මෙය නෙදර්ලන්තය අතින් සිදුවූ ඓතිහාසික වරදක් නිවැරදි කිරීමක් ලෙස සැලකෙයි... Utrecht නගරයෙහි ඇති පැරණි නගරය වට කර තිබුණු ඇළ ගොඩකර කොන්ක්‍රීට් කිරීමෙන් පසු එහි මංතීරු 12 කින් යුත් අධිවේගී මාර්ගයක් ඉදිකරනු ලැබුයේ මීට වසර 40 කට වැඩි කාලයකට පෙරදීය... පසුව එම තීරණය වැරදියි කියා සිතූ ඔවුන්, එම පුරාණ ලන්දේසි නගරයේ තිබූ වසර 900 ක් පැරණි ඇළ නැවත තිබූ ආකාරයටම ප්‍රතිසංස්කරණය කිරීමට කටයුතු කර තිබුණි...
වසර 1122 දී සිදුවූ මෙම නගරයේ උපතේ සිට තිබුණු මෙම ඇළ නොහොත් Stadsbuitengracht නැවත ප්‍රතිසංස්කරණය කිරීම සඳහා පළමු සැළසුම් සකස් කර තිබුණේ 1990 ගණන්වලය...
පසුව මෙම නගර වැසියන් වසර 2002 දී තිබුණු ජනමත විචාරණයකදී නගර මධ්‍යයේ මෙම ඇළ නැවත ප්‍රතිසංස්කරණය සඳහා ඡන්දය ප්‍රකාශ කළහ... ඉන්පසු අධිවේගී මාර්ගය වෙනුවට නැවතත් පැරණි ඇළ මාර්ගය නගරයේ ප්‍රතිස්ථාපනය කරන ලදී...
අපි නම් සංවර්ධනය කියලා හිතන්නේ මේකේ අනෙක් පැත්ත උනාට ඔවුන්ගේ අතින් අවුරුදු 40කට පමණ පෙර සිදුවුණු මේ වැරැද්ද දැන් නිවැරදි වීම නිසා Utrecht හි අභ්‍යන්තර නගරය වාහන වළින් පිටවන ඇස්ෆල්ට් සහ දුම්වලට වඩා ජලයෙන් සහ හරිත පරිසරයකින් වට වී සුන්දරවී ඇත.