මුළු ලෝකයේම ප්‍රසිද්ධියට පත්වෙමින් සෙංකඩගල පුරවරයේ දළදා සමිඳුන්ගේ පහස ලබමින් කොළඹ සිට මහනුවර පිලිමතලාව මාර්ගයේ මුරුතලාව, කොබ්බෑකඩුව පසුකරමින් ගොස් කිලෝමීටර් 2ක් පමණ ඉහළට නැග යනවිට නෙල්ලිගල ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හමු වේ. කන්ද නගිනා අතර පරිසරයෙන් මැවෙනුයේ වචනයේ පරිසමාප්තියෙන්ම සිත් සතන් පහන් කරනා දර්ශනයකි. සීගිරි පර්වතය පමණක් නොව සමනොළ ගිරි මුදුනද තවත් කදු පන්තීන් කිහිපයක්ද වටේට පිහිටා ඇති අතර දහවල් කාලයේ පවා මීදුම ගලනා අයුරු ඉතාමත් චමත්කාරජනකය.
මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘත්වය හිමිවන්නේ
වතුර බුබුලේ ධම්මරතන හිමියන්ටය. නිතරම සිනහ පිරි මුවෙන් යුතු උන් වහන්සේ තවමත් ලාබාල වියේ පසුවුවද අක්කර සිය ගණනක් සංරක්ෂණය කරමින් එළි පෙහෙළි කොට බුදුසසුනේ මතු දියුණුව අරඹයා මෙම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ඇරඹීම විශ්මය ජනකය. කදු මුදුනේ අලංකාර චෛත්‍යයක් සාදවා එය ශ්‍රී ශාක්‍යසිංහ මහ සෑය නමින් බොදු සැදැහැවතුන්ට වන්දනාමාන කිරීමට ඉඩ සලසා දී ඇත.
View attachment 76569
View attachment 76570
View attachment 76571
ගිහින් තියෙන උන් ඉන්නවානම් කොටා ගෙන පලයල්ලා