටැංකි නාශක අවිවලට මුහුණ දියහැකි අයුරින් නිපදවා තිබිණි.
ටී-14 අමාටා යුද ටැංකිය යනු රුසියාව සතු නවතම සහ මාරාන්තිකම සන්නාහ සන්නද්ධ සටන්කරුවාය.2015 විජයග්‍රාහී පෙළපාලියේ අසාර්ථක ආරම්භයක් ගත් නමුත් දිගු දුර ප්‍රහාරක ප්‍රධාන අවිය සහ ශක්තිමත් ආරක්ෂක විධිවිධාන නිසා එය ජනප්‍රියත්වයක් දිනාගෙන තිබේ.රුසියානුවන් සඳහන් කරන පරිද්දෙන්ම එය ක්‍රියා කරයි නම් ටී-80 යුද ටැංකියට වඩා පැයට සැතපුම් 10ක වේගයක් අමාටා යුද ටැංකියට තිබේ.
ඇමෙරිකානු නිමිට්ස් පන්තියේ ගුවන් යානා ප්‍රවාහන නෞකා හඳුන්වා දුන්නේ 1975 වර්ෂයේදීය.සීතල යුද්ධය දුටු එම පන්තියේ අවසන් නෞකාව වන්නේ ඒබ්‍රහම් ලින්කන් නෞකාවයි.අබ්රාම්ස් යුද ටැංකිය සහ බ්රැඩ්ලි ප්‍රහාරක රථය මෙන්ම නිමිට්ස් නෞකාවත් සීතල යුද්ධය වෙනුවෙන් නිර්මාණය කරන ලද ඒවාය.ඊට ගුවන් යානා 60ක් ගෙන යා හැකිය.නිමිට්ස් පන්තියේ නෞකා තවමත් එක්සත් ජනපද නාවික හමුදාව භාවිතා කරයි.දෙවන ගල්ෆ් යුද්ධයේදී ඉරාක ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කිරීමට භාවිතා කල ගුවන් යානා දියත් කල එක් නෞකාවක් වූයේ ඒබ්‍රහම් ලින්කන් ය.මෙම නෞකාවේ සුපර් හෝර්නට් ප්‍රහාරක යානා ,ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික ප්රවුලර් යානා,ප්‍රති-සබ්මැරීන සී කිං හෙලිකොප්ටර් සහ තවත් ගුවන් යානා රැගෙන යයි.
නිමිට්ස් පන්තියේ ගුවන් යානා ප්‍රවාහන නෞකා තවමත් සේවයේ යොදවා තිබෙන අතර ගුවන් යානා දියත් කිරීමට විද්‍යුත්චුම්භක පද්ධතියක්ද සහිත නිර්මාණය කල නවතම ෆෝර්ඩ් පන්තියේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ඉදිරියේදී සේවයට එක්වීමට නියමිතය.සුම්වෝල්ට් යනු අධි තාක්ෂණික ප්‍රහාරක නෞකාවකි.අධිකාරියට පත් කිරීමට නියමිතව තිබෙන්නේ 2016 වර්ෂයේදීය.මෙය ස්ටෙල්ත් වර්ගයේ නෞකාවකි.පිටුපස කොටසේ හෙලිකොප්ටරයක් ගොඩබෑමට හැකි සේ සදා තිබේ.ගොඩබිම් ප්‍රහාරක,ගුවන් යානානාශක සංග්‍රාමික සහ නාවුක ප්‍රහාරක යන කාර්යයන් වෙනුවෙන් නිමවා තිබේ.
යේසන් පන්තියේ කේ-329 සවරොඩ්වින්ස්ක් සබ්මැරීනය රුසියාව සතු නූතන සබ්මැරීනයකි.න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක වන මෙය අනෙක් සබ්මැරීන,නෞකා සහ ගොඩබිම් ඉලක්ක දඩයම් කිරීම සඳහා සැලසුම් කල එකකි.1993 වර්ෂයේදී නිර්මාණ කටයුතු ආරම්භ කල මෙම සබ්මැරීනයේ පළමු මුහුදු ගමන 2011 වර්ෂයේදී සිදුකර තිබේ.න්‍යෂ්ඨික මිසයිල මෙන්ම නෞකා නාශක මිසයිල රැගෙන යන සවරොඩ්වින්ස්ක් සබ්මැරීනය රුසියානුවන් සතු භයානක අවියක් ලෙස හඳුන්වාදිය හැකිය.
මෙම නෞකා රුසියාව සතුව නොමැති වුවද ඔවුන් ඒවා ලබාගැනීමට ප්‍රංශයට මුදල් ගෙවා තිබිණි.නමුත් රුසියාව වෙනුවෙන් නිපදවූ නෞකා දෙක ඊජිප්තුවට විකුණා දමන ලදි.මෙය උභයචර ප්‍රහාරක නෞකාවකි.යුද ටැංකි,සන්නාහ සන්නද්ධ රථ සහ ප්‍රහාරක හෙලිකොප්ටර් මිස්ට්‍රල් පන්තියේ නෞකාවල රැගෙන යා හැකිය.රුසියාව විසින් ක්රිමියාව ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශයේ නිපදවූ මිස්ට්‍රල් නෞකා දෙක රුසියානුවන්ට සැපයීම කල්දමන ලදුව පසුව ඊජිප්තුවට විකුණන ලදි.
ඒ-10 තන්ඩර් බෝල්ට් 2 යානය එක්සත් ජනපද ගුවන් හමුදා ඉතිහාසයේ ගුවන් නියමුවන් වඩාත් ප්‍රියකල ප්‍රහාරක යානය කිව හොත් නිවැරදිය.1975 වර්ෂයේදී හඳුන්වා දුන් මෙම යානය යුද ටැංකි වනසන්නෙක් ලෙස හඳුන්වයි.තන්ඩර් බෝල්ට් යානයේ කැපී පෙනෙන අංගයක් වන්නේ නාසයේ සවිකර තිබෙන මැෂින් තුවක්කුවයි.සෝවියට් යුද ටැංකි වැනසීමට නිර්මාණය කල ඒ-10 තන්ඩර් බෝල්ට් 2 යානය ගල්ෆ් යුද්ධ සහ ඇෆ්ගන් ආක්‍රමණයේදී කැපී පෙනෙන සේවයක් එක්සත් ජනපදය වෙනුවෙන් ඉටුකරන ලදි.මේවන විට ඒ-10 යානය විශ්‍රාම යා යුතුබවට මතයක් ඇතිව තිබෙන මුත් කොංග්‍රසයේ සහාය නිසා එය තවමත් සේවයේ පවතියි.
සීතල යුද සමයේ පටන් මේ දක්වා එක්සත් ජනපදය ස්ටෙල්ත් හැකියාව සහිත යුද ගුවන් යානා කිහිපයක්ම සේවයේ යොදවා තිබේ.එෆ්-117 නයිට් හොක් යානය විශ්‍රාම යවා අවසානය.එෆ්-22 රැප්ටර් යානය තවමත් ගුවනේ ආධිපත්‍ය උසුලන්නේ වෙනත් රටක් සතුව ඊට අභියෝග කල හැකි ස්ටෙල්ත් ෆයිටර් යානා නොමැති නිසාය.දැනට එෆ්-22 යානා 187ක් ඇමෙරිකානු ගුවන් හමුදාව සතුව තිබේ.අනෙක් යානය වන්නේ වෙනස් මොඩල තුනක් සහිත එෆ්-35 යානයයි.සමහරුන්ට අනුව එෆ්-35 යනු බිලියන ගණනක් මුදල් කා දැමූ අසාර්ථක ව්‍යාපෘතියකි.එෆ්-35 යානා මොඩල තුනක් පිළිවෙලින් ගුවන් හමුදාව,මැරීන් හමුදාව සහ නාවික හමුදාව සඳහා නිපදවා තිබේ.විවිධ දුර්වලතා තිබුණද එෆ්-35 යානාවලින් ඒ-10 තන්ඩර් බෝල්ට් වැනි යානා විශ්‍රාම යැවීමට පාර කැපීමට පෙන්ටගනය සැලසුම් කර තිබේ.
සෝවියට් යුද ටැංකිවල විනාශකරුවා වූ ඇමෙරිකානු ඒ-10 යානයට පිළිතුරක් ලෙස නිර්මාණය කල සුකොයි-25 ෆ්රොග්ෆූට් යානය පාබල හමුදාවලට ආසන්න ප්‍රහාරක සහාය ලබාදීම,සතුරු යුද රථ දඩයම් කිරීම සහ සතුරු හමුදා වැනසීම සඳහා භාවිතා කලේය.පළමුවරට මේවා භාවිතා කලේ සෝවියට්-ඇෆ්ගන් යුද්ධයේදීය.මෙහි සංස්කරණය කල මොඩල තවමත් විවිධ රටවල් විසින් භාවිතා කරයි.
ස්ටෙල්ත් හැකියාවක් නොමැතිවුවද සුකොයි-35 යානය රුසියාව සතු මාරාන්තිකම ෆයිටර් වර්ගයේ ගුවන් යානයයි.එය සුකොයි-27 පරම්පරාවෙන් පැවතගෙන එයි.ගුවන් සටන් සඳහා විශේෂයෙන් නිර්මාණය කල මෙම යානය වේගවත් මෙන්ම බලසම්පන්න සංවේදක උපාංගවලින් සමන්විතය.
ජාත්‍යන්තර නීතියට අනුව අභ්‍යාවකාශයේ අවි රැදවීම තහනම්ය.එක්සත් ජනපදය සහ රුසියාව බාහිර අභ්‍යාවකාශ ගිවිසුම(1967) අත්සන් කිරීම ඔස්සේ ඊට පාර කැපුණි.මෙම ගිවිසුමට අනුව අභ්‍යාවකාශයේ න්‍යෂ්ඨික අවි හෝ වෙනත් මහත් විනාශකාරී අවි රැදවීම සහ සඳේ හෝ වෙනත් වස්තුවක බලකොටු ඉදිකිරීම,ඒවාහි හමුදාමය කටයුතු සිදුකිරීම තහනම්ය.නමුත් එවැනි දේ සිතීම හෝ රහසේ එවැන්නක් සඳහා උත්සාහ කිරීම නැවැත්වීම කල නොහැක්කක් විය.1983 වර්ෂයේදී ඇමෙරිකානු ජනපති රොනල්ඩ් රේගන්ගේ අවශ්‍යතාවය මත එක්සත් ජනපදයට එල්ල විය හැකි න්‍යෂ්ඨික ප්‍රහාරයකින් ආරක්ෂා වීම සඳහා අභ්‍යාවකාශයේ අවි රැදවීම ගැන සොයා බැලීමට වැඩසටහනක් ඇරඹිණි.එය තාරකා යුද්ධය(Star war) නමින් ප්‍රසිද්ධියට පත්විය.නමුත් එය සාර්ථක නොවීය.
එක්සත් ජනපද ගුවන් හමුදාව ගුවන ආරක්ෂා කරන්නාක් මෙන්ම ඔවුන් අභ්යාවකාශයටද අයිතිවාසිකම් කියයි.ගුවන් හමුදා චන්ද්‍රිකා ලෝකය වටා භ්‍රමණය වෙමින් රජයට බුද්ධි තොරතුරු සේම සාමාන්‍ය ජනතාවට කාළගුණික සහ ගෝලීය පිහිටුම සම්බන්ධ තොරතුර් සපයයි.ඇමෙරිකානු ගුවන් හමුදාවේ එක්ස්-37බී යනු රහසිගත අභ්‍යාවකාශ රොබෝවකි.මෙම මිනිසුන් රහිත ෂටලය අභ්‍යාවකාශ ගත කල සැබෑ හේතුව රහසිගතය.එහි මෙහෙයුම් රැසක් අප්රකටව පවතියි.එය අභ්‍යාවකාශ අවියක් ගෙන ගියේද යන්න පිළිබදව තොරතුරු අප්‍රකටය.
1974 ජූනි 25 වෙනිදා සෝවියට් දේශය විසින් සැලියුට් නම් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ගුවන් ගත කරන ලදි.එහි තිබූ විශේෂත්වය වූයේ Rikhter R-23 නම් මැෂින් තුවක්කුවක් රඳවා තිබීමයි.එම මධ්‍යස්ථානයේ අවියක් ගෙන ගිය බවට කටකතා පැතිර ගිය අතර රුසියානු මූලාශ්‍රවලින් එය සත්‍යයක් බව හෙළිවිය.සැලියුට් 3 ඔත්තු බැලීමේ හමුදා මධ්‍යස්ථානය සතුව මි.මී.30 අවියක් තිබෙන බවත් එය අභ්‍යාවකාශයේදී ඇමෙරිකානු අභ්‍යාවකාශ අවියකින් එල්ලවන තර්ජනයට අභියෝගයක් ලෙස භාවිතා කරන බවත් සඳහන් විය.
මෙය 2014 මැයි 23දා රුසියාව විසින් දියත් කලා යැයි සැලකෙන අප්රකාශිත හමුදාමය චන්ද්‍රිකාවක් යැයි සලකනු ලැබේ.එය හමුවූ මුල් කාලයේදී සිතා සිටියේ අභ්‍යාවකාශ සුන්බුන් කැබැල්ලක් කියා නමුදු පසුකාලීනව ඕනෑකමින් විමසා බලද්දී හෙළිව තිබෙන්නේ රුසියානුවන්ගේ අත්හදා බැලීමේ යානයක් බවයි.සමහරුන්ට අනුව එය චන්ද්‍රිකා නාශක අවියකි.රුසියාව යම් දෙයකට සූදානම් වෙමින් සිටින බව ඔවුන්ගේ මතයයි.නමුත් රුසියානු මූලාශ්‍රයකට අනුව එය ප්ලාස්මා ප්රචාලන එන්ජිමක් අත්හදා බැලීමට යැවූ යානයකි.එය අභ්‍යාවකාශ අවියක් නම් සීතල යුද්ධය නැවත එන බවට සංඥාවකි.
Source
opsci.com
-HarshaLulzSec-

නේටෝ සංවිධානයේ සාමාජිකයෝ(නිල් පැහැයෙන්)

බර්ලින් තාප්පය බිඳ දැමීම
සීතල යුද්ධය අවසන් වුවද එක්සත් ජනපදයේ ප්‍රතිවාදියා නැසී ගියේ නැත.රුසියාව තවමත් ලෝක බලවතෙක් බව පෙන්වා දුන්නේ විලැඩ්මීර් පුටීන් එරට ජනපතිවරයා බවට පත්වීමෙන් පසුවයි.වසර 2000 සිට 2008 දක්වා ධූර කාල දෙකක් ජනපති වූ ඔහු 2009-2012 කාලයේ අගමැති ලෙස කටයුතු කර තුන්වන වරත් ජනපති බවට පත්විය.ඔහුගේ මග පෙන්වීම යටතේ රුසියාව යළිත් වරක් යුදමය වශයෙන් සන්නද්ධ වීම ඇරඹිණි.1990 දශකයේ අවසන් භාගයේදී බටහිර බලවේග සමග එක්වූ ඉස්ලාමීය බෙදුම්වාදීන් චෙච්නියාව රුසියාවෙන් උදුරාගැනීමට උත්සාහ කලද පුටීන්ගේ පාලන කාලයේදී එම උත්සාහය පරාජය කරන ලදි.2008 වර්ෂයේදී රුසියානු හමුදා ජෝර්ජියාව ආක්‍රමණය කරන ලදි.2014දී ක්රිමියාව ඈදාගත් ඔවුන් යුක්රේනයේ බටහිර ප්‍රදේශයේ රුසියානු හිතවාදී බෙදුම්වාදීන්ට සහාය ලබාදීම ඇරඹීය.
නේටෝ හමුදා රථ පෙළක් ලැට්වියාවේ
ඇමෙරිකානු සෙබලුන් පෝලන්තයේ
මේවාට ප්‍රතිචාර ලෙස නේටෝව රුසියාව ආසන්න රටවල සිය හමුදා ශක්තිය තරකරන්නට පියවර ගනිමින් සිටියි.මෙය අලුත් සීතල යුද්ධය නම්, වසර 25කට පෙර අවසන් වූ සීතල යුද්ධයෙන් එය වෙනස් වන්නේ කෙසේද?පහත දැක්වෙන්නේ යුද තාක්ෂණය ගොඩබිම,මුහුද,ගුවන සහ අභ්‍යාවකාශයේ සටන් කිරීම සඳහා වෙනස්ව තිබෙන අයුරුය.
එක්සත් ජනපදය - එදා: එම්1 ඒබ්‍රම්ස් යුද ටැංකිය
පළමු ලෝක යුද්ධයට අමුත්තෙක් වූ යුද ටැංකිය දෙවන ලෝක යුද්ධයේදී මාරාන්තික සටන්කරුවෙක් බවට පත්විය.සීතල යුද්ධයේ හමුදා සංවිධානය සහ ස්ථානගත කිරීම Fulda Gap නම් කපොල්ල ඔස්සේ එන සෝවියට් යුද ටැංකිවලට මුහුණදීමට හැකිවන සේ සැලසුම් කර තිබිණි.කපොල්ල පසුකල විට සෝවියට යුද ටැංකිවලට මුණ ගැසීමට තිබුණේ නේටෝ පාර්ශ්වයේ එම්1 ඒබ්‍රම්ස් යුද ටැංකි වලටය.එම්1 ඒබ්‍රම්ස් 1980දී හඳුන්වා දුන් එකකි.එහි වැඩි දියුණු කල සංස්කරණ තවමත් භාවිතා කරයි.
එක්සත් ජනපදය - අද:බ්රැඩ්ලි ප්‍රහාරක රථය
බ්රැඩ්ලි ප්‍රහාරක රථය සීතල යුද්ධයේ තවත් සාමාජිකයෙකි.මෙම සීතල යුද්ධ සාමාජිකයා සේවයට එක්වන්නේ දීර්ඝ කාලයක් තිස්සේ සිදුකරන ලද වෙනස් කිරීමවලින් පසුවයි.වසර 17ක් තිස්සේ තිස්සේ ඇ.ඩො.බිලියන 14ක් වියදම් කරමින් නිර්මාණය කල මෙම රථයේ පරිණාමය ගැන හාස්‍යජනකව විස්තර කෙරෙන අවස්ථාවක් Pentagon Wars නම් චිත්‍රපටයට ඇතුලත් කර තිබේ.සෙබලුන් ප්‍රවාහනය සඳහා මුලදී සැලසුම් කල මෙය පසුව වේගවත් ඔත්තු බැලීමක් සහ සැහැල්ලු ප්‍රහාරක රථයක් ලෙස යොදාගැනීමට වෙනස් කරන ලදි.සෝවියට් ආක්‍රමණයක් සිදුවූයේ නම් මෙම රථ ඒබ්‍රම්ස් යුද ටැංකි සමග කපොල්ල ඔස්සේ ඉදිරියට ගමන් කරන්නට ඉඩ තිබිණි.නමුත් ඉරාකය සහ ඇෆ්ගනිස්ථානයේදී භාවිතා කල රථ හෙවත් බිම්බෝම්බ ප්‍රතිරෝධී,රැකසිට කරන ප්‍රහාරවලට ඔරොත්තු දෙන MRAP රථ නිසා බ්රැඩ්ලි ප්‍රහාරක රථයේ හැකියාවන් ආවරණය විය.වෙඩි බලය අවම වුවද බ්‍රෑඩ්ලි රථවලට පැති බෝම්බ ඇතුලුව තර්ජනවලට මුහුණදී සෙබලුන්ගේ ජීවිත රැකදීමට පුලුවනි.
රුසියාව - එදා:සෝවියට් ටී-80
සීතල යුද්ධයේ අවසන් භාගයේදී හඳුන්වා දුන් ටී-80 යුද ටැංකිය ලේසර් තාක්ෂණයෙන් පරාසය සොයාගැනීමේ උපාංග සහ බැලිස්ටික්ස් පරිගණක ආදියෙන් සමන්විත විය.එහි තිබෙන ගෑස් ටර්බයින් එන්ජිම නිසා පැයට සැතපුම් 45ක ඉහල වේගයක් ලබාගත හැකිය.එහි ඉදිරිපස සන්නාහය නේටෝ සංවිධානය සතු යුද ටැංකි නාශක අවිවලට මුහුණ දියහැකි අයුරින් නිපදවා තිබිණි.
රුසියාව - අද:අමාටා යුද ටැංකිය
ටී-14 අමාටා යුද ටැංකිය යනු රුසියාව සතු නවතම සහ මාරාන්තිකම සන්නාහ සන්නද්ධ සටන්කරුවාය.2015 විජයග්‍රාහී පෙළපාලියේ අසාර්ථක ආරම්භයක් ගත් නමුත් දිගු දුර ප්‍රහාරක ප්‍රධාන අවිය සහ ශක්තිමත් ආරක්ෂක විධිවිධාන නිසා එය ජනප්‍රියත්වයක් දිනාගෙන තිබේ.රුසියානුවන් සඳහන් කරන පරිද්දෙන්ම එය ක්‍රියා කරයි නම් ටී-80 යුද ටැංකියට වඩා පැයට සැතපුම් 10ක වේගයක් අමාටා යුද ටැංකියට තිබේ.
එක්සත් ජනපදය - එදා: යූ එස් එස් ලින්කන් ගුවන් යානා ප්‍රවාහන නෞකාව
ඇමෙරිකානු නිමිට්ස් පන්තියේ ගුවන් යානා ප්‍රවාහන නෞකා හඳුන්වා දුන්නේ 1975 වර්ෂයේදීය.සීතල යුද්ධය දුටු එම පන්තියේ අවසන් නෞකාව වන්නේ ඒබ්‍රහම් ලින්කන් නෞකාවයි.අබ්රාම්ස් යුද ටැංකිය සහ බ්රැඩ්ලි ප්‍රහාරක රථය මෙන්ම නිමිට්ස් නෞකාවත් සීතල යුද්ධය වෙනුවෙන් නිර්මාණය කරන ලද ඒවාය.ඊට ගුවන් යානා 60ක් ගෙන යා හැකිය.නිමිට්ස් පන්තියේ නෞකා තවමත් එක්සත් ජනපද නාවික හමුදාව භාවිතා කරයි.දෙවන ගල්ෆ් යුද්ධයේදී ඉරාක ඉලක්ක වෙත ගුවන් ප්‍රහාර දියත් කිරීමට භාවිතා කල ගුවන් යානා දියත් කල එක් නෞකාවක් වූයේ ඒබ්‍රහම් ලින්කන් ය.මෙම නෞකාවේ සුපර් හෝර්නට් ප්‍රහාරක යානා ,ඉලෙක්ට්‍රොනික සංග්‍රාමික ප්රවුලර් යානා,ප්‍රති-සබ්මැරීන සී කිං හෙලිකොප්ටර් සහ තවත් ගුවන් යානා රැගෙන යයි.
එක්සත් ජනපදය - අද: සුම්වෝල්ට් ප්‍රහාරක නෞකාව
නිමිට්ස් පන්තියේ ගුවන් යානා ප්‍රවාහන නෞකා තවමත් සේවයේ යොදවා තිබෙන අතර ගුවන් යානා දියත් කිරීමට විද්‍යුත්චුම්භක පද්ධතියක්ද සහිත නිර්මාණය කල නවතම ෆෝර්ඩ් පන්තියේ ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ඉදිරියේදී සේවයට එක්වීමට නියමිතය.සුම්වෝල්ට් යනු අධි තාක්ෂණික ප්‍රහාරක නෞකාවකි.අධිකාරියට පත් කිරීමට නියමිතව තිබෙන්නේ 2016 වර්ෂයේදීය.මෙය ස්ටෙල්ත් වර්ගයේ නෞකාවකි.පිටුපස කොටසේ හෙලිකොප්ටරයක් ගොඩබෑමට හැකි සේ සදා තිබේ.ගොඩබිම් ප්‍රහාරක,ගුවන් යානානාශක සංග්‍රාමික සහ නාවුක ප්‍රහාරක යන කාර්යයන් වෙනුවෙන් නිමවා තිබේ.
රුසියාව - එදා: සවරොඩ්වින්ස්ක් සබ්මැරීනය
යේසන් පන්තියේ කේ-329 සවරොඩ්වින්ස්ක් සබ්මැරීනය රුසියාව සතු නූතන සබ්මැරීනයකි.න්‍යෂ්ඨික බලයෙන් ක්‍රියාත්මක වන මෙය අනෙක් සබ්මැරීන,නෞකා සහ ගොඩබිම් ඉලක්ක දඩයම් කිරීම සඳහා සැලසුම් කල එකකි.1993 වර්ෂයේදී නිර්මාණ කටයුතු ආරම්භ කල මෙම සබ්මැරීනයේ පළමු මුහුදු ගමන 2011 වර්ෂයේදී සිදුකර තිබේ.න්‍යෂ්ඨික මිසයිල මෙන්ම නෞකා නාශක මිසයිල රැගෙන යන සවරොඩ්වින්ස්ක් සබ්මැරීනය රුසියානුවන් සතු භයානක අවියක් ලෙස හඳුන්වාදිය හැකිය.
රුසියාව - අද: මිස්ට්‍රල් නෞකාව
මෙම නෞකා රුසියාව සතුව නොමැති වුවද ඔවුන් ඒවා ලබාගැනීමට ප්‍රංශයට මුදල් ගෙවා තිබිණි.නමුත් රුසියාව වෙනුවෙන් නිපදවූ නෞකා දෙක ඊජිප්තුවට විකුණා දමන ලදි.මෙය උභයචර ප්‍රහාරක නෞකාවකි.යුද ටැංකි,සන්නාහ සන්නද්ධ රථ සහ ප්‍රහාරක හෙලිකොප්ටර් මිස්ට්‍රල් පන්තියේ නෞකාවල රැගෙන යා හැකිය.රුසියාව විසින් ක්රිමියාව ආක්‍රමණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ප්‍රංශයේ නිපදවූ මිස්ට්‍රල් නෞකා දෙක රුසියානුවන්ට සැපයීම කල්දමන ලදුව පසුව ඊජිප්තුවට විකුණන ලදි.
එක්සත් ජනපදය - එදා: ඒ-10 ප්‍රහාරක ගුවන් යානය
ඒ-10 තන්ඩර් බෝල්ට් 2 යානය එක්සත් ජනපද ගුවන් හමුදා ඉතිහාසයේ ගුවන් නියමුවන් වඩාත් ප්‍රියකල ප්‍රහාරක යානය කිව හොත් නිවැරදිය.1975 වර්ෂයේදී හඳුන්වා දුන් මෙම යානය යුද ටැංකි වනසන්නෙක් ලෙස හඳුන්වයි.තන්ඩර් බෝල්ට් යානයේ කැපී පෙනෙන අංගයක් වන්නේ නාසයේ සවිකර තිබෙන මැෂින් තුවක්කුවයි.සෝවියට් යුද ටැංකි වැනසීමට නිර්මාණය කල ඒ-10 තන්ඩර් බෝල්ට් 2 යානය ගල්ෆ් යුද්ධ සහ ඇෆ්ගන් ආක්‍රමණයේදී කැපී පෙනෙන සේවයක් එක්සත් ජනපදය වෙනුවෙන් ඉටුකරන ලදි.මේවන විට ඒ-10 යානය විශ්‍රාම යා යුතුබවට මතයක් ඇතිව තිබෙන මුත් කොංග්‍රසයේ සහාය නිසා එය තවමත් සේවයේ පවතියි.
එක්සත් ජනපදය - එදා: එෆ්-35 ප්‍රහාරක යානය
සීතල යුද සමයේ පටන් මේ දක්වා එක්සත් ජනපදය ස්ටෙල්ත් හැකියාව සහිත යුද ගුවන් යානා කිහිපයක්ම සේවයේ යොදවා තිබේ.එෆ්-117 නයිට් හොක් යානය විශ්‍රාම යවා අවසානය.එෆ්-22 රැප්ටර් යානය තවමත් ගුවනේ ආධිපත්‍ය උසුලන්නේ වෙනත් රටක් සතුව ඊට අභියෝග කල හැකි ස්ටෙල්ත් ෆයිටර් යානා නොමැති නිසාය.දැනට එෆ්-22 යානා 187ක් ඇමෙරිකානු ගුවන් හමුදාව සතුව තිබේ.අනෙක් යානය වන්නේ වෙනස් මොඩල තුනක් සහිත එෆ්-35 යානයයි.සමහරුන්ට අනුව එෆ්-35 යනු බිලියන ගණනක් මුදල් කා දැමූ අසාර්ථක ව්‍යාපෘතියකි.එෆ්-35 යානා මොඩල තුනක් පිළිවෙලින් ගුවන් හමුදාව,මැරීන් හමුදාව සහ නාවික හමුදාව සඳහා නිපදවා තිබේ.විවිධ දුර්වලතා තිබුණද එෆ්-35 යානාවලින් ඒ-10 තන්ඩර් බෝල්ට් වැනි යානා විශ්‍රාම යැවීමට පාර කැපීමට පෙන්ටගනය සැලසුම් කර තිබේ.
රුසියාව - එදා: සුකොයි-25 ෆ්රොග්ෆූට්
සෝවියට් යුද ටැංකිවල විනාශකරුවා වූ ඇමෙරිකානු ඒ-10 යානයට පිළිතුරක් ලෙස නිර්මාණය කල සුකොයි-25 ෆ්රොග්ෆූට් යානය පාබල හමුදාවලට ආසන්න ප්‍රහාරක සහාය ලබාදීම,සතුරු යුද රථ දඩයම් කිරීම සහ සතුරු හමුදා වැනසීම සඳහා භාවිතා කලේය.පළමුවරට මේවා භාවිතා කලේ සෝවියට්-ඇෆ්ගන් යුද්ධයේදීය.මෙහි සංස්කරණය කල මොඩල තවමත් විවිධ රටවල් විසින් භාවිතා කරයි.
රුසියාව - අද: සුකොයි-35
ස්ටෙල්ත් හැකියාවක් නොමැතිවුවද සුකොයි-35 යානය රුසියාව සතු මාරාන්තිකම ෆයිටර් වර්ගයේ ගුවන් යානයයි.එය සුකොයි-27 පරම්පරාවෙන් පැවතගෙන එයි.ගුවන් සටන් සඳහා විශේෂයෙන් නිර්මාණය කල මෙම යානය වේගවත් මෙන්ම බලසම්පන්න සංවේදක උපාංගවලින් සමන්විතය.
උපායමාර්ගික ආරක්ෂක මුල පිරීම හෙවත් තාරකා යුද්ධය
ජාත්‍යන්තර නීතියට අනුව අභ්‍යාවකාශයේ අවි රැදවීම තහනම්ය.එක්සත් ජනපදය සහ රුසියාව බාහිර අභ්‍යාවකාශ ගිවිසුම(1967) අත්සන් කිරීම ඔස්සේ ඊට පාර කැපුණි.මෙම ගිවිසුමට අනුව අභ්‍යාවකාශයේ න්‍යෂ්ඨික අවි හෝ වෙනත් මහත් විනාශකාරී අවි රැදවීම සහ සඳේ හෝ වෙනත් වස්තුවක බලකොටු ඉදිකිරීම,ඒවාහි හමුදාමය කටයුතු සිදුකිරීම තහනම්ය.නමුත් එවැනි දේ සිතීම හෝ රහසේ එවැන්නක් සඳහා උත්සාහ කිරීම නැවැත්වීම කල නොහැක්කක් විය.1983 වර්ෂයේදී ඇමෙරිකානු ජනපති රොනල්ඩ් රේගන්ගේ අවශ්‍යතාවය මත එක්සත් ජනපදයට එල්ල විය හැකි න්‍යෂ්ඨික ප්‍රහාරයකින් ආරක්ෂා වීම සඳහා අභ්‍යාවකාශයේ අවි රැදවීම ගැන සොයා බැලීමට වැඩසටහනක් ඇරඹිණි.එය තාරකා යුද්ධය(Star war) නමින් ප්‍රසිද්ධියට පත්විය.නමුත් එය සාර්ථක නොවීය.
එක්සත් ජනපදය - අද: එක්ස්-37බී ෂටලය
එක්සත් ජනපද ගුවන් හමුදාව ගුවන ආරක්ෂා කරන්නාක් මෙන්ම ඔවුන් අභ්යාවකාශයටද අයිතිවාසිකම් කියයි.ගුවන් හමුදා චන්ද්‍රිකා ලෝකය වටා භ්‍රමණය වෙමින් රජයට බුද්ධි තොරතුරු සේම සාමාන්‍ය ජනතාවට කාළගුණික සහ ගෝලීය පිහිටුම සම්බන්ධ තොරතුර් සපයයි.ඇමෙරිකානු ගුවන් හමුදාවේ එක්ස්-37බී යනු රහසිගත අභ්‍යාවකාශ රොබෝවකි.මෙම මිනිසුන් රහිත ෂටලය අභ්‍යාවකාශ ගත කල සැබෑ හේතුව රහසිගතය.එහි මෙහෙයුම් රැසක් අප්රකටව පවතියි.එය අභ්‍යාවකාශ අවියක් ගෙන ගියේද යන්න පිළිබදව තොරතුරු අප්‍රකටය.
රුසියාව - එදා:සැලියුට් 3 අභ්‍යාවකාශ මධ්‍යස්ථානය
1974 ජූනි 25 වෙනිදා සෝවියට් දේශය විසින් සැලියුට් නම් අභ්‍යාවකාශ මධ්‍යස්ථානය ගුවන් ගත කරන ලදි.එහි තිබූ විශේෂත්වය වූයේ Rikhter R-23 නම් මැෂින් තුවක්කුවක් රඳවා තිබීමයි.එම මධ්‍යස්ථානයේ අවියක් ගෙන ගිය බවට කටකතා පැතිර ගිය අතර රුසියානු මූලාශ්‍රවලින් එය සත්‍යයක් බව හෙළිවිය.සැලියුට් 3 ඔත්තු බැලීමේ හමුදා මධ්‍යස්ථානය සතුව මි.මී.30 අවියක් තිබෙන බවත් එය අභ්‍යාවකාශයේදී ඇමෙරිකානු අභ්‍යාවකාශ අවියකින් එල්ලවන තර්ජනයට අභියෝගයක් ලෙස භාවිතා කරන බවත් සඳහන් විය.
රුසියාව - අද: ඔබ්ජෙක්ට් 2014-28ඊ,සෝවියට් ප්‍රති-චන්ද්‍රිකා අවිය