අති පූජ්‍ය ගංගොඩවිල සෝම හමුදුරුවන් වහන්සේගේ අපවත් වීම අසා දැනුන කම්පනය කොපමණද කියා කිව නොහැකි තරම්ය. ඉන් පසු නැවත හද කකියවන සුළු පුවත මාදුළුවාවේ සොබිත නායක හාමුදුරුවන්ගේ අපවත් වීමද දරාගත නොහැකි තරම්ය. මේ රටේ ඕන තරම් හාමුදුරුවන් වහන්සේලා වැඩ සිටිති. බන දහම් දේශනා කරති. මිනිසුන් සුමගට ගැනීමට අපමණ උත්සහ කරති. නමුත් මේ රටේ සමස්ත ප්‍රජාව වෙනුවෙන් මේ රට කාබාසිනියා කරන දේශාපාලුවන්ට කොන්ද කෙලින් තියාගෙන බය නැතිව වැරැද්ද නිවැරැද්ද පෙන්නා දෙන්න පුළුවන් මේ රටට සැබැ ලෙස ආදරය කරන හමුදුරුවන් වහන්සේලා ගනන ඉතා සීමිත ගණනකි.
පෙර මෙන්ම වර්තමාන රජයන්ගේ ක්‍රියාකාරකම් පිලිබදව දැඩි ලෙස කම්පාවෙන් සිටි බවත් ඒ නිසාම රෝගාතුරවූ බවත් කියවේ. මේ රජය බලයට ගෙන ඒමට කැප වුන ඔබ වහන්සේ ඇතූලූ සමස්ත ජනතාවම දුෂිතයන් හා පරාජිතයන් පාර්ලිමේන්තුවට යැම හා ඇමතිකම් ගැනීම පිළිබද ඇති වුන කලකිරීම දරාගත නොහැකි තරම්ය. නමුත් එය එසේ සිදු විය. ඔබ වහන්සේ අප සැවොම හැර ගොස්ය. ඔබ වහන්සේ මෙන්ම සිංහ නාද කරන ඇති පුජ්‍ය ඕමල්පේ සොබිත හිමි , අතුරැලියේ රතන හිමි ඇතුලු අනෙකුත් ස්වාමීන්වහන්සේලට ඔබ වහන්සේගේ ආශීර්වාදය තව දුරටත් ලැබේවා. දේශපාලුවන්ගේ ඇස් ඇරේවා.
ඔබ වහන්සේට නිවන් සුව අත්වේවා .......